Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රත්තරං ටික
පැවිද්දා පූජකයා සහ දේශපාලකයා මිනිස් වර්ගයාට එරෙහි කුමන්ත්‍රණයක....
බූන්දි, 17:52:20
මම දේශපාලනඥයෙක් නෙවෙයි. මම මගේ ජීවිතයේ කිසිදාක ඡන්දය දීලා නෑ. කවදාවත් දෙන්නෙත් නෑ.- කිසිදාක. චිම්පන්චින් දෙදෙනෙක් අතරින් එකෙකු තේරීමේ අර්ථයක් තිබේද? ඔවුන් වෙනස් පැහැති කොඩි ඔසවාගෙන සිටිනවාටද? ඔවුන්ට වෙනස් ලාංඡන සහ කොඩි ‍තිබෙන නිසාද? චිම්පන්චින් කියන්නේ චිම්පන්චින්ට.....

ඇඩොල්ෆ් හිට්ලර් තමන්ගේ ස්වයං චරිතාපදානේ ලියල තියෙනවා 'ඔබට සතුරන් නොමැති නම්, ඔබට මහා නායකයෙක් වෙන්න බැහැ. ඔබට සතුරන් නැතත්, ඔබේ රට අනතුරක යන ව්‍යාජය ගොඩනගන්න, මොකද මිනිස්සු බියට පත් වුණාම ඔවුන් කැමතියි වහලුන් බවට පත් වෙන්න. මිනිස්සු බියට පත් වුණාම ඔවුන් සූදානම් දේශපාලඥයින් අනුගමනය කරන්න...' ඔහු සිහිය විකෘති වූ උම්මත්තකයෙක් වුණත් ඉඳ හිට ඔහු කළ ප්‍රකාශ වැදගත් වුණා. ඔහු කියා තිබෙනවා 'මනුෂ්‍ය වර්ගයාගේ ශ්‍රේෂ්ඨතම නායකයන් උපදින්නේ යුද්ධ සමයේය.' ඉතින් එතැන මහා යුද්ධයක් නැති නම් ඔබට බැහැ මහා නායකයෙක් වෙන්නට. හුදෙක් මහා නායකයෙකු වීමේ ආශාව සපුරා ගන්න ඔබ ජනයා මිලියනයක් මරා දමනවා.....

දේශපාලකයෝ හැම අතින්ම රටක් බියට පත් කර තබා ගන්න සෑම උත්සහයක්ම දරනවා...... ඔබ තුළ බිය වැඩි කරන තරමට ඔවුන් බලගතු වෙනවා. රටින් පිටත් ඔවුන් ව්‍යාජයන් නිර්මාණය කරමින් යනවා. රට ඇතුළත ඔවුනුත් එයම කරමින් යනවා. මොහොම්මද්දිකයන් සහ හින්දුන් අතර කැරලි කෝලාහල, හිංදි කතාකරන ජනයා හා හිංදි නො වන භාෂා කතා කරන ජනතාව අතර, ගැටුම් මොනවට හරි කමක් නැහැ. ඔබ සටන්වල කල කෝලාහලවල නිරතව සිටින්න ඕන. ඔබ සටන් කිරීමක නිරතව සිටිනවා නම් ඔවුන් බලයට එනවා. ඔබ සටන් නතර කළ හොත් ඔවුන්ගේ බලය අතුරුදහන් වෙනවා. මේක ඉතාම කැත අශෝභන ක්‍රියාවක්.....

මහත්මා ගාන්ධි කියන්න පුරුදුව හිටියා‍ නිදහසට පෙර ප්‍රථම ඉන්දීය ජනාධිපතිධූරය හොබවන්නේ ගැහැනියක් කියලා. ගැහැනිය පමණක් නෙවෙයි ඇය ශුද්‍ර කුලයට අයත් තැනැත්තියක් වන බවත් කීවා - පහත් කුලයට අයත් ස්පර්ශ නො කරන. එහෙත් නිදහස පැමිණීමත් සමගම ඔහු සියලු පොරොන්දු අමතක කළා, නැවත වතාවක් බල ක්‍රීඩාව පැරණි පුරුදු ආකාරයට ආරම්භ වීමත් සමගම. පණ්ඩිත් ජවාහල් නේරු බ්‍රහ්මණයෙක්. ඔහු ගැහැනියක් නො වෙයි. ඔහු ශුද්‍රයෙකුත් නො වෙයි. නැවතත් බ්‍රහ්මණයෝ බලයට පත් වුණා. වසර හතලිහක් එකම බ්‍රහ්මණ පවුලක් ඉන්දියාවේ ආධිපත්‍යයේ සිටියා. ඔවුන් ඉන්දියාව තමන්ගේ පුද්ගලික බූදලයක් තත්ත්වයටම පත්කළා. එය තවදුරටත් ප්‍රජාතන්ත්‍රයක් වුණේ නැහැ. හුදෙක් කරුණු දිහා බලන්න. ඉන්දියානු ජනතාව මත මහත්මා ගාන්ධිගේ ආකර්ෂණය කුමක්ද? ඔහු ආගමික පුද්ගලයෙකු ලෙස රඟපෑවා. ඔහු ආගමික මිනිහෙක් වුණේ නෑ. හින්දු - හින්දු සාන්තුවරයෙක් ලෙස පෙනී සිටියා. මොකද හින්දුන් තමයි රටේ බහුතරය වුණේ. ඔවුන් තමයි රට පාලනය කරන් යන්නේ.

ආචර්යය ඇම්බෙට්කාර්ට ඕනෑ වුණා ස්පර්ශ නො කළ යුතු ප්‍රජාව සඳහා වෙනම ඡන්දයක් තියන්න. මමත් ඔහු සමග පූර්ණ එකඟත්වයේ සිටියේ. සරලම හේතුව තමයි වසර දහස් ගණනාවක් තිස්සේ මේ ජනයා පීඩනයටත් සූරාකෑමටත් බඳුන්ව සිටියා. මනුෂ්‍යයන් ලෙස වූ ඔවුන්ගේ ආත්ම අභිමානය විනාශ කරලා තිබුණා. ඒ වගේම ඔවුන් ඉන්දීය හින්දු ජනගහනයෙන් හතරෙන් එකක්. ඔවුන්ට තිබුණේ කැතම රැකියාවන්........එවිට ඔවුන්ට විශ්වාසයක් ඇතිවෙනවා හතරෙන් එකක් සාමාජිකයෝ පාර්ලිමේන්තුවේ සිටියි කියලා. එහෙම නො වන්න වුන්ට කවමදාකවත් පාර්ලිමේන්තු නියෝජනයක් ලබා ගන්න හැකිවෙන්නේ නෑ..... එහෙත් ගාන්ධි මාරාන්තික උපවාසයක් ආරම්භ කළා ඇම්බෙට්කාර්ට ඔහුගේ ව්‍යාපාරය අතහැර දමන්න කියලා. එහෙම නොවන්න ඔහු මරණය දක්වා උපවාසයේ යෙදෙනවා. දැන් මේක සම්පූර්ණයෙන්ම තාර්කිකයි. ඔබ මිනිස්සුන්ට ඒත්තු ගැන්වූවා, එකඟ කර ගත්තා, උපවාස කිරීමෙන් එයින් අදහස් වෙන්නේ නෑ ඔබ නිවැරදියි කියලා. ඒක කප්පං ගැනීමක්. ඒක තර්ජනය කිරීමක්. 'මම සියදිවි තොරකර ගන්නවා ඔබ මා සමග එකඟ වෙන්නේ නැත්තම්.'

.....සංවිධිත ආගම් දේශපාලනයේ තවත් ආකාරයක්. මම හැමදාමත් දේශපාලනය හෙලා දැක්කා. මිනිස් වර්ගයාගේ පහත්ම කටයුත්තක් හැටියට - සංවිධිත ආගම් ගැනත් මගේ ආකල්පය ඊට සමානයි. ඔබට ඒක දකින්න පුළුවන්. පැවිද්දා පූජකයා සහ දේශපාලකයා හැමතිස්සෙම මිනිස් වර්ගයාට එරෙහි කුමන්ත්‍රණයක. ඔවුන් එකින් එකාට සහයෝගය දෙනවා. ඔවුන් තමන් අතර දේවල් බෙදා ගෙන, ඉතින් ඔබේ ලෞකික ජීවිතය දේශපාලනඥයාගේ. ඔහු තමයි එතැන පාලකයා. ඔබේ අභ්‍යන්තර ජීවිතය අයත්කරගෙන සිටින්නේ පූජකයා. ඔහු තමයි එතැන පාලකයා.

....ඔය සියලු දීමනාවන් පූජක සාක්කුවටයි යන්නේ. ඔවුන් දෙවියන් ගැන දන්නේ නැහැ. එහෙත් බොහෝම උගත්. ඔවුන්ට ධර්ම ග්‍රන්ථ ප්‍රචාරය කරන්න පුළුවන් ගිරව් වගේ කට පාඩමෙන්. එහෙත් ඔවුන්ගේ ඇතුළාන්ත අභිලාසයන් දෙවියන් සඳහා සත්‍ය සඳහා වන්නක් නොවෙයි. ඔවුන් සොයන්නෝ-seekers- නොවෙයි. ඔවුන් සූරාකන්නෝ....

[-පූජකයෝ සහ දේශපාලකයෝ, ආධ්‍යාත්මික මාෆියාව - ඕෂෝ]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- The Priest and the Politician - the Mafia of the Soul. From: Osho, Rajneesh
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් රත්තරං ටික
ඔවුහු අප මෙන්ම වූ මිනිස්සු වූහ!
ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්
චේ [උපුටන දෙකක්]
පරිකල්පනික අතික්‍රමණය​
මිහිතලේ අසරණයෝ
BoondiLets
කාල් සගාන් අසයි.
මට, මේ ඉතිහාසගත මොහොතේ වඩාත්ම උත්ප්‍රාසාත්මක සංකේතය නම් ජනාධිපති රිචඩ් එම්. නික්සන් අත්සන තැබූ, ඇපලෝ 11 යානය, සඳ මතට රැගෙන ගිය සමරු ඵලකයයි. "අපි සියළු... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook