Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
පොත් බූන්දි
අමර කවි
බූන්දි, 03:58:11
යම් සාහිත්‍ය නිර්මාණයක් ස්වර්ණ සම්මාන හිමි කර ගන්නේ පාඨක සතන් තුල සදා කල් පිය සෙනෙහෙ මෙන් ඇට ඇට මිදුළු තුළ කිමිදීමෙන්. එවන් පොතක් වැඩි ප්‍රසිද්ධියක් නො ලැබීම පාඨකයන්ට කරන බලවත් අසාධාරණයක්. එබඳු ආසාධාරණයක් කෙරූවෙක් තමයි ලියනගේ අමරකීර්ති කවියා. ඔහු තම “එකමත් එක පිටරටක” කෘතිය කර්තෘ ප්‍රකාශනයක් ලෙස එලි දැක්වීම මහද රිදවූ කරුණක්. එහෙත් අමරේගේ අමර වැඩ ගැන ලියන්න ඒක බාධාවක් කර ගැනීම එතරම් හොඳ දෙයක් නොවන නිසා මෙය ලියන්න පටන් ගත්තේ. ඇත්තටම ඒවා අමරණීයව පාඨක හද ප්‍රකම්පනය කරනවා යැයි ඔබ ම කියවා අවබෝධ කර ගත යුත්තක්. මේ මට හිතෙන හැටි. මම දකින හැටි.

කවිය බොහෝවිට වචන දහසකින් කිව යුත්තක් කෙටියෙන් සියුම්ව ලේඛනය කරයි. අමරකීර්ති කවියා ද සිය කෘතිය එබඳු සියුම් රේඛා මගින් මනාව හැඩ වැඩ ගන්වා පාට කරල, ඒ පාට තුළින් සමාජයේ ජීවිතයේ සියුම් තැන් ඉතා භාවාත්මකවත්, විචාරාත්මකවත් විනිවිද ගිහිල්ල. මේ කවි පොත ගැන ලියන්න කිහිප විඩක්ම මම උත්සහ කලා. ඒත් කොහොම ලියන්නද, කොහොම පටන් ගන්නද කියල තියෙන දෙගිඩියාව හිත හොල්මන් කලා. ඒකට හේතුව ඒ කවි, කියවන හැම විටම නිපදවන අලුත් අරුත් සහිත වීම. එනිසා මෙම රස වින්දනයද කෘතිය තමා මගින් නිපදවන ලද අලුත් අරුත් විසින් යම් යම් බාධක සහිතව ලියාගෙන යාමට දරන ලද තැටමීමේ ප්‍රතිඵලයක්.

විවිධ සංස්කෘතික, දේශපාලනික අවුල් වියවුල් හමුවේ නූතන මානව ජීවීන් විඳින විඳවන සංකීර්ණ ධර්මතා හොඳ-නරක, පවු-පිං කියල වෙන් කරන්න අමාරුයි. අමරකීර්ති ඒ බව සියුම්ව තම නිර්මාණ හරහා සමාජ ගත කරනව. ඔහු සිය සහෝදර ජනතාව වෙත හෙලන්නේ මානවවාදි, හෘදයාංගම දෘෂ්ටියක්. කවියගේ විශිෂ්ට දක්ෂතාව එයයි. අමරකීර්ති කවියාගේ කෘතියෙහි පළමු කව ‘අතින් ගත් පොත්’හි එන පහත වැකි තුන ඔහුගේ මුලු කාව්‍ය සංග්‍රහය පුරාම දිව යන සියල්ලේ සියුම් තේමාව බවයි අපගේ හැඟීම.

“එහෙත් සුහදිනි එය
කවියක් කරන රිදුමකි
අරුතක් සහිත විඳුමකි”


“දිළින්දෝ ආශිර්වාද ලද්දෝය.” මෙය හෑබෑම කියමනක් වෙන්නෙ මමත් එහෙම නිසාම පමණක් නොවෙයි. ජීවිතේ අලුත් දේවල් දකින්න, විඳින්න දිළිඳු ආර්ථිකයක් හා සුපොහොසත් හදවතක් තිබීම මිල කල නොහැක්කක් නිසයි. “වස්තුව මම” කවිය මේ දිළිඳු බවත් ඒ හා මුසුවුන කාන්තාවක වීමේ ආදීනවයත් පිළිබඳ ප්‍රකම්පිත වදන් වැලක්. ඔහුගේ කෘතියෙහි වඩාත් සරලව ම ලියවුනු රසවත් ම කව මේක තමයි මට. ඒ පුරා දිවෙන ශෝකී රාවය හදවත් දෙදරවයි . ගෙදර අඩු පාඩුකම් පිරිමහන කෙල්ලක් තමා ගැන හිතන හැටි. අපූරුයි. දුකයි. හදවත තෙරපවයි.

“මට ආයෙත් හිතුන
දුප්පත් වෙන එකත්
කෙල්ලෙක් වෙන එකත්
මහ කරුමයක් කියල”


ඇත්තටම දුප්පත් රටක, දුප්පත් ගෙදරක, කෙල්ලක් වෙන එක. කරුමයක් තමයි. පිරිමි විදිහට හිතන ගෑනු ඉන්න රටක. කවියා ‘අරුන්දතී’ නමින් ලියන පැදිය එහෙවු රටේ පිරිමි බහුතරයකගෙ මානසිකත්වයට එල්ල කරන්නෙ වෙඩි උංඩයක් අපිට දරාගන්න අමාරු. අපි එහෙමද?

“පිරිමි රංචුවක් වෙමු අපි
අදහන පුරුෂ ලිංගය
න්‍යායද විද්‍යාවද
දේශපාලනයද ඒකම වුන
කම් දුවක හෝ දෙව් දුවක මිස
ගැහැනියක දකිනු අසමත්
විඳින්නේ නැත්නම්
වඳින්නන් ලෙස මිස
ගැහැනිය දකිනු අසමත්.”


දුප්පත් දැරිය කඩේ ගිය විට කඩේ නිමල්ගේ ඇහැට රසඳුනක් වෙනවා පමණක් නොව ඔහුගේ ආදරණීය(කෲර) ස්පර්ශයට ද ඇය ලක්වෙයි.

“තනේ මිරිකුව බව
මං කියන් නෑ පද්මක්කට
අපේ අම්මට හෝ අයියට”


කඩෙන් බඩු ගන්න දැනුවත්ව හෝ නොදැනුවත්ම මුදල් වන ඇය ගෙදර වස්තුව. පියා නැති ගෙදරක මේ වස්තුව ගැහැනියක හුදු භාණ්ඩයක් වීම පිළිබඳ රූපකයක්.

“අපේ ගෙදර වස්තුව
ඒ නිසයි තාත්තා
දුන්නෙ මට ඒ නම
දෙව්ලොව යන්න ඉස්සර”


යුද්ධ කරන සතුරාට පවා ප්‍රේම කිරීමට, කරුණාව දැක්වීමට උගන්වන ආගමක් තමයි බුදු දහම. ඒ වුනත් පහුගිය වකවානුවේ ලංකාවේ සිද්ධ වුන සමහරක් පුද පූජා හා අරුත් නිරුත් දැක්වීම්වලට කවර නම් ආගමික අර්ථ කථනයන් සපයන්න පුලුවන් වෙයිද? මේ දෙස මධ්‍යස්ථ වන අප කවියා අප හද අනින, රිදවන සිදුවීම් කවි කටු හුල් කර ඇති අන්දම වෙඩිල්ලක තියුණු රිදවුමත්, මරණයේ ඛේදජනක ශේෂයනුත් අප හද තුළ ජනිත කරයි. ‘එකමත් එක පිටරටක’ කව මේ තියුණු වියරු බව යුද්ධයේ සැහැසි බව මිනිසත් බව යටපත් කොට නැගී සිටින බව පසක් කරවයි. වර්ගය, ජාතිය, භාෂාව යටින් දිවෙන පොදු මානුෂීය ගතිය ළමා ඇසින් දකිමින් කවියා වැඩිහිටි සංස්කෘතික කබායන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටිනව.

“කියන්නද මා පුතුට කදීර් මාමගේ මරණය
මොකටද දෙන්නෙ ඔහුටත්
මා විඳින ලංකා දුක?
නැත. මම මතක් කර කියමි
යම් යහපත් දෙයක්
ලංකාව, දෙමළ, සිංහල ගැන
නිදපුදෙන් ඔහු සතුටින්
එකමත් එක පිටරටක”




මුලු සමාජයම දේශපාලනීකෘත සුකර සූකර පරිභෝජනවාදය හමුවේ විද්‍යමාන කරන ලක්ෂන කවියා සිය කව් අකුරු තුල ගැබ් කරයි. රන්දවයි. දවටයි. පරිසරය විනාශව, ස්වාභාවික විපත් අතර දුක්විඳින දේශපාලන අසරන සත්වයන් කෙරෙහි වෛරයකට වඩා විචාරාත්මක භාවනාවක පාඨකයා රඳවා තබමින් සහෘද මනසක භාවාත්මක කරයි. ‘ධනාත්මක තරුනයෙක්’ නමින් එන කව මෙම අක්මුල් සිඳගත් සමාජ ක්‍රමය විසින් අරුත් ගන්වන ලද ජීවිතවල අරුත් සුන්, නීරස විඩාබර එහෙත් සාටෝපවත් උත්කර්ෂිත බව පෙන්නනවා. සිංහල වචන ටිකක් මැද රිංගවපු ඉංගිරිසි වදන් කෝෂය ආසියාතිකයන්ගේ මිශ්‍ර ආසියා-යුරෝපීය සංස්කෘතිය පෙන්වාලන්නක්. මේ මිශ්‍රිත බව අරුත් විසින් ගැඹුරක් දනවන්නක් වුවත් යුරෝපීය විරෝධී සංස්කෘතික සාඩම්බර බව විසින් විකාර කරන ලද්දක් වීම නිසා විකාර රූපී වූවක්. එහි එන අක්කා වැඩ කරන තැන කියන වැකි කිහිපය යට කියන කාරණා කවියා දකිනයුරු පෙන්වයි.

“නිකං කොළඹ නෙමෙයි කලම්බු සෙවන්
අක්ක තමයි
සිංහල ඉංග්ලිෂ් ඔක්කොම
කම්පියුටර් ගහන්නෙ
පුලුවන අක්කට අපිටත් වඩා ඉංග්ලිෂ්”


සංවේදී හදැත්තෙකුට කවියක් කරන රිදුම සුලුපටු එකක් නොවෙයි. කවිය මගින් උපදවන අරුත් හා සංවේදනා රෑ නින්ද අහිමි කරන අතරම ඔහුව භාවාත්මක මරණ මංචකයක හොවා දමයි. ලෝකය වෙනස් කිරීමේ විභවාත්මක ශක්තීන් කවියකින්, රචනාවකින් ඉස්මතු කිරීමත්, අවදි කිරීමත්, සිදු කරන්නේ මෙකී රිදවීම් හරහා. මිනිසත් බව අහිමිව උඩඟු වූ මිනිසුන් ගැන කියන ‘මේ නියං කාලේ’ පැදිය මේ අසංවේදී බව ගැන කරන සරදමක්.

“ අපි කාවවත් සිප ගන්නෙ නෑ
ඉව කරනවා විතරයි
‘උං ඉඹින්න ලැජ්ජ නැද්ද?’
වැස්සත් නැතුව යන්නෙ ඒකයි.”
“අපි කාවවත් තේරුම් ගන්නෙ නෑ
කවුරුත් මරල දානව විතරයි
‘ද්‍රෝහියෝ, හතුරෝ’
වැහි නැති හෙන වදින්නෙ ඒකයි”


එහෙත් මිනිසුන් ලෙස මිනිස්කම, මිතුරු බව අපට ලබා දෙන මිහිරියාව කෙතරම්ද? යහලුවකුගේ හදවත යහලුවෙකු වෙත බඳින අයුරුත් තම යහළුවාගේ වදන් ම තම බිරිඳටත් තෙපලූ බව යහලුවා ගැන අමරණීය මතකයක යෙදෙන කවිය පවසයි.

“සිරි යහන උනුසුමින් ප්‍රමෝදිත සැම විටක
මිත්‍රයෙක් මට ඉඳියි තමා හද ඇතුල් ගැබ
සිහින වරඟන රැගෙන තනිව යහනේ නිදන
නංගිලගෙ දරුවන්ට කැවිලි ගෙන ගමේ යන
මිත්‍රයා නුඹ තමයි මිහිරි කලෙ මගෙ යහන
එමතු නොව මගෙ දිරිය
මිත්‍රයා ඇයි නුඹම දවන්නේ ඒ යහන
එමතු නොව හදවතම”


අමරකීර්ති කවියාගේ අමරණීය කාව්‍ය කෘතිය මා හද පෙලූ අයුරු පහත උපුටනයෙන් අවසන් කරමි.

“මිත්‍රය අපි මේ සෙල්ලම දැන්වත් නතර කරමු
අපි අපිම බව නොපෙන්නීම නවත්තමු.
අපි අපිම වෙමු.”
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සමන් පෙරමුණගෙන් තවත් වියමන්
පොත්
හකාවතී- කියවල අඬන්නද? හිනාවෙන්නද?
වෙසෙස්
උපේක්ෂාව සමග යහන්ගත වීම
පොත්
රං'කුඹල්' හදවත් ගැන කියන 'කුරුලු හදවත'
පොත්
අරගලය සහ ආදරය අතර | ප්‍රමෝද්‍යා ආනන්තගේ "පලායන්නා"
කරන්ට්ස්
“නිරුවත් දෙවිවරු” | “NAKED GODS”
තවත් පොත් බූන්දි
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
මී පුප් සේ රස 'හෑල්ල'
BoondiLets
ඇනටෝල් ෆ්‍රාන්ස් කියයි.
බොහෝ දේ ඉගැන්වීම මගින් ඔබේ අහංකාරකම තෘප්තිමත් කර ගැනීමට උත්සාහ නොකරන්න. ජනයාගේ කුතුහලය පුබුදුවාලන්න. මනස් විවර කිරීම ප්‍රමාණවත්ය. ඒවාට ඕනෑවට වඩා බර නොපටවන්න. ගිනි පුපුරක්... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook