Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
බඹරුනි, "සුමිහිරි පානේ" නීතිගත කරමු ද?
බූන්දි, 17:32:01
අවසානයේදී හරිම තැනට පැමිණ ඇත. දේශීය අනන්‍යතාවක් සහිත සැබැවින්ම ශ්‍රී ලාංකික යැයි කටපුරා කිවහැකි නිෂ්පාදනයක් ලංකාවෙන් ලෝකයට ඉදිරිපත් කිරීමට අදහසක් පාර්ලිමෙන්තුවෙන් මතුව තිබේ. අදහසේ පේටන්ට් අයිතිය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇමතිවරයාට හිමිවුවද ඒ අදහස නැවත වරක් පාර්ලිමෙන්තුව තුළට ගෙන ඒමට ආචාර්ය සරත් අමු‍ණුගම පසුගිය දා කටයුතු කර ඇත. ඒ දුප්පත් ශ්‍රී ලාංකික පිරිමින්ගේ සුමිහිරි පානය වූ වූ "කසිප්පු" නීතිගත කිරීමේ අදහසයි.

කුමන කෝණයෙන් බැලුවද මෙම තීරණය වාසි සහගතය. එය කදිනම් ආයෝජනයකි‍. එක් පසෙකින් එය ලාංකික යැයි කිවහැකි දේශීය නිෂ්පාදනයක වර්ධනය සදහා ලබාදෙන කදිම ආයෝජනයකි. අනෙක් පැත්තෙන් මිනිසුන් තිතට මත් කර තැබීම මගින් ආණ්ඩුවට එහෙන් මෙහෙන් නැග එන විරෝධතා මඳක් හෝ සමනය කරගත හැක. අවුරුදු තිහක් ගොඩනැගුණු ත්‍රස්තවාදයට වඩා ඉදිරි අවුරුද්ද තුළ මතුවිය හැකි ත්‍රස්තවාදය ගැන බියට පත්ව සිටින ආණ්ඩුවේ (2009 වසරේ සිට ක්‍රම ක්‍රමයෙන් ආරක්ෂක ආමාත්‍යංශ වැය ප්‍රමාණය ඉහළ දමා ඇති අතර මේ වසරේදී 7% කින් ඉහළ නංවා ඇත!) සිහියෙන් සිටින මිනිසුන්‍ට වඩා මත්ව සිටින මිනිසුන්ගෙන් සිදුවිය හැකි සංවිධානාත්මක ප්‍රතික්‍රියාවල අඩුවීම ගැන සහනයකට පත්විය හැකිය.

ලංකාව රටක් ලෙස පරිභෝජනයට සාපේක්ෂව නිෂ්පාදනයෙහි නිරත නොවන රටකි. මහ බැංකුවට අනුව ලංකාව ආසන්න වශයෙන් පිටරට යවන භාණ්ඩ මෙන් දෙගුණයක් පිටරටින් මෙරටට ගෙන එයි. එය පසුගිය දශකය තුළ පමණක් තුන්ගුණයකින් පමණ වැඩිවී ඇත. මෙම පරතරය පියවා දෙනුයේ පිටරටවලට ගොස් වහල් සේවයේ නිරත වන පිරිස්ය. (මැදපෙරදිග හා මෑතක සිට දකුණු‍ කොරියාවේ‍ සේවයේ නියුතු පිරිස් මුදල් උපයන්නේ මූලික මානව අයිතීන් පිළිනොගැනෙන තත්ත්වයන් යටතේය.) ඉතිරි හිඟය පියවා ගැනීමට ණය ගැනීමට ලංකාවට සිදුව ඇත. ලංකාව ණය සදහා වන ඇබ්බැහිය කොපමණද යත් ලංකාවේ ආණ්ඩුව විසින් සිදුකරන ලබන පුනරාවර්තන වියදම් වලින් අඩකටත් ආසන්න ප්‍රමාණයක් වෙන්කරනුයේ ලබාගත් ණය සදහා වන පොලිය ගෙවිම සදහාය.

මේ තත්ත්වය යටතේ "කසිප්පු" යනු අපට ගොඩඒමට තිබෙන මහඟු අවස්ථාවකි. ඒ සදහා තාක්ෂණික දැනුම ලබා දීමේ හෝ පුහුණු වැඩසටහන් තබමින් දිරිමත් කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැත. පවතින තාක්ෂණය යටතේ පමණක් නොව නවීනතම සොයාගැනීම් හරහා සිය නිෂ්පාදනය ඉහළ නංවා ගැනීමට ලංකාවේ නීති විරෝධී ලෙස නම් කර ඇති කසිප්පු නිෂ්පාදකයින් සමත්ව ඇති බවට පසුගිය කා‍ලයේ කළ වැටලීම් වලින් මොනවට ඔප්පු කර ඇත. රට පුරාම නිෂ්පාදනාගාර බිහිව ඇති බැවින් සහ බෙදාහැරීමේ හා පාරිභෝජනයේ යාන්ත්‍රණ මැනවින් සකස්ව ඇති බැවින් යටිතල පහසුකම් වෙනුවෙන් වද වීමට ද අවශ්‍ය වන්නේ නැත.

අවුරුදු 30ක යුද්ධය අවසන් කොට සිංහල ජාතිකවාදීන්ගෙන් නොමඳ පැසසුමට ලක්වු ජනපති සහ සන්ධාන ආණ්ඩුව ආර්ථික උපාය මාර්ගය ලෙස තෝරාගත්තේ වැඩිපුර ඇඟ රිදවා නොගනිමින් මුදල් ඉපයිය හැකි සංචාරක ව්‍යාපාරයයි. ඊට අදාළ වන ආකාරයෙන් නීති සංශෝධන ගෙන එමින්, නව ලිබරල්වාදී ආර්ථික උපාය මාර්ග භාවිතා කරමින් ජාතිකවාදින් කිසිලෙසකවත් බලාපොරොත්තු නොවුනු ආර්ථික ගමන් මගක් සංධාන ආණ්ඩුව තෝරා ගත්ත ද, එය දියුණු කරලීමට කොතරම් අවංක වෙහෙසක් දරන්නේ ද යන්න සැකයකි. නොඑසේනම් සංචාරකයින් බලෙයෙන් හම්බන්තොටට ඇදගෙන යාමට වලිකන්නේ නැත. පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල හම්බන්තොටට ගන්නට උත්සාහ කිරීමත්, පසුගිය දා අවසන් වූ වෙරළ ක්‍රීඩා සැනකෙළිය හම්බන්තොට පැවැත්වීමත්, ‍අනෙක් අතට සියළු ආර්ථික මර්මස්ථානයන් හම්බන්තොට වටා කේන්ද්‍ර කරලීමටත් කටයුතු කරමින් සිටිනුයේ "තමන්ගේ පැත්තට ඇදීමේ" පටු වැඩවසම් මනෝභාවය හේතුවෙනි. අවසාන වශයෙන් ඒවා අසාර්ථක උත්සාහයන් බවට පත්වීම පමණක් නිශ්චිතව කිව හැක. එහෙත් "කසිප්පු" වැනි නිෂ්පාදනයක් රාජ්‍ය අනුග්‍රහය යටතේ දියුණු කරන්නේ නම් හම්බන්තොටට දුක් නොවිඳ ලංකාවේ ආර්ථිකයේ කේන්ද්‍රීය ස්ථානයක් බවට පත්වීමේ ඉඩකඩ තවම විවෘතය.

ලංකාව රටක් ලෙස නිෂ්පාදන ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට පසුගිය දශක ගණනාව තුළම පැහැදිලි හා නිශ්චිත උත්සාහයක් දරා නැත. අධිරාජ්‍යවාදී පාලන සමයේදී දියුණු කෙරුනු තේ, රබර්, පොල් පමණක් විවිධාකාර දුෂ්කරතා රාශියක් මධ්‍යයේ තවමත් ලංකාවේ ප්‍රධාන නිෂ්පාදන බවට පත්ව ඇත. ඇගළුම් නිෂ්පාදනය රට තුළ සැළකිය යුතු ක්‍රියාදාමයක නිරත වුව ද, ඇගළුම් කෝටා ක්‍රමය, නිෂ්පාදන පිරිවැය, අමුද්‍රව්‍ය ආනයනය, සමාජ පරිහානිය වැනි කරුණු කාරණා අනුව සළකා බැලූ කළ එය ලංකාවේ අනන්‍යතාව ආරක්ෂා කරන්නක් හෝ ඊට වැයකරන පිරිවැයට සාපේක්ෂ ලාභයක් රටේ ජනතාව වෙත ලබා නොදෙන ආකාරයේ නිෂ්පාදනයක් ලෙස සැලකිය හැකිය.

වසර 30ක කාලයක් පුරාවට ලංකාවේ ධනය විනාශ කළ යුද්ධය ආශ්‍රිත ආර්ථිකයක් ලංකා‍වේ බිහිවුණ ද ඊට සාපේක්ෂව නිෂ්පාදනයක් බිහිවුවේ නැත. යුද්ධය සදහා භාවිතාකරන එකදු පතොරමක්වත් ලංකාවේ නිෂ්පාදනය කළේ නැත. සමහර ශරීරාරක්ෂක උපකරණ ලංකාවේ නිෂ්පාදනය කළ ද ඒවා මිලදී ගැනීමට කැදවුණු ටෙන්ඩර් වලදී කොමිස් මුදල් වලට ඒවා යටවී ගිය බවට පලවූ පුවත්පත් වාර්තාද පසුගිය කාලයේදී පළවිය. එල්ටීටීය සම්බන්ධයෙන් මේ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වූ අතර ඔවුන් විසින් නූතන ඉංජිනේරු තාක්ෂණය ඇසුරින් අත්හදා බැලීම් ද සිදුකොට නිෂ්පාදනය කර තිබූ ආයුධ ඇතුළු උපකරණ දකුණින් උතුරට යන නන්දිකඩාල් 'වන්දනා කරුවන්' මවිතයට පත්කර ඇත. බොහෝ අයගේ ඇගේ මවිල් කෙළින් වන්නට ඇත්තේ එල්ටීටීය විසින් මෙකී තාක්ෂණය යෙදවීමට නියමිතව තිබුණේ තමන් විනාශ කරලීමට බව සිහිවන විටය. යුද්ධය පැවති වර්ෂ වලටත් වඩා යුධ වියදම් එන්න එන්නම වැඩි වුවද ඒකී මුදල් දියුණු රටවලින් ආයුධ ගැනීමටත්, ඒවා නිර්දේශ කරන අයට කොමිස් ලබාගැනීමටත් වැය කරනවාට වඩා වෙනස් සැලැස්මක් දක්නට නොමැත.

වසර දහස් ගාණක ඉතිහාසයක් ගැන පාරම්බෑව ද මෑත අතීතයේ දී දේශීය අනන්‍යතාවයකින් යුතුව සිදුකළ ආඩම්බරකාර වැඩක් මතකයට එන්නේ නැත. ලෑන්ඩ් මාස්ටර්ටරයේ සංකල්පය ලංකාවෙන් බිහිවූවා යැයි කීව ද ඒවාට ලංකාවේ දී ගිය කලක් නැත. පුද්ගලයින් වශයෙන් මහාචාර්ය කුලසිංහ වැන්නන් කිහිපදෙනෙකු හුදෙකලා මෙහෙයක් සිදුකලද රට තුළ නව නිපැයුම් හෝ ව්‍යවසායකත්වයක් පිළිබදව සංස්කෘතියක් වර්ධනය වි නොමැත. එහෙත් ලාංකික විද්වතුන් ලොව පුරා නවීන තාක්ෂනය හා සම්බන්ධ නිෂ්පාදනය ක්‍රියාවලින්හි සාර්ථක ලෙස නියැලෙමින් සිටිති. හැදෙන්නට නියමිත ගස නියපොත්තෙන් කඩා දැමීමට සූදානම් දූෂිත දේශපාලන හා නිලධාරී පැලැන්තියේ දුෂ්‍ඨ ඇස් නිරතුරුව හතර අත සක්මන් කරයි. ලංකාවට අඩු වියදමකින් යුතු දුම්රියක් නිෂ්පාදනය කිරීමට උත්සාහ කළ මයික්‍රෝ සමාගමට අත්වූයේ ඒ දුෂ්ඨ බලවේගයට යටවන්නටය.

ලංකාවේ නිෂ්පාදනය සම්බන්ධයෙන් ගත්කළ "කසිප්පු" යනු සංකේතයකි. මතට තිත යැයි කීවද වක්‍රාකාරයෙන් තිතට මත් කරන්නට සියළු කටයුතු සූදානම්ය. ඒ භෞතික වශයෙන් පමණක් නොව සමාජයීය, ආර්ථික වශයෙන් යන සෑම ආකාරයන් වලින්ය. ෆුඩ් සිටියෙන් මත්පැන් ගන්නට තහනමක් නොමැති වුව ද, කසිප්පු උගුරක් බොන්න අස්සකට මුල්ලකට යා යුතුය. අන් සෑම සංකල්පයක් දෙස මෙන්ම "කසිප්පු" දෙසද අගතීන් ඉවත්කළ ඇස් දෙකකින් බැලිය යුතුය. එමගින් මත්පැන් පිළිබදව නොව රටේ ආර්ථිකය පිළිබදවම පැහැදිලි පෙනුමක් ලබාගත හැකිය.

ආශ්‍රිත වෙබ් සබැඳි
‘සංවර්ධනයේ ඇත්ත සහ බොරුව’ – වසන්ත බණ්ඩාර
මහ බැංකුවේ සංඛ්‍යා දත්ත
කසිප්පු නිත්‍යානුකුල කරමුද?
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Kasippu, Jeyaraj Fernandopulle, Sarath Amunugama
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
lakinndhu මෙහෙම කියනවා :
මේ සමඟම ගංජා නීතිගත කිරීමද ප්‍රගතිශීලී නොවන්න්නේද??????

කිවුව වෙලාව- 2011-11-04 06:41:43
bandaUK මෙහෙම කියනවා :
Deahiya deyak beegena - deshiya lamissiyak ekka sharirika awashya thawayak ishta sidda karaganna lebannath pin karanna ona...hm hm hm...marai eheee!
ohoma yan...///


කිවුව වෙලාව- 2011-11-04 04:36:56
ජන්තු සේන මෙහෙම කියනවා :
ගන්න අපේ දේ

කිවුව වෙලාව- 2011-11-03 00:08:58
saman මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-11-02 01:54:29
Hasantha මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-10-31 09:30:44
Ravi මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-10-28 12:13:49
ප්‍රගතිශීලියා මෙහෙම කියනවා :
කසිප්පු නීති ගත කිරීමේ තීරණය හොඳ වැඩක් නිසා උපහාසයට ලක් නොකරනු මැනවි.
මේ සමගම ගණිකා වෘත්තියද නීති ගත කළ යුතුව ඇත.
කොතෙක් තහනම් කළත් ඉවත් කළ නොහැකි පොදු ජනතාවගේ අවශ්‍යතා වන ප්‍රාදේශීය මත්පැන් සහ ගණිකා සේවාව
උසස් ප්‍රමිතියකින් යුතුව පාරිභෝගිකයාට සැපයීමට නම් නීති ගත කොට ප්‍රමිතිය පිළිබඳ
නිරන්තර අවධානයට ලක් කළ යුතුය.
කසිප්පු බොන මිනිහා කොහොමත් කටුස්සෝ මැලතියන් දාපු ඒවා බොනවනේ.
ඉතින් නීති ගත කොට ප්‍රමිති ගත කළොත් අඩුම තරමේ රා වලින් පෙරන විෂ අඩු දෙයක් බොයි.
ගණිකා සේවනයට යන කෙනා මොන ලෙඩ රෝග තිබුනත් ඒ වැඩේට යනවනේ.
ඉතින් නීතිගත කලොත් අඩුම තරමින් ලෙඩ රෝග වලින් වැළකිලා තම අවශ්‍යතාව ඉටු කර ගන්න පුලුවනිනේ..
මෙම තීරණය නොදැන හෝ රජය ගත් ප්‍රගතිශීලී තීන්දුවකි.
එය උපහාසයට ලක් නොකර වඩාත් සාධනීය බවට පත් කොට ගැනීම සඳහා පසු විපරම් කිරීම මැනවි.


කිවුව වෙලාව- 2011-10-28 03:39:38
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සුමුදු තිවංක ගමගේගෙන් තවත් වියමන්
අදහස්
ජනතා විමුක්ති පෙරමුණ- තෙවැනි විකල්පය පිළිබඳ විමසුමක්
අදහස්
නවක වදය- දේශපාලනික කියවීමක්
වෙසෙස්
"සංහාරයේ අපායෙන් ජීවිතයේ දෙව්ලොවට"- සමූලඝාතනයන්ගෙන් දිවි ගලවා ගත්තවුන්ගේ කතා තුනක්.
වෙසෙස්
වේල් ගෝනීම්- අරාබි වසන්තයේ කසකරුවා පිටුවහලේ
වෙසෙස්
හා හා බලාගෙනයි...!
තවත් අදහස් බූන්දි
To Sir, With Love!
විද්‍යාවේ සියවසක පිම්ම!
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
BoondiLets
ඊ.ඩබ්. අදිකාරම් ලියයි- "පරමාර්ථය සහ මාර්ගය"
දම්වැලක එක පුරුකක් ඊළඟ පුරුකට සම්බන්ධව පවත්නාක් මෙන්ම පරමාර්ථයක් දෙසට යන ගමනක සෑම පියවරක්ම ඊළඟ පියවරට සම්බන්ධව පවතියි. පරමාර්ථය යනු මාර්ගය නැමති දම්වැලේ අවසාන පුරුකය.... [More]
What's New | අලුතෙන්ම
කවි| ස්වර්ණ - සංවත්සරය දා

29-Secs

(උද්‍යෝගී පලිහක්කාර) දෙඅත් බැඳ - නවා හිස
විපිළිසර කැමරා - දෙනෙත් අභියස
එදා උන් අයුරින්ම මා අස
ඉඳී මා 'විළිබර මනාලිය'

මේ තරම් තිළිණ, මල් කළඹ, බන්ධූන්... [More]
කවි| පියාපත

12-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) මගේ පුත
මේ පියාපත
නුඹේ ම ය

තක්සලා පාරේ
කුණු මඩ පිරුණු ගොවුදේ... [More]
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook