Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
මගේ නොවැම්බරය
බූන්දි, 15:33:46
‛සිහින අත් හළ මිනිස් දිවිය, හිම මිදී ගල් වූ මුඩු බිමකැ’යි ලැන්ග්ස්ටන් හියුස් කෙටි කවක ලීවේය. ඒ අනුව බොහෝ විට ජීවන මගෙහි තෝරාගැනීම් දෙකකි. එක්කෝ උස් මිනිස් දිවියකි. නැතහොත් නිස්සාර මුඩු බිමකි. සතුරන් විසින් වටලනු ලැබ මරණයේ අගාධ ඉමෙහි සිටගත් මිනිසුන් පවා නිදහස පිළිබඳ සිහින අත් නොහරින්නේ එබැවිනි. යුක්ති ධර්මය කෙරෙහි නොසිඳෙන මිනිස් අනුරාගය ඒ සිහින මොළවාලන ගිනි සිළයි.

නොවැම්බර් මාසය, එවැනි අග්නි ජාලාවකින් ශේෂ වූ ගිනි පුළිඟු සැඟවුණු අතීත මතක සොහොනකි. ඒ මතක සොහොනෙහි අමතකව ගිය එක් ගිනි පුළිඟුවක් දහ නව අවුරුද්දකට පෙර මගේ ජීවන කුරුසිය බවට පෙරළිණ. ඒ රංජිත් රත්නායක සහෝදරයාගේ මරණයෙනි.

රංජිත් හා මා මුල් වරට මුණ ගැසුණේ අසූවේ දශකය අග භාගයේ එළඹුණු පෙබරවාරියකදී ය. ඒ උදෑසන, බණ්ඩාරවෙල ලංගම ඩිපෝව ඉදිරිපිට බස් නැවතුමේ අපේක්‍ෂා සහගතව රැඳී සිටි කිහිප දෙනෙකු අතර හුන් සම වයසැති කළු, කෙසඟ යෞවනයෙකු කුළුපග මිතුරු මදහසකින් මා හා බැඳිණ. වසරකට වැඩි කාලයක් දිග්ගැසුණු අහඹු මිතුදමක ඇරඹුම සළකුණු වූයේ පෙබරවාරියේ ඒ අනපේක්‍ෂිත උදයෙනි. ඉක්බිති එළඹි සතියක් මුළුල්ලේ ඌව පරණගම මූකලන් ගහණ කඳු මුදුනක මුළුදුන් අධ්‍යාපන කඳවුරක අපි රහසිගත දේශපාලනයේ පළමු පාඩම් කුළුඳුලේ වනපොත් කළෙමු. ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලිකයෙකු වීමේ උවමනාවෙන් බණ්ඩාරවෙල මැදි මහ විදුහලේ උසස් පෙළ පන්තියෙන් පිටමංව නික්ම ආ රංජිත්, අප බොහෝවුන් මෙන් වෙනස් ලංකාවක් කෙරෙහි වූ යෞවන උද්වේගයෙන් ඇවිළිණ. උඩුහාවර මකුළ කඳු මුදුනේ රහසිගතව සංවිධානය කළ කඳවුරෙන් පිටත රාත්‍රී රැකවල් මුරයට යෙදවෙන පැය කිහිපයේදී අපි ඒ සිහින මුල් වරට එකිනෙකා හමුවේ වැමෑරීමු. පෙබරවාරි සීතල වාඩි ලා ගත් මකුළ කන්දට ඉහළින් වලා රහිත අහස් තලය අනන්තය තෙක් ඔහේ පැතිරී තිබිණ. ඒ අඳුරු මැදියම් අහසේ ගොම්මන් නිල් ආලෝකය යට වාඩි වී කවට බස් කියමින් නිදි වැරූ උද්වේගකර දවස් ප්‍රචණ්ඩ වා සුළියකින් කෙළවර වනු ඇතැයි අප කෙසේ නම් දැන සිටින්නද?

ඒ දිගු දවස් නිමවා මකුළ කන්ද බැස ආ සියල්ලෝ දිවි පරදුවට තබමින් යුක්තිගරුකභාවය පිළිබඳ සිහින හඹා ගියහ. ඒ සිහින බොහෝමයක් අප කැළඹූ නොමේරූ උද්වේගයන්ගෙන් උපන් බව ඇත්තකි. නමුත් දිවි දෙවෙනි කොට අවදානම සමග ගෙවුණු අවිවේකී දවස් කෙළවර වෙනස් ලංකාවක් හමුවනු ඇතැයි බොහෝ දෙනා කල්පනා කළහ. ඒ නිහඬ කඳුකරයේ අඳුරු පයිනස් කැළෑ තුළත්, තේ වතුයායන් අතරේත්, පාළු දුම්රිය පොළවලත් රහස් බස් මුමුණමින් අපි අපේ සිහින වැපිරීමු. මිනිස් ඝාතක හමුදා රැක සිටි මුරපොළවල් නිරුපද්‍රිතව පසුකොට, සෝදිසි මෙහෙයුම් වට වලින් ගැළවීගත් හැම වරෙකම ජයග්‍රහණය පිළිබඳ නොගැඹුරු ඒකාන්ත විශ්වාසයෙන් අපි උද්දාම වීමු. වේගයෙන් ගෙවී ගිය ඒ භීෂණකාරී දවස් පිරී තිබුණේ සංහාරයන්ගේ ආතතියෙනි.

අත් අඩංගුවට පත්වීම පිළිබඳ බොහෝවුන් තුළ දළු ලෑ අනියත සිතිවිලි මාත්‍රයන් ඇසූ - දුටු රුදුරු යථාර්ථයන් හා බැඳී තිබිණ. පුන්සිරි සොයිසාගේ එකම ගීත පටිය වාදනය කරමින් හීල්ඔය බලා යන සුපුරුදු කුලී වෑන් රියේ පිටුපස අසුනෙහි වාඩි වී ආ ගිය ඇතැම් සන්ධ්‍යාවක ‛තම අතැ’ඟිලිවල නිය පොතු, කටර් අඬුවකට හසු කරගත හැකි තරමට වැවී ඇතිදැ’යි පිරික්සා බලමින් රංජිත් කවටකම් කළේය. නමුත් එක්ව ආ ගිය ගමන්වල නිමාවේ කොහේ හෝ නිවසක රැය පහන් කරමින් බෙදා ගත් දිවිමග කෙළවරෙහි වෙනස් ඉරණම් රැඳී ඇතිදැයි ගැඹුරින් කල්පනා කරන්නට ඉඩ ලැබෙන සන්සුන් දවස් අප වෙත නොආවේය. 1989 අප්‍රේල් මාසයේ හමුදා අත් අඩංගුවට පත් වූ ගුණරත්න බණ්ඩාර සහෝදරයා නිදහස් කරගනු වස් කැඳ වූ දැවැන්ත සිසු පෙළපාලි මාවත් අවහිර කරමින් ගලා යනු සීවලී විදුහල් මං සන්ධියට වී බලා සිටි රංජිත්ගේ උද්වේගයෙන් ඉපිළ ගිය ප්‍රීතිමත් යෞවන රුව දැනුදු ශෝකී මතක සේයාවකි.

නව සිහින පුබුදුවාලූ ඒ වසන්ත වර්ෂාවෙන් තෙමී බත් වුණු අපේ යෞවන දවස්, වෙඩි දුමාරයෙන් සහ ශෝකාවේගයන්ගෙන් පිරීගත් අන්ධකාර සුළියක පත්ළෙහි ගිළී සැඟව ගියේය. පහළ ඌවේ ගොවි ගම්මානයක අනන්ත දුක් තැවුල් අනුභව කොට හැදී වැඩුණු දහ හත් වියැති කෙසඟ යෞවනයෙකුගේ අකීකරු දෑස් තුළ ඇවිළුණු යුක්ති ධර්මය පිළිබඳ නොතිත් අපේක්‍ෂාවන් වධ වේදනා ගහණ ඉතිහාස අඳුරේ අතරමග අත හැරිණ. ඒ භීම සමය කෙළවර අත් අඩංගුවට පත්වීමෙන් පසු බදුල්ලේ හාළිඇළ මෝටර්ස් යුද හමුදා වධකාගාරයේ දී ගෝනියක බහා උදළුවලින් පහර දී මරා දමන තෙක් සමාජ යුක්තිය පිළිබඳ සිහින අත් නොහළ රංජිත් රත්නායක සහෝදරයා පිළිබඳ අවසාන මතක මාත්‍රයන් දැන් නොනැසෙන සංවේගයක් වී සිතුම් ගැඹුරේ ඇමිනුණු විස ඊ තුඩකි.

ඒ වියෝග අන්ධකාරය පහව නොගිය දහනව අවුරුද්දකින් පසු දැන් යළිත් නොවම්බරයක් එළඹ තිබේ. දකුණේ රණවිරු සේනා පෙරටු කොටගෙන රැළි ගසන මහා ජාතික අභිමානයේ තේජාන්විත ධජ පතාක, බණ්ඩාරවෙල නගර ශාලාවේද, බෙරගල සමර් ෆැෂන් ඇඟලුම් කම්හලේද, බදුල්ලේ හාළිඇළ මෝටර්ස් ගරාජයේද පවත්වාගෙන යනු ලැබූ රජයේ නීත්‍යානුකූල හමුදාවන්ගේ වධකාගාර ඉදිරිපිට ඒ අතීත දවස්වල ළෙල දුන් බවක් මගේ මතකයේ නොමැත. දිවා රෑ වමාරා කන සිංහලයේ මහා වංශ කතාවේ ‛ලේ මාගලෙන්’ වසා දමන ලද දකුණේත් - උතුරේත් මිනිස් පරම්පරාවන්ගේ වීර ජීවන පුරාවෘතයන් මගේ පරපුරේ නොලියැවුණු වංශ කතාවේ උරුමයයි. විඩාබර ජීවිතයෙහි ඉඩක් ලද මොහොතක නැවතී හිඳ අතීත දවස් ගැන මිතුරු සාමිචියේ යෙදෙන්නට අහම්බෙන් හෝ යළිත් කිසි දිනක මුණ නොගැසෙන රංජිත් රත්නායක වැනි සියක් දහසක්වුන් විසින් අත් නොහළ සිහින නිධන් වී ඇත්තේ ඒ උරුමය තුළ ය.

"වසත් කල ආ විට
තණපත්
හරිත පෑයෙන්
පෙරළා යළිත් පැමිණෙයි....

එද
කළණ සුමිතුර
ඔබත් එහෙමද?"

- චීන කිවි වන්ග් වෙයි


- 'රාවය' | 2008 නොවැම්බර් 09
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Janatha Vimukthi Peramuna, Ranjith Rathnayake, 1987–89 JVP Insurrection
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
රෝහිත භාෂණ අබේවර්ධනගෙන් තවත් වියමන්
පොත්
'මළ දූපත': මුල්ලිවයික්කාල්වලින් පසු කවි ලිවීම
අදහස්
පසුව ඝාතනය වීමේ වරප්‍රසාදය, අත්වැරදීම් සහ සමූහ ඝාතන
කතා-බස්
"ජනමාධ්‍යවේදීන් සතු සුවිශේෂ කාර්යභාරය ජනතාවගේ බුද්ධිය පුළුල් කිරීම යි." -දයාසේන ගුණසිංහ
අදහස්
රයිනෝසිරස්ලා.....!
අදහස්
ජූලි මාසයක මතක මාත්‍ර
තවත් අදහස් බූන්දි
To Sir, With Love!
විද්‍යාවේ සියවසක පිම්ම!
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
BoondiLets
ඊ.ඩබ්. අදිකාරම් ලියයි- "පරමාර්ථය සහ මාර්ගය"
දම්වැලක එක පුරුකක් ඊළඟ පුරුකට සම්බන්ධව පවත්නාක් මෙන්ම පරමාර්ථයක් දෙසට යන ගමනක සෑම පියවරක්ම ඊළඟ පියවරට සම්බන්ධව පවතියි. පරමාර්ථය යනු මාර්ගය නැමති දම්වැලේ අවසාන පුරුකය.... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook