Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
පොත් බූන්දි
කොන්කිස්තදෝස්- අවරෝධනය කරන ලද වේදනාත්මක මතකය
බූන්දි, 04:38:26
කොලට් සේනානායක හා නාරද කරුණාතිලක යනු එක්තරා ආකාරයක විවාදාත්මක ලේඛකයන් දෙපළකි. ඔවුහු ඉතිහාසය හදාරති. අප සැමදෙනා දන්නා සංස්කරණය කරන ලද ඉතිහාසයෙන් එහාට ගොස් ඉතිහාසකරුවන් විසින් සඟවන ලද හෝ කාලයේ වැලි තලාවෙන් යටවී තිබෙන ඉතිහාසය මතුකර ගනිති. ඔවුන් දෙදෙනා විසින් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද "කොන්කිස්තදෝස්: ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානියට මුල පෑදීම" ග්‍රන්ථය සැඟවී ගිය ඉතිහාසය පෙන්වා දීමකි.

ඇතැම් විට සත්‍යය වේදනා හා අලාභහානි ඇතිකරවයි. එම නිසා සැබෑ සත්‍යයට වඩා මිනිසා සත්‍යයයේ ඡායාව පමණක් ග්‍රහණය කරගනිමින් වේදනාකාරී රුදුරු සත්‍යය අවරෝධනය කරයි. මෙය පොදු මානසික තත්ත්වයකි. නමුත් සැබෑ ඉතිහාසය බැහැර කිරීම මගින් අප වර්තමානය ද අසත්‍ය මායාවක් බවට පත් කරගන්නෙමු. කොලට් සේනානායක හා නාරද කරුණාතිලක විසින් සම්පාදනය කරන් ලද "කොන්කිස්තදෝස්: ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානියට මුල පෑදීම" වෙනස් කරන ලද හෝ අවරෝධයන කරන ලද ඉතිහාසය යළි මතුකර ගැනීමට කරන ලද ප්‍රයත්නයකි. මෙම ග්‍රන්ථය ආගම්වාදී හෝ එවැනි අන්තවාදී කෝණයකින් යුතුව නොව විචාරාත්මක බුද්ධියකින් කියවිය යුතු ග්‍රන්ථයකි.

යේසුස් ක්‍රිස්තුස් නැමැති ඒ උතුම් ධාර්මික පුද්ගලයා කුරුස ගසේ ඇණ ගසා මරා දැමීමෙන් පසුව මතුවූ ක්‍රිස්තියානි පුනරුදය තමන් ගේ බලය පැතිරවීමට මෙවලමක් කර ගැනීම සඳහා නොයෙකුත් පුද්ගලයන් සහ ආයතන ඉතිහාසයේ විවිධ අවස්ථාවල මතු විය​. එම පුද්ගලයන්, ආයතන සහ රාජ්‍යන් මගින් ක්‍රිස්තියානි ධර්මය ප්‍රචලිත කිරීම සඳහා ගත් හිංසාජනක ක්‍රියා මාර්ග වලින් මිනිසුන් දස දහස් ගනනක් මරු දුටුහ​. මෙය ඉතිහාසයේ සදාතනික කළු පැල්ලමකි.

ක්‍රිස්තියානි ආගම යනු මුල් කාලයේ පීඩිත ජනයාගේ ආගමක් වූ බව ෆෙඩරික් නීට්ශේ විසින් කියා තිබේ. නමුත් පීඩිත ජනයාගේ ආගම පසු කාලයක බලලෝභීන් විසින් පීඩක ආයුධයක් කර ගැනීමේ මෙහෙයුම් වලින් ඉතිහාස පොත පිරී තිබේ. උදාහරණයක් ලෙස Spanish Inquisition හෙවත් ස්පාඤ්ඤයේ 1478 දී ස්ථාපිත කරන ලද කතෝලික විනිශ්චය සභා මගින් විවිධ ආගමික චෝදනා මත සාපරාධී ලෙස මිනිසුන් අති විශාල පිරිසක් වධයට ලක් කිරීම මෙන්ම මරා දැමීමද සිදු කරන ලදි. මේ හැර යුරෝපයේ පැතිරී ගිය මායාකාරියන්/ මායාකරුවන් දඩයම් කිරීම (witch-hunt) මගින් පණ පිටින් මිනිසුන් පුළුස්සා දමන ලදි. මේ වින්දිතයන් අතර මානසික රෝගීහුද වූහ​. මානසික රෝගීන් පවා සාතන් ගේ ඒජන්තයන් කියමින් පුළුස්සා දැමීමට යුරෝපයේ ක්‍රිස්තියානි බලධාරීන් ක්‍රියා කළහ​. නමුත් මේ කාලයටත් පෙර ලංකාවේ බුද්ධදාස වැනි රජවරුන් රෝහල් තනා මානසික රෝගීන්ට ප්‍රතිකාර කළ බවට සාධක තිබේ. ​එවැනි අතීතයක් තිබූ සමාජයක් යුරෝපීය මුහුදු කොල්ලකරුවන් විසින් යටිකුරු කරන ලද අන්දම කොන්කිස්තදෝස් පෙන්වා දෙයි.

යටත් විජිත යුගය එන විට පල්ලියේ ආශිර්වාදය සහිතව යුරෝපීය මුහුදු කොල්ලකරුවන් ආසියාවේ, අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ රටවල් රිසි සේ කොල්ල කන ලදි. එසේම දේශීය ජනයා ජන ඝාතනයන්ට ලක් කරන ලදි. අවශේෂ ජනයා ක්‍රිස්තියානියට හරවා ගැනීම සඳහා මිෂනාරීන් විසින් විවිධ උපක්‍රම අනුගමනය කළහ​.

මිෂනාරීන් විසින් ඕස්ට්‍රේලියාවේ, ඇමරිකාවේ සහ කැනඩාවේ ආදීවාසීන් මරා දමන ලද්දේ ආයුධ මගින් පමණක් නොව වසූරිය රෝගීන් ගේ රෙදිපිළි පවා බෙදා දීමෙනි. ඉන්පසු අදිවාසීන් ගේ දරුවන් නේවාසික පාසල් වලට ගාල් කොට ඔවුන්ට ක්‍රිස්තියානී දහම කවනු ලැබීය​. මෙම නේවාසික පාසල් වලදී මිෂනාරීන් විසින් ළමුන් ලිංගිකව ද අපයෝජනය කරන ලද බව පසුකාලීන සාක්ෂි මගින් හෙලි වී තිබේ.

මෙම ක්‍රියාවලිය ලංකාවේ සිදු කරන ලද ආකාරය "කොන්කිස්තදෝස්: ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානියට මුල පෑදීම" ග්‍රන්ථය පැහැදිලි කරයි. එය ඉතාම වේදනාකාරී සිදුවීමකි. ක්‍රිස්තියානි ආගමේ නාමයෙන් ජෙනරාල් අසවේදෝ වැන්නවුන් දේශීය ජනයා සංහාරයට ලක් කිරීම​, කිඹුලන්ට විසි කිරීම​, බිළිඳුන් උඩ දමා කඩුව ඇල්ලීම, සිංහල තරුණයන්ට තමන් ගේ මව්වරු ප්‍රසිද්ධියේ දූෂණය කිරීමට බල කිරීම වැනි හිංසක ක්‍රියා මගින් ආගමට හරවා ගන්නා ලදි. වර්තමාන සිංහල කතෝලික ජනතාව තම මුතුන් මිත්තන් ලක් වූ හිංසනය ගැන දන්නේ ඉතාම අල්ප වශයෙනි.

සිංහල ජනතාව අතර පමණක් නොව දමිළ ජනතාව අතරද පෘතුගීසීන් ආගම ප්‍රචාරය සඳහා යොදා ගන්නා ලද්දේ මෙවැනි අන්දමේ භීෂණයකි. යාපනය විශ්ව විද්‍යාලයේ මනෝ වෛද්‍ය දයා සෝමසුන්දරම් මහතා විසින් පෙන්වා දෙන ලද අන්දමට යාපනයේදී පෘතුගීසීන් විසින් දමිළ ජනතාව ආගමට හරවා ගැනීමට කල ජන සංහාරය තවමත් දමිළ ජනතාවගේ සාමූහික අවිඥානයේ තැන්පත් වී තිබේ.

"කොන්කිස්තදෝස්: ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානියට මුල පෑදීම" ආවේගශීලීව නොව විචාර බුද්ධියෙන් කියවිය යුතු පොතක් බව අවසාන වශයෙන් සටහන් කරමි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Conquistadors by Kolat Senanayake and Narada Karunathilaka, Christianity, Dom Jerónimo de Azevedo, Portuguese, Sinhala, Tamil
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
රුවන් එම්. ජයතුංගගෙන් තවත් වියමන්
වෙසෙස්
Anna O.- Famous Case Study of Joseph Breuer and Sigmund Freud
වෙසෙස්
Nietzsche on Buddhist Philosophy
කතන්දර
දයාබර නාදන්
අදහස්
ලිහිණි හෙළෙන් පහළට බැස සිරිපා හිමේ අතරමං වූ කාන්තාව පිළිබඳ මනෝ වෛද්‍ය විද්‍යාත්මක අදහසක්
කවි
තාරකා කිසි දෙයක් කීවේ නැත
තවත් පොත් බූන්දි
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
මී පුප් සේ රස 'හෑල්ල'
BoondiLets
පියදෝර් දොස්තෝව්ස්කි කියයි.
පව්කාරයෙකුට චෝදනා කොට පිළිකෙව් කිරීම තරම් පහසු අන් කිසිවක් නැත. එපරිදිම, පව්කාරයෙකු තේරුම් ගැනීම තරම් අපහසු අන් කිසිවක් ද නැත!
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook