Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
පොත් බූන්දි
තටු අස්සේ මැෂින් ගන් සඟවගෙන පියඹන ගම්මිරිස් කුරුල්ලා
බූන්දි, 22:08:39
"ඔයා සේවකයො පාලනය කරන්නෙ උඩ බොත්තමෙනුයි ටයි එකෙනුයිද? " - අඟහරුවාදා රෑ

ඒකාධිපති පාලනය ක්‍රියාත්මක වන්නේ සංකේතාත්මක(symbolic) ලෙස ය. අපට මෙය මෙසේ ද සකස් කළ හැක.

"ඔයා රටක් පාලනය කරන්නෙ උඩ රැවුලෙනුයි සාටකෙනුයි ද?"

Slavoj Žižek (ගැටුම් වලට තුඩු දිය හැකි බැවින් ඉංග්‍රීසියෙන් නම සඳහන් කරමි) වරක පවසයි, (මෙයට මැතක සිදුවීමක් ඇසුරින් දේශීය නිදසුනක් සොයා ගැනීම අපහසු නොවනු ඇත.)

"සැබෑ ඒකාධිපති පියා තමාත් දරුවාත් අතර කිසියම් පරතරයක් පවත්වාගෙන යයි. ඔහු තමා බලවත් බව හඟවන්නේ සංකේතාත්මකවයි. ඒ ඔහුගේ බියකරු බැල්මකින් විය හැක. බැරි වෙලා හෝ ඒකාධිපති පියා දරුවාට අතක් ඔසවා ගැසුවහොත් දෙදෙනා අතර පරතරය සුන් වී දරුවා ඉදිරියේ පියා විකටයෙක් බවට පත් වෙයි."

"අඟහරුවාදා රෑ" කෙටිකතාව කෙටියෙන් මෙසේ වෙයි. බැඳපු ස්ත්‍රියක් හයි හීල්ස් දාගෙන හෑන්ඩ් බෑග් එකක් ලාගෙන හෙළුවෙන් පාරේ යයි.

"යකෝ ගෑනියෙ... මගේ යකා අවුස්සන්නෙපා. හෙළුවෙන් පාරෙ යන්න පුළුවන්ද?"
- අඟහරුවාදා රෑ

එදා සොරුන්ටත් සොරකමේ යෑමට අමතක වූ දිනයකි. තම බිරියගේ මේ ක්‍රියාවත් සමඟ සැමියා මානසික අවුලකට පත් වෙයි. ඇයගේ නිරුවත් ක්‍රියාව නැවත්වීමට ඔහු සෑම උත්සයක්ම ගනයි.

ඔහු අසමත් වෙයි. සමහරෙක් පැවසූයේ මෙය දැඩි ස්ත්‍රීවාදී වියමනක් ලෙසයි. අයෙක් මෙය ලිංගික ඊෂ්‍යාව ගැන යැයි ද පවසා තිබුණි.

කෙටිකතාවේ එන පරිදී සැමියා තුළ ප්‍රධාන වෙනස්කම් දෙකක් මෙහි දී සිදු වෙයි,

1. වෙන කවරදාටත් වඩා අති සුන්දර ඇෆ්‍රොඩයිටි ස්ත්‍රියක් ලෙස ඔහුට ඇයව පෙනෙන්නට වෙයි. සැබෑ ජීවිතයේ පූර්ණ නොවන ඔහුගේ බිරිය පුරුෂයාගේ ෆැන්ටසිය තුළ පරිපූර්ණ ස්ත්‍රියාවක් සේ මතු වෙයි. නමුත් පරිපූර්ණ ඇෆ්‍රොඩයිටි ප්‍රතිමාව පාමුළ ඔහු අඩපණ වී ක්‍රමයෙන් කතාව නපුරු සිහිනයක්(nightmare) බවට පෙරලී අවසානයේ රමණයෙන් කෙළවර වෙයි.

2. තම බිරියගේ නිරුවත වෙන අයවලුන් දකිනවා යන සිතිවිල්ල සමඟ ඔහු දැඩි මානසික අවුලකට යයි. ස්ත්‍රියගේ නිරුවත නිදියහනේදී පමණක් රහසිගතව තම සැමියාට පෙන්විය යුතුය යන සංකල්පය (මුස්ලිම් ගැහැණිය පිළිබඳ කතිකාව තුළ බෝ සේ ජනප්‍රිය) මෙම කතාව තුළ අභියෝගයට ලක් වෙයි. තමා ආදරය කරන ආශා කරන වස්තුවේ තමාට පමණක් හිමි රහසිගත ඒ දෙය වෙන අයවලුන්ට නිරාවරණය වී එක රහසිගතය සිඳී යාම සැමියාගේ මානසික අවුලට සමහරවිටෙක හේතුව විය හැක.

අපේ නිරුවත ඔවුන් අපෙන් සොරාගෙන නැවත පෙරළා අපට විකුණනවා යනුවෙන් විරෝධය පාන "Free the Nipple" ව්‍යාපාරයේ සිට මුසල්මානු හිජාබය දක්වා වර්තමානයේ සිදුවන ජරමර මැද "අඟහරුවාදා රෑ" රචනා වීම අහඹුවක් යැයි මම නොසිතමි.

කාංචනාගේ කෙටිකතා කියවූ පසු මා තුළ හටගත් අනෙක් ගැටළුව නම් මෙවායේ එන දේශපාලනය සවිඥානිකිව අඩංගු කරන ලද්දක් ද නැතිනම් අවිඥානිකව තැනපත් වූවා ද යන්නයි. අයෙකුට මෙවා හුදෙක් කතාන්තරයක් ලෙස මතුපිටින් රසවිඳිය හැක. තවත් අයෙකුට යටි පෙළ තුළ සැඟවී ඇති අරුත් ඔස්සේ දේශපාලනමය කියවීමකට ලක් කළ හැක.

මෙම බහුමානික ගුණය කතාවක පිහිටන්නේ ඉතා කලාතුරකිනි. උදාහරණයක් ලෙස "මාළු හටන" නම් කතාවේ,

* "හැම මාළුවෙකුගෙ ම වරල ඇතුළෙ හංග ගත්ත පුංචි කෙටේරියක් තිබුණා. චූටි ම චූටි මාළු ළඟත් මොකාක් හරි උල් ආයුධයක් තිබුණා. කොරල්පර ඇතුළෙ ගෙවල්වලින් එළියට බහිද්දි හැමෝම අමතක නො කර තම තමන්ගෙ ආයුධ අරන් ගියා."
- නීතිය බල්ලට ගිය රටක ජනතාවගේ ආරක්ෂාව රජයට තහවුරු කළ නොහැකි වූ විට තම තමාගේ පෞද්ගලික ආරක්ෂාව සඳහා ජනතාව වෙළඳ පළ වෙත හැරෙයි. නිවස උස් පවුරින් වටකොට බැඳ CCTV කැමරා පද්ධතියක් ඔවුන් සවිකර ගනී.

* "ලොකු මාළුවගෙ බිරිය, ඈ හිටියෙ ස්වල්ප වශයෙන් උන්මාද තත්ත්වයක. වැඩි කාලයක් සිප්පි කටු ඔටුන්න දාගෙන ඉන්න කොට මේක කාටත් වෙනවා..."
- මේ ලේඩි මැක්බත්ම නොවෙයි ද? දේශීය රූපයක් වුවත් ආදේශ කරගත හැක.

* "ලොකු මාළුවා තමන්ගෙ වම් වරල ඇතුළෙ හංගගෙන හිටපු විසාල කෙටේරිය කාටත් පේන්නත් එක්ක බිමින් තිබ්බා. ඊළඟට දකුණු වරල ඇතුළෙ තිබුණ මැෂින් ගන් එකත් හිමිහිට පැත්තකින් තිබ්බා. මුලු ගම්මානෙ ම මාළු ලොකු හුස්මක් උඩට අරගත්තා. කට කතාවක් විතරක් වෙච්ච මැෂින් ගන් එක තව දුරටත් රහසේ කතා කරන්න ඕන මාතෘකාවක් නො වුණෙ ඊට පස්සෙ."
- මේ අප කවුරුත් අසා ඇති ඒත් කවුරුත් දැක නැති සුදු වෑන් භීතිකාවම නොවෙයි ද?

* නිල් තීන්ත විදින බූවල්ලා - පොදු සතුරා

* ".. මේ වගේ බයානක වෙලාවක අර මළ ඉලව් ගෑනිගෙ සංගීත ප්‍රසංගයක් තියන්න?
යකෝ මුන්ට අමු කැවිලද?
බූවල්ලා අපේ ගම්මානෙම නිල් තීන්තෙ ගිල්ලලා දාවි...."

- දැවෙන ප්‍රශ්න ජාලාවක් මැද රෙජිමය විසින් සංදර්ශන පැවැත්වීම.

සැබැවින්ම මෙම කෙටිකතාව රෙජීමය ගැනයි. කෙටිකතාවේ අවසානයේ පසක් වන්නේ පොදු සතුරා ලොකු මාළුවාගේ නිදන කාමරයෙන් මතු වූ බිරිඳගේ මනෝ විකාරයක් බවයි. මාළු පුරවරයම පාලනය කළේ රජා නොව රජාගේ බිරියයි.

හැබැයි එකක් නම් සැබෑව, එනම්
ගම්මිරිස් කුරුල්ලා සුරංගනා කතාවක් නොවන බව ය.

"මිසිස් සමරසිංහලාගේ ගෙදර හරි කලබලයකි. සාවරියාගේ පියා අභාවප්‍රාප්ත වී මිදුලේ වැටී උන්නේය. මිසිස් සමරසිංහ ළිදෙන් වතුර අදිමින් සිටින අතර ළිඳ ළඟ පොල් ගසෙන් ගෙඩියක් හිසට වැටී පළමුව සිහිසුන්ව, දෙවනුව මියැදී තිබිණි. ලේන්නු ඩබලත්, ගම්මිරිස් කුරුල්ලාත් ඒවා කිසිත් නොතකමින් කෑම පිගානේ තිබූ පළතුරු කෑමට වූහ. මද වේලාවකින් තිදෙනාම කටින් සෙම වගුරමින් මිදුල පුරා දුව ඇවිදින්නට වූහ. මද වෙලාවකින් තණකොළ බිස්සේ වැතිරුණු තිදෙනා නැවත නැගිට්ටේ නම් නැති. " - ගම්මිරිස් කුරුල්ලා

Black humor (කළු හාස්‍ය රසය). කාංචනා අළුගෝසුවකු මෙන් සියල්ලෝම මරා දමා සංඛ්‍යාලේඛන වලට ඌණනය කරයි. මරණය මෙතරම් සැහැල්ලු ද? ස්ත්‍රියකගේ කන් පෙති යටින් ගලන විලවුන් සුවඳ තරමටම ඇය සාහසික ඇයි? සමහරවිට ලේඛකයා හැදුණු වැඩුණු සමාජ දෙශපාලන පසුබිම එයට හේතු වන්නට ඇත.

උදාහරණයක්,
යුද්ධය (රූපවාහිනිය තුළින් දුටුවා) - - > යුද්ධයෙන් මළ මිනිස්සු (රූපවාහිනිය තුළින් දුටුවා) - - > සංඛ්‍යාලේඛන (රූපවාහිනිය තුළින් දුටුවා)

ඇයගේ කතා වල ඇතුලත් ගැට, පිටත් ගැට. මෙන්න තවත් ගැටයක්,

"ගම්මිරි කුරුල්ලාට ප්‍රධාන වශයෙන්ම ප්‍රශ්න දෙකක් තිබේ. ඉන් පළමුවැන්න එහා ගෙදර ලේන්නු ඩබලයි. දෙවැන්න මුදල් නැති කමයි. මේ ප්‍රශ්න දෙකෙන් මුලින්ම විසදා ගත යුත්තේ ලේන්නු ඩබල පිළිබද ගැටලුවයි... ඉතා ඉක්මනින් මේ ලේන්නු ඩබල මරා දැමිය යුතුය...

ලේන්නු ඩබලට ඇත්තේ එකම ප්‍රශ්නයකි. ඒ මෙහා ගෙදර දෙල් ගහේ වසන, උද්දච්ච ගම්මිරිස් කුරුල්ලාය. එක්කෝ ඔහුව මරා දැමිය යුතුය. නැත්නම් ත‍ටුවක් හෝ කඩා දැමිය යුතුය. "
- ගම්මිරිස් කුරුල්ලා

ලේන්නු ඩබලටයි ගම්මිරිස් කුරුල්ලටයි ඇයි බැරි සාකච්චා මාර්ගයෙන් සාමකාමීව තමන්ගේ ගැටුම නිරාකරණය කරගන්න. එක් පාර්ශවයක් විසින් අනෙක් පාර්ශවය සහමුලින්ම ඝාතනයෙන් මොකක් ද ලැබෙන විසඳුම ? එයින් ගැටුම නිරාකරණය වූවා යැයි කිව හැකි ද?

බටහිර සාහිත්‍ය පිරික්සන්නෙකුට මෙවන් ආකාරයේ "කළු හාස්‍යමය- විකාර රූපී- පශ්චාත් නූතන" සාහිත්‍ය භාවිතයක් ඉටැලෝ කැල්වීනෝ(Italo Calvino) , ඩොනල්ඩ් බාතලෙමි(Donald Barthelme) , ඉයුජීන් අයනෙස්කෝ(Eugène Ionesco) වැන්නවුන්ගේ කතාන්තර තුළ දකිත හැකිය.

විශේෂයෙන්ම කැල්වීනෝගේ "චන්ද්‍රයාගේ දියණි වරුන්" (The Daughters of the Moon) යන කෙටි කතාව තුළ මහළු චන්ද්‍රයා, තව දුරටත් ධනවාදී පරිභෝජනවාදී වර්තමාන සමාජයට අනවශ්‍ය වෙයි. එබැවින් චන්ද්‍රයා කෙමෙන් කෙමෙන් මිය ගොස් කසල ගොඩකට පාත් වෙයි. ඒත් සමඟම වෙළඳ පළ සමාජයට විරුද්ධව නැවත ස්වභාවධර්මය සොයා යන හිපි කෙල්ලන් නිර්වස්ත්‍රව උමතුවෙන් චන්ද්‍රයා දෙසට දෑත් දිගු කරගෙන වාහන මත නැඟී චන්ද්‍රයා ගලවා ගැනීමට කසල ගොඩ වෙත යයි.

ධනවාදය, පරිභෝජනවාදය විවේචනය කරනවාත් සමඟම කැල්වීනෝ අපූරුවට යථාර්තවාදයෙන් ඔබ්බට ගිය මායාමය කළු හාස්‍යය රසයෙන් යුක්ත වූ විකාර රූපී ආකෘතියකින් කෙටි කතාව ඉදිරිපත් කරයි.

Playfulness, Black humor, Irony, Juxtaposition, Dadaism, Surrealism, Anarchism, Absurdism, Meta fictional වැනි පශ්චාත් නූතන සාහිත්‍ය ලක්ෂණ රැසකට නෑකම් කියමින් කාංචනාගේ කෙටිකතා ද නව පරිකල්පනීය මානයන් ඔස්සේ විකාශනය වේ.

ගම්මිරිස් කුරුල්ලා වසර ගණනාවක් පුරා ගොඩ නැඟුණු සයිබර් සාහිත්‍යක ප්‍රථිපලයකි. සැබැවින්ම එය පාඨකයාගේ සමබරතාවය පරීක්ෂාවට ලක් කරන අල්පෙනෙති තුඩක් වැනිය.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Gammiris Kurulla, Kanchana Amilani karunamuni, Sinhala Short Stories
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
හර්ෂ අරවින්දගෙන් තවත් වියමන්
කරන්ට්ස්
එහෙම වෙලා....
කවි
ශුක්‍ර පැටවාගේ චාරිකාව
Cine
ආර් ද කිඩ්ස් ඕල් රයිට්...?
තවත් පොත් බූන්දි
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
මී පුප් සේ රස 'හෑල්ල'
BoondiLets
සතුට...!
එක් මිනිසෙක් බුද්ධ හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"

එවිට බුද්ධ කීවා;
"මුලින්ම මට යන්න ඉවත් කරන්න. ඒ මමත්වයයි.
ඉන්පසු, අවශ්‍යයි යන්න ඉවත් කරන්න. ඒ තෘෂ්ණාවයි.... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook