Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
කුහුඹුවන් වූ මිනිසුන්
බූන්දි, 16:59:51
(2007.03.04-'මව්බිම'-'සමකය') යුක්තිගරුකභාවය පිළිබඳ මිනිස් අපේක්‍ෂාවන් ශූන්‍යව ගිය කලක කිසිත් කරකියා ගත නොහෙන කුරා කුහුඹුවෙකුගෙන් මිනිසා වෙනස් වන්නේ ඇයි? අප බොහෝ දෙනා ඊට පිළිතුරු උගත්තේ ඉතිහාසය විසින් මේ ප‍්‍රශ්නය මුහුණට දමා ගැසූ සමයකදීය. යටත්භාවය මහාමාරියක් මෙන් පැතිර යමින් ඇති විට පවා ප‍්‍රතිපත්තිගරුක ජීවිතය ආඩම්බරයකැයි කුහුඹුවෙකු නොදනී. නමුත් මිනිසුන් එය දනියි. එය අමතකව ගිය සැණින් රැළෙන් මග නොහැරුණද මිනිසා හුදකලා කුහුඹුවෙකු බවට පෙරළෙයි. රැළ හා වසන මුත් පෑගී මියයාමේ තැති ගැන්මෙන් එකා පසුපස එකා වැටී සැරිසරයි.

අපේ මෑතකාලීන අතීතය යනු කුහුඹුවන් බවට පෙරළුණු මිනිස් මිතුරන් පිළිබඳ මතකයකි.

1991 අවුරුද්දේ ඔක්තෝබරයේ උදෑසනක නුගේගොඩ ගම්සභා හන්දියට නුදුරු තැනකදී මට අලූත් මිතුරන් දෙදෙනකු මුණ ගැසිණ. ඒ ‘ලක්දිව’ පත්තරය ආරම්භ කිරීම සඳහා විනී හෙට්ටිගොඩගේ නිවසේ කැඳවුණු පළමු කර්තෘ මණ්ඩල හමුවයි. නව අපේක්‍ෂාවන්ගෙන් ඇවිළුණු මිනිසුන් ඒ වහළ යට නිතර ගැවසිණ. එතැන් සිට එළඹුණු සමයක ජීවිතය පිළිබඳ සියළු අපේක්‍ෂාවන් බෙදා ගැණුනේ ඒ මිතුරන් සමගය. ඉන් අයෙක් විමල් වීරවංශය. අනෙකා ඩලස් අලහප්පෙරුමය.

ඉන් ඉක්බිතිව එළඹුණු ජනවාරියේ අවසාන සති අන්තයේදී ‘ලක්දිව’ පත්තරය එළි දැක්කේය. මිනී පුලූටු දුමාරය පහව නොගිය ඒ ජනවාරිය වනවිටත් සිහින අත් නොහළ මිනිසුන් ලක්දිව හා උද්වේගයෙන් බැඳිණ. ගම් දනවු, සරසවි, වැඩබිම් සහ දේශපාලන සිර කඳවුරු සියල්ල සිසාරා ‘ලක්දිව’ උණක් මෙන් පැතිර ගියේය. නිදිවරා ඇවිලෙන උද්‍යෝගයෙන් වැඩ කළ මිනිස් රංචුවක් අතරේ අපි තිදෙනා සමීප මිතුරන් බවට වේගයෙන් පත්වීමු. තලවතුගොඩ කුමාරගේවත්තේ හුදකලා දෙමහල් නිවසක උඩු මාලයේ ඩලස්ගේ බෝඩිම් කාමරය සෑම බදාදාවකම මැදියම් රැය ගෙවී යන විට මගේත් - විමල්ගේත් නවාතැන් පොළ බවට පෙරළිණ. සමූල සංහාරයන් විසින් සීතල කොට පාගා දැමූ අපේ ජීවිත කරා මිනිස් මිත‍්‍රත්වයේ උණුසුම යළිත් ගෙන එන ලද්දේ ඒ දවස් විසිනි. කවටකමින් සහ උපහාස කතාවෙන් ගෙවී ගිය එවැනි රැයවල නිමා නොකළ සංවාද අනතුරුව එළඹුණු බදාදා දිනවලද යළි යළිත් මතුවී ආයේය. අනාගත ලංකාව පිළිබඳ අපේ සිහින ජීවමාන වූයේ ඒ නිමා නොවූ සංවාදයන් තුළය.

මර්දනකාරී අඳුරේ ගෙවී ගිය ඒ දවස් කෙළවර වෙනස් ලංකාවක් දිනාගැනීමේ මිනිස් සිහිනයක් දීප්තිමත්ව දැල්විණ. පැරණි පත්තර පිටු පෙරළා බලන විට හමුවන ඩලස් සහ විමල් ලියූ සෑම උද්වේගී වදනකමත් ගැබ්ව ඇත්තේ ඒ සිහින පිළිබඳ වූ නොතිත් මිනිස් අනුරාගයයි. බියසුළු බව ජීවන දහමක් බවට පෙරළුණු සමයක ප‍්‍රජාතාන්ත‍්‍රයේ විනාශය සහ මානව විරෝධී සාපරාධයන්ට එරෙහිව රණසිංහ පේ‍්‍රමදාසට එරෙහිව විවෘත ලිපි මගින් අභියෝග කළ ඩලස්ගේ ආවේශය උපන්නේ ඒ මිනිස් අනුරාගයෙනි. සරසවි වේදිකා මත ජාතික චින්තනයේ වර්ගවාදී බලයන්ට එරෙහිව සිංහල-දෙමළ සිසුන්ගේ අත්පොළසන් ලබමින් සමාදාන රහිතව සටන් කළ විමල්ගේ ආවේශය උපන්නේ ද ඒ මිනිස් අනුරාගයෙනි. ඒ අනුරාගයෙන් පිටුබල ලැබ ලංකාව පිළිබඳ අප දුටු සිහින කෙබඳු වීද?

අපේ සිහින ලංකාව සමූල ඝාතනයන්ට මැදිව වැළලී ගිය අතීත මළවුන් පිළිබඳ නොනැසුණු හෘදය සාක්‍ෂියක් සහිත ලංකාවකි. මිනිස් සංහාරක හමුදා යළිත් අභිමානයෙන් වීදි නො සරන ලංකාවකි. සිය ගණනින් මිනිසුන් මිහිදන් වූ සමූහ සොහොන් බිම් අකාලයේ වල් වැදී නොයන ලංකාවකි. මහ දවල් මිනිසුන් අතුරුදහන් වී නොයන, වධකාගාර සහ සිර කඳවුරු තුළ නිදහස පිළිබඳ මිනිස් අපේක්‍ෂාවන් එල්ලා නොමරන ලංකාවකි. දරුවන් ඉල්ලා ළෙහි අත්ගසා වැළපෙන මව්වරුන් නොදකින ලංකාවකි. අවිගත් දෙමළ හෝ සිංහල තරුණයින් පිළිබඳ සහේතුකව සිතන්නට එඩිතර වන ලංකාවකි. මාංශ භක්‍ෂක ජාත්‍යෝන්මාදය සාඩම්බර පදක්කමක් බවට පත් නොවූ ලංකාවකි.

දශකයක් ඇවෑමෙන් මගේ පැරණි මිතුරන් දැන් ඔවුන්ගේ ලංකාව නිර්මාණය කරමින් තිබේ. ඒ ලංකාවේ, ඩලස් අලහප්පෙරුම සහ චම්පික රණවක එකම කැබිනට් මඩුල්ලක සහෝදර සාමාජිකයෝ වෙති. ඒ ලංකාවේ විමල් වීරවංශ සහ නලින් ද සිල්වා එකම වේදිකාවක උද්වේගී කථිකයෝ වෙති. පැරණි සිහින අත් නොහැරීම ඒ ලංකාවේදී මරණීය පාපයකි. මගේ මිතුරන් විසින් නිර්මාණය කළ ලංකාවෙන් මා පිටුවහල් කෙරෙන වරද එයයි. මරණ බියෙන් මිනිසුන් තැතිගත් සමයක මුණගැසුණු ප‍්‍රාණසම සේ සැළකූ මිතුරන් පාලකයින් බවට පත් වූ ලංකාව පෙරළා මා වෙතද මරණ බිය කැටුව විත් තිබේ.

අපේ ජීවන පිළිවෙත් ගැටගැසී තිබුණේ යුක්ති ධර්මය පිළිබඳ අපේ සිහින සමගය. නමුත් දස වසක් ගත වූ තැන පැරණි පිළිවෙත් මගේ මිතුරන්ට බිම ලූ පාවාඩයකි. පාගා පියමැන ගිය විට යළිත් ගුළි කොට හිස්වලට ඉහළින් ඒවා අනාගතයට විසි කෙරේ. ඒ අනාගතයේදී පෑගීම පිණිසය.

1992 දෙසැම්බරයේ මාරවිල හොරගොල්ලේ ජයේගේ නිවසෙහි ගතකළ නත්තල් නිවාඩුව දැන් ‘සොඳුරු දුක්බර’ මතකයකි. ශාලිකා පිටියේ සුහද කි‍්‍රකට් තරඟය අමතකව යන පී‍්‍රතිමත් දවස් අතරින් එකකි. වාද්දුවේ මොල්ලිගොඩ විමල්ගේ නිවසේත්, දික්වැල්ලේ රදම්පොළ ඩලස්ගේ නිවසේත්, කොහුවල පි‍්‍රය මාවතේ මගේ බෝඩිම් කාමරයේත් නිදි වරමින් අතරින් පතර ගෙවා දැමූ කාලය දැන් වැළලූණු අතීතයකි. අපේ සිහින දැන් එකිනෙකින් ඈත් වූ ග‍්‍රහලෝක මෙනි. ඒවා ඉඳහිට අඳුරෙහි දිස් වී මැකී යයි.

ජිල්ලෝ පොන්තෙකෝර්වෝගේ ‘බර්න්’ සිනමාපටයේ සර් විලියම් වෝකර් ලෙස රඟන මාලන් බ‍්‍රැන්ඩෝ තැනක මෙසේ කියයි: "එක් ඓතිහාසික වකවානුවක් සහ තවත් වකවානුවක් අතරමැද දී සියවසක ප‍්‍රතිවිරෝධතා හකුළා පෙන්වන්නට ඇතැම් විට දස වසක් වුවද සෑහෙයි."

ගතව ගිය දස වසර එබඳු එකකි. ආපසු හැරී බලන්නට සිත් නොදෙන ඒ දස වසර කුහුඹුවන් බවට පත් වූ කලකදී ළබැඳි මිනිසුන් පිළිබඳ මතක සොහොනකි.

ඡායාරූප සටහන-
'ලක්දිව' පත්‍රයේ කර්තෘ මණ්ඩල සාමාජිකයින් 1991 නොවැම්බරයේ බොරැල්ල 'ලක්දිව' කාර්යාලයේ කර්තෘ මණ්ඩල කටයුතු අරඹමින්-
(පසුපෙළ වමේ සිට): විමල් වීරවංශ, ධර්ම ශ්‍රී කාරියවසම්, විනී හෙට්ටිගොඩ, සුනිල් මාධව ප්‍රේමතිලක, ඩලස් අලහප්පෙරුම, සුදත් මහදිවුල්වැව
(ඉදිරි පෙළ වමේ සිට): රෝහිත භාෂණ අබේවර්ධන, මැනුවෙල් ජයසේකර, තිඹිරියාගම බණ්ඩාර
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Lakdiva 1991 Editorial, Rohitha Bhashana, Dalas Alahapperuma, Sunil Madhawa Premathilaka, Wimal Weerawansha
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
රෝහිත භාෂණ අබේවර්ධනගෙන් තවත් වියමන්
පොත්
'මළ දූපත': මුල්ලිවයික්කාල්වලින් පසු කවි ලිවීම
අදහස්
මගේ නොවැම්බරය
අදහස්
පසුව ඝාතනය වීමේ වරප්‍රසාදය, අත්වැරදීම් සහ සමූහ ඝාතන
කතා-බස්
"ජනමාධ්‍යවේදීන් සතු සුවිශේෂ කාර්යභාරය ජනතාවගේ බුද්ධිය පුළුල් කිරීම යි." -දයාසේන ගුණසිංහ
අදහස්
රයිනෝසිරස්ලා.....!
තවත් අදහස් බූන්දි
To Sir, With Love!
විද්‍යාවේ සියවසක පිම්ම!
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
BoondiLets
අමීන් ඩාඩා (ඉඩි අමින්) කියයි.
අමීන් ඩාඩා (ඉඩි අමින්) 1971 ඉඳලා 1979 වෙනකල් උගන්ඩාවේ පාලකයා. මේ අමීන් ඩාඩා කිවුව දේවල් කීපයක්.

"මම දේශපාලනඥයෙක් නොවෙයි; මම වෘත්තීයමය සොල්දාදුවෙක්."(1971)

"සමහර විටෙක මිනිස්සු වැරදියට... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook