Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
පොත් බූන්දි
සන්නස්ගල ගේ "අම්මා"- තමන්ගේම ප්‍රතිබිම්බයට වෙඩිතැබීමක්
බූන්දි, 18:09:10
ස්වයං ලිඛිත චරිතාපදානයක් (Autobiography) සැකසීම කැඩපතක් ඉදිරියට ගොස් තමන්ගේ නිරුවත දැකීමක් වගේම පෙන්නීමක්. එය කිසියම් ආකාරයකට නිර්භීත ක්‍රියාවක් වන්නේ තම ජීවිතයේ සියළු අඳුරු අහුමුලු විදුලි පන්දමකින් ආලෝක කර අපට පෙන්නවා නම් පමණයි. මා කියවා ඇති එවැනි ස්වයං ලිඛිත චරිතාපදානයන් අතුරෙන් මා වඩාත්ම ඇලුම් කරන්නේ කමලා දාස් ගේ My Story පොතට. ඇගේ Alphabet of Lust නවකතාවත් මා වශීකළා. ඒකට හේතුව මා ඒ තුල දුටු අවංක කම. එඩිතර කම. ඇය නොවලහා තමන්ගේ ස්වාභාවික ජීවිතයේ සියලු අහුමුළු My Story කෘතියෙන් විදුලි පන්දමක් අල්ලා අපට බලාගන්නට සැලැස්සුවා. මා කියවා ඇති අනෙක් ස්වයං ලිඛිත චරිතාපදාන වල එහෙම අවංක එඩිතර කමක් නෑ. බොහෝ ඒවගේ තියෙන්නේ තමන්ගේ වංචාවන්, කුඩුකේඩුකම්, දුර්ගුණයන් සඟවා අනෙකාව පට්ට ගැසීමක්. අනෙකාගේ නොහොඳ උත්කර්ශයට නංවමින් තමන්ට සිල් රෙදි ඇන්ඳවීමක්. (මම වුනත් එහෙමයි.)

උපුල් ශාන්ත සන්නස්ගල හෙවත් මිත්‍ර "සන්නා"ගේ "අම්මා" කියවන විට මේ සිතිවිල්ල මගේ සිත යට උල්දිය දැම්මත් මං "අම්මා" කියෙව්වේ මට අවශ්‍ය විදියට. ස්වයං ලිඛිත චරිතාපදානයක් හෝ වේවා, යම්තාක් දුරකට ප්‍රබන්ධයක් හෝ වේවා මේ කෘතිය කියවගෙන යනවිට මට දැනුන විවිධාකාර හැඟීම් මේ විදියට පෙළ ගස්සවන්න මං කැමතියි.

1. සන්නස්ගල කපටියෙක්,
2. මේ කරන්නේ Marketing වැඩක්,
3. මේ සියළු මඩ සෝදා හරිමින් රජකමට සූදානම් වීමක්,
4. තමන්ට ප්‍රහාර එල්ල විය හැකි සෑම කක්කුටු හිලක්ම වසා දැමීමක්,
5. සන්නස්ගල සටන් පෙරමුණක බියෙන් පෙළෙන සොල්දාදුවෙකු වගේ නිකරුනේ අඳුරු සෙවනැළි වලට වෙඩි තබන්නෙක්,
6. තමන්ගේ පසුතැවිල්ල විරේචනය කිරීමක්,
7. නෑ, තමන්ටම දැවැන්තව අවංකවීමක්

මුලු පොතම කියෙව්වේ මේ සිතුවිලි ධාරාවන් සමඟ අරගල කරමින්. හැබැයි පොත කියවා නිමා කලාම නිහඬ වූ හදවතට, විද්‍යුත් කම්පනයක් ඇතිකොට හෘදය වස්තුව යළි පණ ගැන්වීමක් සිදුවුණා. ඒත් තවමත් අර මුල් හැඟීම් දහරාවන් එක්ක මං සන්නා ගේ "අම්මා" සටනට දානවා.

මන්දපෝෂණය හේතුවෙන් අබ්බගාතයෙකු ලෙස, දෙපයින් ඇවිදීමට නොහැකිව තට්ටමින් ඇදි ඇදී යන "පොඩි සනා" ගේ කුඩා සමයෙන් ඇරඹෙන මෙම කතාවේ කේන්ද්‍රීය චරිතය වන්නේ පුංචි මැණිකා හෙවත් පුන්නී ලෙසින් නම් ලද්දී "අම්මාය." සියළු අතුරු ආන්තරාවන්ගෙන් අඩු නැති ජීවිතය තුල අකුරක් බැරි අම්මාගේ එකම බලාපොරොත්තුව පොඩි සනා ට අකුරු ඉනිමගක් තනා දී දුක ජයගැනීමේ මතු මහළට ඔහුව තල්ලු කිරීමයි. "උඹ දුක් විඳවිඳ ඉගෙන ගනිං. මගෙ මැණික..." (පිටුව 63), "ඉගෙන ගනිං", "පාඩම් කරපං", "පොත කියවපං" අකුරු නූගත් අම්මා නිතරම කියන්නී ය. (පිටුව 112)

වැඩිමහල් දරුවා මියගිය පසු ලද කෙල්ලෝ 5 දෙනාත්, කොල්ලෝ 5 දෙනාත් එකම සම්පත ලෙස සැලකුවද, දරුවන්ගෙන් සතුටක්, සැනසීමක් අම්මා ලබන්නේ නැති තරම්. ඇයගේ අනාගත සතුටේ බලාපොරොත්තුව වන්නේ පොඩි සනාය. ඔහු ශිෂ්‍යත්වය සමත් වූ දා ඇය කියන්නේ "පොඩි එකා කවදාහරි හොඳට ඉගෙනගෙන මට අගස්ති මාලයක් ගෙනත් දෙයි." (පිටුව 31) එහෙත් අම්මා මිය යන තුරුම සන්නස්ගලට අම්මාට අගස්ති මාලයක් ගෙනත් දීමට නොහැකිවේ. සන්නස්ගල ගේ පසුතැවිල්ලට අනුව ඔහුට අම්මා මගහැරුණි. මොරටුවේ ජර්මන් ටෙක් එකේ ඉගෙනගැනීමට යවන ලොකු එකා හෙවත් ලොකු අයියාට, රත්තරන් කරාබු දෙක උගස්තියා සල්ලි යවන අම්මා කියන්නේ "ලොකු එකා කවදාහරි මට රත්තරන් කරාබු දුසිං දෙකක් ම ගෙනත් දෙයි." (පිටුව 31) කියාය. ගමේ සරළ, සාමාන්‍ය, අකුරු නූගත් අම්මාගේ අඩු බරැති බලාපොරොත්තු එබඳුය. ඒ සරළ බලාපොරොත්තු ඉටුකරන්නට පොඩි සනාට මෙන්ම ලොකු එකාටද බැරිවිය. දෙදෙනාටම අම්මා මගහැරී ඇත.

හපුතලේ, යහලබැද්ද, "මුදියන්සෙ මැදුර", ටකරන් ගෙදර පදිංචි මුදියන්සේ, සිය පාරම්පරික ඉඩම් වලට නඩු කියන, රා අරක්කු බොන, හොරකම් කරන, මානසික පීඩනයට හසුවූ කෙනෙක්. අම්මාට තඩි ගහන්නේත්, අම්මා මරා වළදමන්නට කල්තියා ගේ මැද වලක් කපන්නේත් ඔහුය. පොඩි සනා ගේ අප්පච්චිය. අප්පච්චී දරුවන්ට වෛරය අකුරු කරන අතර, අම්මා ආදරය දරුවන්ට කියා දෙයි. මුදියන්සේ පොඩි සනා ට කියන්නේ "ඉස්කෝලේ යන ගමන් රුපියලක් ඔතලා පොල් ගෙඩියකින් ගහපිය ගණයාගේ ඔලුවට." (පිටුව 73) කියාය. අම්මා ආදරය සමග දරුවන්ට අකුරු උගන්වන්නට වෙහෙස වෙයි. සන්නා ඒ උගත් අකුරු වලින් අඳින මනස් චිත්‍රය මනරම්.

"කරුමෙවත් ඉරණමවත් නෙමෙයි. රෑට කන්න කොස්ගෙඩියක් කඩන්න චන්දරේ ගහට යවලා. කොස් ගෙඩිය ගහේ තියෙද්දි ඌ බිමට වැටුණා. අපේ අම්මත් කොස් කඩන්න ගෙදර ගාව මහ කොස් ගහේ භාගයක් උඩට නගිනවා. ඊට පස්සේ කෙක්කක් අරං කොස් ගෙඩියට අනිනවා. 'මයෙ පුතේ ගහ මුලින් පැත්තකට වෙයං. උඹේ ඇඟට වැටෙයි.' කියනවා. කවදාවත් මාව ගස් ඇරියේ නෑ. අම්මට ඉවක් තිබුණා මං දුර්වලයි කියලා. අම්මා මට කිව්වේ පාඩං කරපන් කියලා." (පිටුව 126)

කෙනෙකුට විඳිය හැකි උපරිම දුක් කන්දරාවක් අතරේ පොඩි සනා හැදී වැඩෙනවා. නිවස තුල ඔහුට පරමාදර්ශී චරිත නෑ. සහෝදරයන්ගෙන් වසවර්තියා තම එක කුසහොත් දෝණි අක්කා ලිංගිකව අපහරණය කරණවා. යන්තම් හෝ පොඩි සනාගේ වීරයෙක් වෙන්නේ ලොකු අයියා. නීතා අක්කා විතරයි අධ්‍යාපනය සඳහා පොඩි සනා සමග උනන්දු වෙන්නේ. ශ්‍රී ලංකාවේ ගුරු භූමිකාව තුල කීර්තිමත් විදුහල්පතිවරයෙකු වන පු.බ. රත්නායක විදුහල්පතිවරයා යටතේ පොඩි සනා සමාජ සත්වයෙකු ලෙස අධ්‍යාපනය තුලින් මතුවෙනවා. වල කපන ගුරුවරුන්, කකුල් මාට්ටු දමන ඥාතීන් හා ගම්මුන් අතරේ නොයෙක් ගැහැට, අපහාස, උපහාස විඳිමින් පොඩි සනා ජීවිතය සොයා යනවා. ඔහුට ඉලක්ක නැහැ. අම්මාට ද පොඩි එකා මෙතෙන්නට යැවිය යුතුයැයි හරි හමන් අවබෝධයක් නැහැ. නමුත් මේ වකවානුවේ දුක හඳුනාගත්තවුන්ගේ දුකින් ගැලවීමේ එකම මාර්ගය ලෙස "අධ්‍යාපනය" අම්මාගේ ද අවිඥානක බලාපොරොත්තුව වෙනවා.

සන්නාගේ "අම්මා" බැබලෙන්නේ ඔහු සතු මනරම් සිංහල රචනා ශෛලිය නිසා. මුලු කතාවම ඒකාබද්ධ කරන සිහින් පිරිත් හුය වන්නේ මේ සිංහලය. ඔහු "සිංහල සන්නස්ගල" බව අමතක කළයුතු වන්නේත් නැහැ. ඇතැම් අවස්ථා සිද්ධි වර්ණනය කරන ආකාරය විශේෂයි. ලොකු සනා හමුවීමට බණ්ඩාරවෙල ගොස් ඔහු හමුනොවී පයින්ම ආපසු ගමට එන මොහොත සජීවි ගුණපූර්ණයෙන් වර්ණිතයි. එය නවනළු රසයේ එන "භයානක රසයෙන්" පරිපූර්ණයි. එසේම ගමේ මිනිසුන් භාවිතා කරණ නිර්ව්‍යාජ වාග් මාලාව ඒ ආකාරයෙන්ම ඔහු භාවිතා කරනවා. මුලු "අම්මා" කතාව පුරාම කියැවෙන්නේ උපුල් ශාන්ත සන්නස්ගල නම් අපේ මිත්‍ර සන්නා අද ඉන්නා තැනට පැමිණීමට ඔහු විඳි අනේක දුක්ඛ දෝමනස්සයන්ය.ඒ දුක් ප්‍රවාහයේ යටින් දුවනා සිහිල් දියවැල වන්නේ "අම්මා"ය.

සුදු අඳින, බණ කියන දේශපාලනඥයින්ගේ සැබෑ ස්වරූපය මේං යැයි කියාපෑමත්, තමන්ට අකුරු කළේ වී නමුත් හේමා ටීචර් සිය පියහිමියාගේ ඝාතකයින් සමග එකට වැටී සිනාසෙන දේශපාලන වසුරු වලේ දුගඳ ආග්‍රාහණය කිරීමට සැළැස්වීමත් විශේෂිතව දැකිය හැකියි. පහර දිය යුත්තාට තරාතිරම නොබලා පහර දීමත්, පිදිය යුත්තා ඉදිරියේ "අසිත තවුසෙකු" වීමත් මුලු කෘතිය පුරාම මනාව මතුවෙන හැටි දකින්න පුළුවන්. ඕනෑම කෙනෙකු තම ජීවිත කාලය තුල විඳි අමිහිරි අත්දැකීම් පසු කලෙක කෙසේ හෝ වළලා දමන්නට කැමතියි. අම්මා මරා වළදමන්නට කැපූ වල සිමෙන්ති වලින් වසා දැමූවද යළි මතුවීම නිසා පොඩි සනා මහගෙදර බුල්ඩෝසර් කර බිමට සමතලා කර දමන්නේ ඒ නිසයි. තම ඩිලුක්ස් කැබ් රථයට නගින ජුණ්ඩා ට බෙල්ලෙන් ඇද බිම වැටෙන්නට පහර දෙන්නේත් ඒ නිසයි. නමුත් ඒ අඳුරු මතකයන්ට පෙරළා පහර දෙන 'සන්නාට' පියාට කෙසේ වෙතත් මවට රිසි සේ සළකන්නට නොහැකි වීම සාධාරණීකරණය කරන්නේ කෙලෙසද?

ඇති හැකි අයෙකු වී තමන්ගේ උන්ට සලකන්නට නොහැකිවීමේ පශ්චත්තාපය 'සන්නා' පසුපස රථරෝදයක් මෙන් පැමිණෙන්නේ දැයි විටෙක සිතෙනවා. මෙහිදී සිහියට එන්නේ සෑම මිනිසෙකුට තම ජීවිතයේ කියන්නට කතාවක් ඇතිමුත් නැත්තේ හදවතක් ඇති අසන්නන් බවයි. චෙකෝෆ් ගේ "වැලපීම" කෙටිකතාවේ රික්ෂෝකරුවා තම දුක අසන්නට කෙනෙකු නැතිව අශ්වයාට එය කියන්නා සේ තම ජීවිත කතාවේ සියළු අඳුරු අහුමුළු පැරාවක් ගසා ආලෝක කර 'සන්නා' අපට දකින්නට සලස්සනවා. යටි පෙලෙහි කුමන අරුතක් ජනනය කලත්, ඒ නිර්භීතකමත්, අවංකකමත් විශිෂ්ටයි.

සන්නා ගේ "අම්මා" විටෙක ඇඟ කිලිපොලා යන ත්‍රාසජනක සිද්ධීන්ගෙන් මෙන්ම, ඉකිබිඳ කෑගසා හඬා වැලපෙන්නට සිතෙන, තවත් විටෙක මේ සමාජ සන්දර්භයට බෝම්බයක් බඩේ බැඳගෙන කඩා වදින්නට හිතෙන සිද්ධීන්ගෙන් ගහණ පඨිතයක්. ඔහු ඔහුටම අවංක වීමේ පරිමාණය හරහා මගේ මනස් ලෝකයේ වීරයෙක් ලෙසින් 'සන්නා' පුනර් ජන්මයක් ලබන්න උත්සාහ කරනවා. මම ඒකට ඉඩ නොදී ඒ කළලය ගබ්සා කරනවා. ඒ අනෙකක් නිසා නොවේ මේ සමාජ ක්‍රමය තුල "වීරයා මැරිලා" බව සවිඥාණකව දන්නා නිසා.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Amma (2014), Sinhala Autobiography, Upul Shantha Sannasgala, Sinhala Novels
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
කපිල එම්. ගමගේගෙන් තවත් වියමන්
පොත්
ඔහු, දිගු විරාමයකින් පසුව හමුවිය යුතු කවියෙක්
පොත්
අකුරු ද හුස්ම ගන්නා බව සැබෑවකි..!
පොත්
"ටිකිරිලියා තරු මැද්දේ ගියා"- පරාක්‍රම ප්‍රේක්ෂාගාරයට ගල් ගසයි..!
කවි
යෝධයාගේ උයනේ සිරවූ බිරිඳ
පොත්
ජනමාධ්‍යවේදීන්ට බලපාන නීති- විමසුමක්
තවත් පොත් බූන්දි
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
මී පුප් සේ රස 'හෑල්ල'
BoondiLets
කැරොලිනා මාරියා ඩි ජීසස් ලියයි.
ජනාධිපතියො, උඹ කූඩුවක ඉන්න ගිරවෙක්. ලස්සන ලස්සන කතා කියනවා. ඒත්, බඩගින්නෙ ඉන්න මිනිස්සු ව්‍යාඝ්‍රයෝ කියලා හිතා ගන්න එක හොඳයි. උන් ඉන්නෙ කෝපයෙන්. අවස්ථාව ආපු ගමන්... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook