Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
පොත් බූන්දි
මෝසේසියානු නික්මයෑමේ විප‍්‍රවාසි වේදනාව- "මගේ ආදරණීය යක්ෂණී"
බූන්දි, 23:09:12
නිශ්චිත ආදරයක් සන්නිවේදනය වෙන්නේ ඒ ආදර විෂය වස්තූන් ගැවසෙන සංකීර්ණ සන්දර්භයන් ඇතුලේ විතරයි....

මංජුල වෙඩිවර්ධනගේ ‘මගේ ආදරණීය යක්ෂණී’ අක්ෂලාංකාර පෘෂ්ඨිමය වියමන ලාංකීය ඔඩිසියානු පාරභෞතිකය සැහැල්ලූ ඒත් ශක්තිමත් වාග්මය මිටි පහරවල්වලින් ජාතික රාජ්‍ය චිත්තාපරභාවයේ අතීත වේදනාවන්, නැවත ඉතිහාසය අර්ථකතනය කරමින්, පවතින දෘෂ්ඨිමය හෙජමොනි පර්වත ධූරාවලිය කැබලිතිවලට බිඳ දමයි.

අපි යම් සුසාධිත යථාර්ථවාදී කතා පොතක් කියවන්නට සැදී පැහැදී ලක ලෑස්ති වූ විට එම පොතේ මුල් වාක්‍යාණ්ඩයෙන් හෝ මුල් ජේදයෙන්ම එක් දොරක් විවෘත වෙයි. ඒ දොරෙන් ප‍්‍රවිෂ්ඨ වී, එහි ඇති ඇතුළු දොරවල්, ජනෙල් හරහා ගොස් පිටුපස දොරෙන් ඉතා ලේසියෙන් පිටවී යා හැකිය.

එහෙත් ආදරණීය යක්ෂණී ඉදිරියේ කියවීම නැමති මිනිස් ක‍්‍රියාව, ක‍්‍රියා විරහිත වී නිශ්ශබ්දතාවයේ දෝංකාරයෙන් අප ආත්මයන් විත්තාපර වෙයි. මෙළොවට බිහිවන සෑම මිනිස් ජීවියෙක්ගේ ම යථාර්ථය විශ්වීය ක‍්‍රියාදාමයකි. නිරුවත් උපතක් නිරුවත් විපතක් අතර කාල අවකාශ අතරතුර අප රංගනයක යෙදෙන්නේ, මීට කලින් ව්‍යුහගත කරන ලද සංකේත හා සංකල්ප පද්ධතියක සිටයි. සම්මුතිගත කරන ලද මේ සංඥා පද්ධතීන් දේශපාලන බල ධූරාවලීන් විසින් තීරණය කරන අතර, එය පීඩක, පීඩිත ව්‍යුහයක් ද නිර්මාණය කරයි.

ඓතිහාසික වෘතාන්තයකට අනුව මීට ශතවර්ෂ ගණනාවකට කලින් පාරාවන්ගේ වහල්භාවයෙන් මිදීම පිණිස වහලූන් කණ්ඩායමක් අනන්ත දුක් පීඩා විඳිමින් පාළු කතරක් මැදින් තමන්ගේ ඉරණම් ගමන සොයා ගියේ තම විමුක්තිය ‘පොරොන්දු දේශයේ’ ස්ථාපිත කිරීම සඳහායි. එය බයිබල් සන්දර්භයකට අනුව මෝසෙසියානු නික්මයාමයි. තමන්ගේ නිදහස් හුස්මවල් සංසරණය වෙන තම භූමියෙන් නික්මයෑමේ විප‍්‍රවාසී වේදනාව දරාගත හැකිද? එය පතුලක් නොපෙනෙන අඳුරු ආගාධයක් තරම් බියකරුය. වේදනාබරය. ‘මගේ ආදරණීය යක්ෂණී’ හඬගා කියන ආත්මීය වේදනාව කුමක්ද?

"දන්නැත්තං අහගන්නවා. මේ හඬා වැටෙන අන්දකාරේ ඉවරයක් වෙන්නේ නැහැ. ඒ හින්දා මං නිදා ගන්නවා. අඩුමගානේ සිහිනයක්වත් ඕන වෙනවා මේ අඳුර ගෙවා ගන්න. ඒ හින්දා කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි අනිවාර්යයෙන්ම නිදා ගන්න සිද්ධ වෙනවා."
පිටුව- 13

ජීවිතයේ අර්ථ ශුන්‍ය පශ්චත්තාප අනන්‍යතා අර්බුදයක ගිලී සිටින පොතේ ප‍්‍රධාන භූමිකාව ‘මම’ කවුද කියන ප‍්‍රශ්නෙට පිළිතුරු සෙවීමට අරගල කරන්නේ ලාංකික ඓතිහාසික න්‍යෂ්ටිය සොයා යෑමේ වෙහෙසකර අධ්‍යයනයෙනි. ‘මොසේසියානුවන්ට’ තම අනන්‍යතාවය තහවුරු කර ගැනීමට ‘සීනායි’ කන්දේ අත්දැකීම ලැබුවා සේ ‘වේගවන්නා වේගාට’, ‘කුවේණි’ දෙමළ වීම සොයා ගැනීම තුළින් තම අතීත වේදනාවන් ගැළපීමට විකල්පය මුණ ගැසෙයි. එය ආත්මීය සහනයකි.

"අතීතය යනු ඉතිහාසයකයැයි වරදවා නොගන්න. මට අනුව ඉතිහාසය හැම විටම ප‍්‍රබන්ධයකි. නොඑසේ නම් කවන්දයකි. ඉතිහාසය අතීතය තරම් අවංක නැත."
පිටුව- 159

දෘෂ්ටිවාදයක් නැවත අර්ථකතනය කරන්නට යෑම ඉතාමත් පීඩාකාරී, වෙහෙසකර පොදු සමාජ සම්මුතියෙන් පිටුවහල් වෙන වේදනාකාරී අත්දැකීමකි. ‘මේඝවන්න වේගා’ දැනටමත් පිටුවහලෙකි. එය දේශපාලන පිටුවහල් කිරීමකි. ඔහුට මේ අතීත වේදනාවෙන් ගැලවීමට එකම මග ලෙස සොයා යන්නේ ඉතිහාසය ගවේෂණය කර එය නැවත අර්ථකතනය කිරීමේ චිත්තාපරභාවයේ සහනුභූතිය පමණි.

ඕනෑම මනුෂ්‍යයෙකුට, මනුෂ්‍ය සමූහයකට තමන්ගේ ජීවිත විලාසය රැගෙනයෑමට තමන්ගේ යැයි අනන්‍යතාවයක් අවශ්‍යයය. එය අහිමි වූ විට හෝ අහිමිකර දැමූවිට ජීවිතයේ අර්ථය ශුන්‍ය වී යයි.

"ආත්මීය අන්ධකාරය හා අනාත්මීය ශරීරය එකිනෙක වෙලී අන්ධකාරය ශරීරය බවටත් ශරීරය අන්ධකාරය බවටත් පෙරලී යයි. සංහාරීය ස්මරණයෙන් අන්ධකාරය තුළ නින්නාද නැංවී සිතිවිලි සියල්ල සංහාරයට ලක්වී පිටාර ගලායන රුධිරයෙන් හා කඳුලින් බැරලභයන්තරය ක‍්‍රමයෙන් පිරී ඒ තුළ ‘මම’ යනුවෙන් පැවති සියළු අනන්‍යතා ගිලී ශුන්‍ය වී යමින් පවතී."
පිටුව - 106

වර්ග ප‍්‍රාග් විනිශ්චයත්, තාක්‍ෂණික ධනවාදයත් තුළ මිනිස් පූර්ණත්වය සාක්‍ෂාත් කර ගැනීමට නොහැකි විෂම පරිසරය විසින් ලාලාසමය මිනිස් සබඳතාවල සජීවී කාව්‍යමය ශුන්‍ය අකර්මණ්‍ය වී ඇති අතර, මිනිස් වස්තුව දෙයක් බවට රූපාන්තරණය වී ‘මම’ යනුවෙන් පැවති සියළු අනන්‍යතා ගිලී ශුන්‍ය වී යමින් පවතී. ‘මේඝවන්නා වේගාගේ’ ආත්මය, තම ආත්මය තුළම කේන්ද්‍රගතවී ආනුරුන්‍යය සම ස්වරත්වය සිඳී බිඳී යුදාතුර සංහාරීය වේදනාවෙන් මිදීමට නව සාක්ෂේපණ ලෙස ප‍්‍රබන්ධ ඓතිහාසිකත්ව සවිඥාණිකත්වය තුළින් ප‍්‍රබන්ධයක් හරහා සිංහල බෞද්ධ හෙජමොනිය සංත‍්‍රාසයකට ලක්කරමින් ප‍්‍රයත්න විඥාණයක් හරහා ‘කුවන්ණා කියන්නේ දෙමළ ගෑණියෙක්ට’ කියමින් ඉතිහාසය නැවත දෘෂ්ඨිගත කරයි.

යම් දෘෂ්ඨිවාදයක් සමාජය හා පුද්ගලයා අතර ඇතිවෙන ගතික ක‍්‍රියාවන් ප‍්‍රතිනිෂ්පාදනය වී එම මතවාදය ව්‍යුහාත්මක චලයාකාරීත්වයෙන් යථාර්ථයක් බවට පත්වෙයි. සංකීර්ණ වෘතාන්ත ප‍්‍රබන්ධකරණයක් වන ‘ආදරණීය යක්ෂණී’ මහා ව්‍යාඛ්‍යානය ව්‍යුහය විසින් පිටුවහල් කිරීමේ විභවතාවය වැඩි අතර, මේ මොහොත තුළ මෙය පුළුල් සංවාදාත්මක අවකාශයක් ගොඩනැගීම දේශපාලන ක‍්‍රියාදාමයක් සේම පුණ්‍ය කි‍්‍රියාවකි. එහෙත් නැතිනම් මේඝවන්නා වේගා මෙන් රටක ඉතිහාසය සොයාගිය වරදට සරණාගතයෙක් නොවන ගන්ධබ්බයන් බවට පත් වූ වේගලාගේ ජීවිත අර්ථ ශුන්‍ය වෙයි.

මේඝවන්නා වේගා හා නේත‍්‍රම්බිබාගේ ඇමරෝසියන් [Amorous] ලිංගිකාරම්මණයෙන් අනන්‍යන්දනීය භෞතිස්මයෙන් ස්වර්ගීය ලෝකය මත සම්බන්ධ වීමට නේත‍්‍රබිම්බා නම් කැඩපත අභිමුඛ වෙයි. තම අර්ථවිරහිත ආත්මයට නව අර්ථයක් ගෙන එන්නේ නේත‍්‍රබිම්බා සමග ඇතිවන අනුරාගී, ශෘංගාරාත්මක වේදනාබර හැඟීම් සමුදාය හරහාය.

"ආදරය තියන තැනක අන්තරාවකට මුහුණ දෙන එක සැහැල්ලූයි. මට දැනෙනවා දැන් මගේ මරණයට වුණත් අර්ථයක් තියෙනවා කියලා."
පිටුව- 14

සිහින දේශයේ සිහින අත්අඩංගුවට ගනිමින් උකුසු ඇස් මානයේ සංඛේතාත්මක සංස්කෘතික ජීවිත මානව මනසින් ගිලිහී යමින්, බලාපොරොත්තු සුන්වීමේ සංකාමය වේදනාවෙන්, මරණ සහතික අත්සන් කරමින් ඉන්න හිස් අවකාශයක ‘මේඝවන්න වේගාට නේත‍්‍රබිම්බාගේ ඇස් තුළින්’ තම වේදනාත්මක අතීත ආකෘතියට ඇතුළු වීමට හැකි වීම ආත්මිය සහනයකි.

"හීන ඇතුලේ ඇස් තියා ගන්න එකත්, ඇස් ඇතුලේ හීන තියා ගන්න එකත්, දෙකම කෙරෙන්න ඕන පරිස්සමට. සමහරුන්ට ඇස්වලින් හීන පේනවා. තවත් සමහරුන්ට හීනවලින් ඇස් ලැබෙනවා. ඇස් කියන්නෙම හීනයක් කියලා හිතන අයට ඇස් නෑ."
පිටුව- 24

රාමුගතකරන ලද ජීවන සිතුවමෙන් ප‍්‍රතිවිරුද්ධ පර්යාලෝකනය දෙස බැලීමට මගේ ආදරණීය යක්ෂණී අන්තර්ගත ආකෘතිය ස්ථාවර කේන්ද්‍රත්වය ධ‍්‍රැවීකරණයකට ලක් කරන්නේ එහි ඇති රස සංතර්පණය කෘතියේ ඇති ගැඹුරු ජීවන දහම තුළින් පාඨිකාවට අවශෝෂණය කරගැනීමට ඉඩ සලසමිනි. කියවීමේ න්‍යාය හරහා ගොඩනැගෙන්නේ ගැඹුරු මිනිස් සංස්කෘතියකි. එය මතින් ගොඩ නැගෙන්නේ ජීවිතයයි. ආදරයයි.

"ප්‍රේමය වනාහී හැඟුම් සමුදායන්ට කිසිදු බාධාවකින් තොරව නිවහල්ව ගලායාමට අවකාශ සැලසීමකි."
පිටුව- 24

ආදරණීය යක්ෂණී හුදු ප‍්‍රබන්ධාත්මක වාග් සැරසිලි ව්‍යාපෘතියක් පමණක් නොවේ. එය ගැඹුරු ජීවන ආත්මීය විවරණයක් සේම සමාජ දේශපාලන විරූප නර්තන ආකෘතියේ ප‍්‍රතිබිම්භයක්. මාගේ මේ සුළු වියමන, කෘතිය පිළිබඳ අංශුමාත‍්‍රයක් පමණි. අපට මුණ ගැසෙන අපේම ආදරණීයන් දෙස සංසයෙන් නොබලා ඔවුන්ට ජීවිතය දෙන්න. ආදරය දෙන්න.

"ඇත්තටම ආදරේ දෙදෙනෙක් නම්, එකිනෙකා අතර ඇති සාමාන්‍ය ජීවන ස්වභාවයන් විඳගැනීමට ඔවුනොවුන්ට හැකිවිය යුතුය. හිතේ කිසිදු සැකයක් තියා නොගන්න. මා බලා සිටින්නේ ලාංකීය ඉතිහාසය අර්ථකථනය කිරීමට ගොස්, උන්හිටිතැන් නැතිවී, බීමෙන් නාස්ති වුණ මැදි වයසේ මිනිහෙකු දැක ගැනීමට මිස, අසු පිටින් බසින ප‍්‍රංශ කුමාරයකු පිළිගැනීමට නොවේ. අප ජීවිතය දැකගත යුත්තේ ඔබ ගිලී සිටින බෝතලය පතුලෙන්ය. එහි පතුලත පැරණි රතු වයින් බෝතලයක් මෙන් ඇතුළතට නෙරා තිබීමට පිළිවන."
පිටුව- 102
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- A review on Mage Adaraneeya Yakshani [My Beloved Demoness] (2013) by Manjula Wediwardena,Sinhala Novels, Sri Lankan Fictions, Sinhala Nawakatha, Kuweni, Kuwanna
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සාලිය ඉඳුරුවිතානගෙන් තවත් වියමන්
පොත්
දියෝනිස් දෙවොලට නදී විසින් යැවූ අසනි සැරය
තවත් පොත් බූන්දි
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
මී පුප් සේ රස 'හෑල්ල'
BoondiLets
මාර්කේස්ගේ සමුගැනීමේ ලිපියෙන්.
අප සියළු දෙනාට ම අවශ්‍යව ඇත්තේ සාර්ථකත්වය නම් වූ ගිරි-ශිඛරයට ළං වීමටයි. එහෙත් ජීවිතයේ සැබෑ තෘප්තිය ළඟාකර ගත හැක්කේ එතැනට ළඟාවීමෙන් නොව එතැනට යාමට අප... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook