Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
පුහුල් දෝසි
ෆ්ලැමින්ගෝ වගතුග
බූන්දි, 23:40:50
ෆ්ලැමින්ගෝ (රණහංසයා) කියන්නේ ලස්සන, රෝසපාට ට හුරු රතුපාටින් යුක්ත කුරුලු විශේෂයක්. ෆ්ලැමින්ගෝ ජාති හයක් ඉන්නවා. ‘ග්‍රේටර් ෆ්ලැමින්ගෝ’ (අපි‍්‍රකාව, යුරෝපය, ආසියාව) , ‘ලෙසර් ෆ්ලැමින්ගෝ’ (අපි‍්‍රකාව, ඉන්දියාව) ,‘චිලියන් ෆ්ලැමින්ගෝ’ (දකුණු ඇමරිකාව) , ‘ජේම්ස් ෆ්ලැමින්ගෝ’ (දකුණු ඇමරිකාව) , ‘ඇන්ඩීන් ෆ්ලැමින්ගෝ’(දකුණු ඇමරිකාව) සහ ‘ඇමරිකන් ෆ්ලැමින්ගෝ’(කැරබියානු දූපත්).

මේ ලිපියෙන් වැඩිපුර කියැවෙන්නේ ‘ඇමරිකන් ෆ්ලැමින්ගෝ’ ගැනයි. Phoenicopterus ruber කියන්නේ මොවුන්ගේ විද්‍යාත්මක නාමයයි. මේ ෆ්ලැමින්ගෝ විශේෂය අඩි 3 - 5 ක් උස වන අතර බර රාත්තල් 5 - 6 ක් පමණ වෙනවා. පිරිමි ෆ්ලැමින්ගෝ මදක් ගෑණු ෆ්ලැමින්ගෝ ට වඩා විශාලයි. මොවුන්ගේ අත්තටු සාමාන්‍යයෙන් රෝසපාට ට හුරු රතුපාටින් යුක්ත වන අතර, කකුල් රෝස පාටින් යුක්ත වෙනවා. හොටේ ආරම්භය සුදු පාටින් ද, හොට මැද රෝස පාටින්ද, හොට අවසන කළු පාටින් ද ලස්සනට හැඩවෙලා තියෙනවා.

උතුරු ඇමරිකාවේ වනගතව ජීවත්වෙන්නේ ‘ඇමරිකන් ෆ්ලැමින්ගෝ’ විශේෂය විතරයි. ඔවුන් කැරබියානු දූපත් වන බහමාස් , කියුබාව සහ හිස්පැනිඕලා , ගැලපගොස් දූපත් සහ මෙක්සිකෝවේ සමහර ප‍්‍රදේශ වලත් ජීවත්වෙනවා.

වගුරු බිම්, විල් හෝ මද වශයෙන් වතුර ගැවසෙන ප‍්‍රදේශ සිය වාසභූමිය කරගන්නා මේ කුරුල්ලන් සමහර විට ජීවත්වෙන්නේ 10,000 වැනි විශාල රංචු වශයෙන්.

ෆ්ලැමින්ගෝ ගොඩක් වෙලාවට වතුරේ හෝ මඩේ ඉන්නා, කුඩා සත්වයින්, කබලු මත්ස්‍යයින් වැනි දේ ආහාරය කොට ගන්නවා. සිය රෝසපාට වර්ණකය මොවුන්ට ලැබෙන්නේත් ඒ හේතුවෙන්.

නිතරම ජලය ආශි‍්‍රත ප‍්‍රදේශයන්හි එරි එරී ඇවිද්දත් මොවුන්ට ගොඩක් හොඳින් පියාඹන්නත් පුළුවන්. රංචු වශයෙන් පියාසර කරන මොවුන්, පියාසර කරන්නට ප‍්‍රථම දිවගොස් සිය වේගය එක් රැස්කර ගන්නවා.

ෆ්ලැමින්ගෝ එක කකුලකින් හිටගෙන ඉන්න හේතුව නම් විද්‍යාඥයින් පවා 100‍% ක්ම දන්නෙ නෑ. හැබැයි ඔවුන් අනුමාන කරන හේතු කීපයක් තියෙනවා. සමහර කියන්නේ එක කකුලක් උණුසුම්ව තියාගන්න ඕනැ නිසා කියලා. සිරුරට ආසන්නව එක කකුලක් තියාගෙන කකුල උණුසුම් කරන මේ ක‍්‍රමය, සීත කාලයට ගොඩක් ප‍්‍රයෝජනවත් වෙනවලු. තවත් අදහසක් තමා මාරුවෙන් මාරුවට හරි කකුල් වේලගන්න තියෙනවයි කියන උවමනාව. තම ගොදුරු පහසුවෙන් අල්ලගන්නත් පුළුවන්ලු එක කකුලකින් හිටගෙන හිටියාම. කකුල් දෙකෙන්ම හිටගෙන ඉන්නකොට වඩා එක කකුලකින් ඉන්නකොට, ඒ ඒක ගහක් වගේ පේන නිසා. එක කකුලකින් හිටගෙන ඉන්නා හේතුව කුමක් වුණත්, සැලකිය යුතු බරක් ඇති මේ කුරුල්ලන්, එක කකුලකින් සමබරව ඉන්නා අයුරු පුදුමයක් නෙමෙයිද? මොවුන් නිදාගන්නෙත් එක කකුලක් උඩට ඔසවාගෙන.

ෆ්ලැමින්ගෝ දෙමාපියන් ඔවුන්ගේ දරුවන්ට අවුරුදු හයක් වැනි කාලයක් ආරක්ෂාව සපයනවා. අවුරුදු 40ක් පමණැති කාලයක් ජීවත්වෙන මේ කුරුලු විශේෂය බොහෝ කාලයක් ජීවත්වෙන කුරුල්ලන් අතරට අයිති වෙනවා. මඩෙහි සිය කූඩුව තනන මොවුන් වරකට බිහි කරන්නේ එක විශාල බිත්තරයක් පමණයි. එයට කුරුලු ජෝඩුවම වරින් වර උණුසුම සපයනවා. අපි‍්‍රකාවේ වෙසෙන ෆ්ලැමින්ගෝ විශේෂය ඇතැම් විට මිලියන එකක පමණ විශාල රංචුවකින් සමන්විතයි. ඒ තමයි ලෝකයේ විශාලතම කුරුලු රංචුව. ෆ්ලැමින්ගෝ හඬ පාත්තයන්ගේ හඬට සමානයි.

[අන්තර්ජාලය ඇසුරෙන්]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Greater Flamingo, Lesser Flamingo, Chilean Flamingo,James Flamingo,Andean Flamingo,American Flamingo, Bahamas, Cuba,Galapagos Islands, Hispaniola,Mexico
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
මුතු පබාගෙන් තවත් වියමන්
කවි
වෙනසක වෙනස
කතන්දර
දේදුන්න අයිති කාටද?
කතන්දර
සිහින සිත්තම
කතන්දර
සතුට
තවත් පුහුල් දෝසි
ක්ලෝනීයකරණයෙන් උපන් ඩොලී
මිනිසා හඳට යයි...! (එදා දිනමිණ- මිනිසා සඳ මත පා තැබූ පුවත රටට කී හැටි)
චීනයේ රතු ලන්තෑරුම් උත්සවය සහ මකර-සිරස උත්සවය
කඩදාසියේ කතාව
ෆන් පිටුවෙන් එළියට ආ ලෝකේ පළමුවැනි හරස්පද ප්‍රහේළිකාව
BoondiLets
අඳුර පලාගියේය!
තල්මසාගේ සිරුර ඇතුළත වූයේ අඳුරයි. පිනෝකියෝ පාවෙමින් තල්මසාගේ කුසෙහි ගැඹුරු ආගාධයට ඇදී ගියේය.

ඉමක් නැති ගණඳුර මැදින් හදිසියේම කුඩා ආලෝකයක් පහළ විය.

"කවුද ඔතන?" පිනෝකියෝගේ... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook