Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රත්තරං ටික
පරිකල්පනික අතික්‍රමණය​
බූන්දි, 20:34:22
හිස් අවකාශයක දැකිය හැක්කේ කුමක්ද? අනන්තය දක්වා පැතිරී ගිය ශූන්‍ය බවයි. නිසලව ඇඳ මත වැතිර සිටින වින්සන්ට් ලංකාතිලකගේ දෙනෙත් යොමු වී තිබෙන්නේ ඒ ශූන්‍ය බව වෙතටයි. ඔහුගේ අතීතය වර්තමානය සහ අනාගතය එකිනෙක සමපාත වෙමින් පවතී. එවැනි අවස්ථාවක කාලය ගෙවී නොයයි. කාලය හා අවකාශය අතර සහ-සබඳතාවය ගිලිහී යයි. වින්සන්ට් ලංකාතිලක මුහුණ පුරා ඇත්තේ උපේක්‍ෂා සහගත බැල්මකි.

විනාඩි කීපයක් ගත විය. සුදු කබායක් ඇඳ සිටි වෛද්‍යවරයෙක් වින්සන්ට් ලංකාතිලකගේ හිසෙහි ශංඛක ප්‍රදේශයේ දෙපස විද්‍යුද්වාර දෙකක් සවි කලේය​. දිව නොහැපෙනුවස් හෙදියක් ඔහුගේ දත් අතර රබර් සහ ප්ලාස්ටික් වලින් නිම වන ලද කෙටි මිටක් තැබුවාය​. ඉක්බිති වින්සන්ට් ලංකාතිලකගේ මස්තිෂ්කය හරහා විද්‍යුත් ධාරාවක් යවන ලදි.

විද්‍යු්ත් ධාරාව මොලයේ සෛල හරහා යමින් මස්තිෂ්ක සෛල වල රසායනික ක්‍රියාකාරිත්වය විප්‍රකාරයකට ලක් කරනු ලැබීය​. හයිපෝතැලමස ආශ්‍රිත ප්‍රදේශයේ ඇතිවූ දාම ප්‍රතික්‍රියාව විවිධ රසායනිකයන් ශ්‍රාවය උත්සන්න කලේය​. එසේම රසායනික අධිසංවේදීතාවට පත් වූ මස්තිෂ්කයේ හිපකැම්පස ප්‍රදේශය අතීත ස්මරණයන් මතුපිටට ගෙන එන ලදි. ඒ අතර කාලය තුලදී මානසික රෝගියාගේ සිරුර අපස්මාර ගැස්මකට ලක් විය​.

*******

දාලියා ඇලෝනි, වින්සන්ට් ලංකාතිලකගේ අත ගෙන ටෙල් අවිව් හි නිරිම් මාවතේ ගමන් කරමින් සිටියාය. සුදු පොස්ෆරස් වෙනුවට ඔවුන් ගේ දෙපයට පෑගුනේ සිහින් වැළිකැටය​. ගාසා තීරයේ අඳෝනා වෙනුවට ඔවුනට ඇසුනේ ශ්ලෝමෝ අර්ත්සියි ගේ Kmo Az ගීතයයි.

"මට ආසයි කුජෙල් එක්ක රතු වයින් වීදුරුවක් බොන්න." දාලියා කීවාය​.

"මටත් ආසයි." වින්සන්ට් කීවේය​. "ඔබ මගේ සිත කියවනවා නේද?" ඔහු දාලියාගෙන් ලයාන්විතව ඇසුවේය​.

"වෙන්න පුලුවන්. අපි කිමෙල් එකට යමු. මේ පාරෙන් ගියහම කිමෙල් එකට කිට්ටුයි." දාලියා කුඩා පාරකට හැරුනාය​.

ඔවුන් දෙදෙනා කිමෙල් අවන්හල වෙත ගියහ​. කිමෙල් අවන්හල වසර 129 පමණ ඉතිහාසයක් ඇති පැරණි අවන්හලකි. මෙවැනි අවන්හල් ටෙල් අවිව් හි ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයකි.

ඔවුන්ව ඉතා සාදරයෙන් පිලිගත් යීඩිෂ් උරුවට ඉංග්‍රීසි කථා කල වේටර්වරයා දෙදෙනෙකුට පමණක් ඉඩැති මේසයක් වෙත ඔවුන් ගෙන ගියේය​.

"අපට රතු වයින් බෝතලයක් - Gaja Barbaresco ඔබලා ළඟ තිබෙන පැරණිම බෝතලය ගේන්න​." වින්සන්ට් ඇනවුම් කලේය​.
මම හිතුවේ ඔබ ඉතලියානු වයින් වලට වඩා ඕස්ටෙ‍්‍රිලියානු වයින්වලට කැමතියි කියලා දාලියා මඳ සිනාවෙන් යුතුව පැවසුවාය​. වින්සන්ට් ඇයට පිළිතුරු දුන්නේ නැත​. ඔහුගේ මතකය මෙල්බර්න් හි වාසය කරන සැන්ඩ්‍රා කරා ගියේය​. ඔහු නිහඩව අවන්හලේ බිත්තියේ වූ විශාල චිත්‍රය දෙස බලා සිටියේය​.

එය ඔරී රෙයිස්මාන්ගේ චිත්‍රයකි. කැරොබ් ට්‍රී බුලවාර්ඩ් ලෙස හඳින්වෙන මෙම චිත්‍රයයෙන් නිරූපනය වන්නේ දෙපස තද කහ පැහැයෙන් යුතු ගස් වැවුණු මාවතකි. වින්සන්ට් ලංකාතිලක බොහෝ වේලවක් චිත්‍රය දෙස බලා සිටියේය​.

"වින්සන්ට් ඊට පස්සේ මොකද උනේ?" දාලියා සෙමෙන් ඇසුවාය​.

"ඊට පස්සේද?" වින්සන්ට් කිසිවක් කීවේ නැත​. යළි හිස් බැල්මකින් යුතුව ඔරී රෙයිස්මාන් ගේ චිත්‍රය දෙස බලා සිටියේය​.

"වින්සන්ට් මම ඔබට සවන් දෙනවා" දාලියා යළි කීවාය; "කියන්න ඊට පස්සේ මොකද උනේ?"

වින්සන්ට් සුසුමක් හෙලා දාලියාගේ දෙනෙත් දෙස බැලීය​.

"එය සිදු උනේ බේරූට් වල ෂටීලා කඳවුරේ. මම දැක්කේ කළු දුමාරය​. දුමාරය අතරින් ජමාල්ගේ කටහඬ අසුනා. ජමාල් ගේ හිසේ තුවාලයක්. එයින් ලේ වැගිරෙනවා​. ඔහු තමාගේ නව හැවිරිදි දියණිය සානා අත් දෙකෙන් ඔසවාගෙන හිටියා. වෙනදා ඔලිව් ගස් වටා දිව යමින් සෙල්ලම් කරන සානා අද නිහඬයි. ජමාල් ගේ දෙනෙත් වලින් කඳුළු වැෙටනවා. ශෝකය සමග ක්‍රෝධය මම ඔහුගේ මුහුණින් දුටුවා. සානා ගේ අප්‍රාණික ශරිරීරය දෙස මම මොහොතක් බලා සිටියා. මට සංස්කාරයන් ගේ උපත පැවැත්ම හා විනාශය: උත්පාධ, ථිති, භංග සිහියට ආවා.

සංස්කාරයෝ මෙසේ අනිත්‍යයහ. සංස්කාරයෝ මෙසේ අස්ථීරයහ. සංස්කාරයෝ මෙසේ සැනසීම් රහිතයහ. මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නොඇලීමට සුදුසුමය. ඔවුන් කෙරෙන් මිදීමට සුදුසුමය.

මගේ ශ්‍රවණේන්ද්‍රිය අසලින් වෙඩි උණ්ඩයක් ගියා. මම ගරා වැටුණු ගොඩනැගිල්ලක් තුලට දිව ගියේ වෙඩි උණ්ඩ වලින් බේරීම පිණිසයි. ගොඩනැගිල්ලේ පහත මාළයේ මළකඳන් ඒ මේ අත විසිරිලා. වැඩි දෙනෙක් ළමුන් සහ ගැහැණු. ඔවුන්ව මරා දමා තිබුනේ තියුණු ආයුධ වලින් කපලා. දසත ලේ ගලාගෙන යනවා. මගේ බූට්ස් වල ලේ තැවරිලා. එය ඔක්කාරය දනවන භයානක දසුනක්. මම දෙවන මහළට දිව ගියා.

දෙවන තට්ටුවේ ජනේලයකින් මම දුටුවා මුළු ෂටීලා කඳවුර වටා ඊශ්‍රායෙල් හමුදාවේ යුද ටැංකි. මම දැක්කා සුදු පසුබිමක නිල් ඉරි දෙකක්. එය මධ්‍යයේ නිල් පැහැති දාවිත් තරුව​. ගොලායත් යෝධයා පණ අදිනවා. දාවිත් ගේ මෙර්කාවා චැරියට් නම් කැටපෝලයෙන් විදි උණ්ඩයක් මා සිටි ගොඩනැගිල්ල අසලට වැටී පිපිරී ගියා. ඒ ස්ඵෝටනය නිසා මුළු ගොඩනැගිල්ලම දෙදරුම් කවමින් ධූලි සහ වැලි කැට මගේ ශරීරය පුරා හැලුනා.

මාර්ගය දිගේ ලෙබනන් මිලිෂියා භටයන් එනවා. ඔවුන් ගේ අතේ ඊශ්‍රායෙල් හමුදාව භාවිතා කරන මිනි උෂි අවි. එක් භටයෙක් තුවාලලත් තරුණියක් වත්තන් කරගෙන ගිය මහළු පලස්තීන ජාතිකයෙකුට වෙඩි තිබ්බා.

'නාන් ඇරබ්බක් උලා ශර්මූත්' ඔහු තම මිය යන ගොදුර දෙස බලා සාප කරනවා."


"වින්සන්ට් ඇති මට තවත් මෙය දරා ගන්න බැහැ" දාලියා පැවසුවාය​. ඇයගේ දෙනෙත් වල කඳුලු පිරී ඇත​.

"මිනිසා තමා ස්වභාව ධර්මයේ නපුරුතම සත්වයා" දාරියා සෙමෙන් කීවාය​.

"ඔබ සිතන්නේ ඔහු ඒ ගැන චිත්ත රූප දකිනවා කියලද?"

"කව්ද?" වින්සන්ට් ඇසීය​.

"වෙන කවරෙක්ද ? ඒරියල් ෂැරෝන්"

"ඔහු වසර ගනනාවක් පුරා නිසලව තමන් ගේ අවකාශයක සිරවී චිත්ත රූප දකිමින් සිටිනවා"

"ඒ චිත්ත රූප මොන වගේද?"

"විවිධාකාරයි, ඒවා නොයෙකුත් හැඩතළ වලින් යුක්තයි. කාලය සහ අවකශයක් තුල සිරවී සිටින සිරකරුවෙකුගේ සිතිවිළි විවිධාංගයි. එය ඔබට සිතා ගැනීමට වත් බැහැ​."

"ඔහු යම් කිසි පුද්ගලයෙකු හෝ පුද්ගලයන් දකිනවාද?"

"ඔව් ඔහු ජොශුවා සහ මෝසෙස් නිතරම දකිනවා"

"ඒ කොහොමද?"


"ඒ ඔහුගේ විශ්වාස පද්ධතිය නිසා. ඔහු ක්‍රිස්තු භක්‍තිකයෙකු වූයේ නම් දකින්නේ සාන්ත පීතර හින්දු ආගම ඇදැහුයේ නම් දකින්නේ ක්‍රිෂ්ණා"

"ඒ කියන්නේ ඔහු යුදෙව් ආගම ඇදැහූ නිසා දකින්නේ ජොශුවා සහ මෝසෙස්"

"ඔව්"


"මේ රූප හැර වෙන යම් රූප ඔහු දකිනවාද?"

"ඔහු හිස් අවකාශය දකිනවා"

"ඔහු පලස්තීනයේ කිබියා ගම්මානයේ සිදුවූ සිද්ධීන් දකිනවද ?"

"සමහර වේලාවට"


"අනෙකුත් සිදුවීම්?"

"ඔහු සියල්ලම පාහේ දකිනවා"

"ඔහු ඒ පිළිබඳව පසුතැවිලි වෙනවද?"

"දාලියා ඔහු ඒ පිළිබඳව පසුතැවිලි විය යුතුමද?"

"ඔබ කියන්නේ ඔහුට හෘදයසාක්‍ෂියක් නැතැයි කියාද​?"


"ඔහුට ඔහුටම උරුම වූ හෘදයසාක්‍ෂියක් ඇති. එය ඔබට ඔබගේ හෘදයසාක්‍ෂිය හරහා දැකිය නොහැකියි. එය හරිය​ට ඇබිසීනියාවට ගිනි බෝම්බ හෙලූ බෘනෝ මුසලීනී ගේ හෘදයසාක්‍ෂිය අපි විනිශ්චය කරනවා වගේ"

"මට මේ කිසිම දෙයක් තේරෙන්නේ නැහැ වින්සන්ට්"

"අවකාශයක් තුල ඇති දෙයක් තේරුම් ගැනීමට මහන්සි වෙන්න එපා දාලියා. එය ඔරී රෙයිස්මාන් ගේ චිත්‍රයක් වගේ. තේරුම් ගන්න බැහැ. ග්‍රහණය කල ගත යුතුයි"

"ඒරියල් ෂැරෝන් ග්‍රහණය කලේ කුමක්ද?"

"අවකාශය තුල තිබූ දේ පමණයි දාලියා. අවකාශය තුල තිබූ දේ පමණයි"


[-මානසික රෝගියාගේ පරිකල්පනය කෘතියෙන්.]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Manasika Rogiyage Parikalpanaya by Ruwan M. Jayathunga, Ariel Sharon, Israel, Tel Aviv
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
රුවන් එම්. ජයතුංගගෙන් තවත් වියමන්
වෙසෙස්
Anna O.- Famous Case Study of Joseph Breuer and Sigmund Freud
වෙසෙස්
Nietzsche on Buddhist Philosophy
කතන්දර
දයාබර නාදන්
අදහස්
ලිහිණි හෙළෙන් පහළට බැස සිරිපා හිමේ අතරමං වූ කාන්තාව පිළිබඳ මනෝ වෛද්‍ය විද්‍යාත්මක අදහසක්
පොත්
කොන්කිස්තදෝස්- අවරෝධනය කරන ලද වේදනාත්මක මතකය
තවත් රත්තරං ටික
ඔවුහු අප මෙන්ම වූ මිනිස්සු වූහ!
ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්
චේ [උපුටන දෙකක්]
පැවිද්දා පූජකයා සහ දේශපාලකයා මිනිස් වර්ගයාට එරෙහි කුමන්ත්‍රණයක....
මිහිතලේ අසරණයෝ
BoondiLets
ඒබ්‍රහම් ජේ. හෙසල් කියයි.
ජාතිවාදය යනු මිනිසෙකු විසින් තවත් මිනිසෙකු වෙත එල්ල කරන බරපතලම තර්ජනයයි. ඇත්තෙන්ම එය නොසැලකිය හැකි තරම් කුඩා හේතුවක් සඳහා වූ අප්‍රමාණ වෛරයකි.
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook