Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
පොත් බූන්දි
"ටිකිරිලියා තරු මැද්දේ ගියා"- පරාක්‍රම ප්‍රේක්ෂාගාරයට ගල් ගසයි..!
බූන්දි, 23:43:39
ජන මාධ්‍ය, වර්තමානයේ ලෝකයේ සාමාන්‍ය ජන ජීවිතයට තීරණාත්මක බලපෑමක් ඇතිකරන කාරණයක් බවට පත්ව තිබේ. එය කෙතරම් සියුම් බලපෑමක් කරන්නේද කියා විමසන්නේ නම් පුද්ගලයාගේ දෛනික න්‍යාය පත්‍රය සකස්කර දෙන්නා බවට ජන මාධ්‍ය පත්ව තිබේ. විද්‍යුත් මාධ්‍ය මෙහිදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. ශ්‍රී ලංකාව වැනි මාධ්‍ය සාක්ෂරතාව පහළ අගයක් ගන්නා සමාජයක ජන මාධ්‍ය සිදුකරන මේ බලපෑම ඉහළ අගයක් ගනී. අද ශ්‍රී ලාංකිකයා සිය ජීවිතයේ බොහෝ තීන්දු තීරණ ගනු ලබන්නේ මාධ්‍යයෙන් ලබා දෙන උපදෙස් අනුවය. ඇඳුම් පැළඳුම්, විලාසිතා, කෑම බීම, අධ්‍යාපනය, සෞඛ්‍ය, ලිංගික කටයුතු වැනි ජීවිත උවමනාවන් වෙනුවෙන් පවා ගනු ලබන තීරණ වලට පදනම් වන්නේ ජන මාධ්‍යයයි. බොහෝ දෙනා පිළිපදින්නේ ජනමාධ්‍ය විසින් ලබා දෙන උපදෙස්ය. මේ නිසා ජනමාධ්‍ය බලපෑමෙන් තොර ජීවිතයක් අද වෙන විට කිසිදු පුරවැසියෙකුට උරුම නොවේ. නමුත් මෙතනදී අවශ්‍ය වන්නේ වෙනත් බාහිර ආයතනයක් විසින් ජන මාධ්‍යයන්ට බලපෑමක් එල්ල කරනවාට වඩා ජන සමාජය මාධ්‍ය සාක්ෂරතාවෙන් සන්නද්ධ කිරීමයි.

බොහෝ දෙනෙකු ග්‍රාහකයින් ලෙසින් නොදන්නා කාරණයක් වන්නේ නූතන ජනමාධ්‍ය කර්මාන්තය වැඩකරන ආකාරයයි. එහි ඇතුලත යාන්ත්‍රණය ගැන කිසිත් නොදන්න ග්‍රාහකයා තමන් වෙත පැමිණෙන සංදේශයට වශීකෘත වී ඒ අනුව තම ජීවිතයේ තීන්දු තීරණ වල හැඩය තීරණය කිරීමයි. මේ නිසා ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය, විශේෂයෙන් විද්‍යුත් මාධ්‍ය වැඩකරන සාහසික අරමුණු හා න්‍යාය පත්‍රයන් පිළිබඳ ග්‍රාහක සමාජයට යම් පමණක හෝ අවබෝධයක් කාන්දු කිරීම නූතන සමාජ සද්කාර්යක් බවට පත්වේ. මාධ්‍ය අධ්‍යාපනය හරහා මෙය කලහැකි වුවද තනිවම එයට කළහැකි කාර්යය සීමිතය. මෙම රික්තකය තුල සාහිත්‍යකරුවාට කළහැකි සුවිශේෂ කාර්යභාරයක් තිබෙන බව හැඟෙන අතර එවැනි අවස්ථා කිහිපයක් සිංහල නවකතාව තුල හමුවේ. එනම් ගුණදාස ලියනගේ ගේ "දෝන කමලාවතී", ලියනගේ අමරකීර්ති ගේ "කුරුලු හදවත" හා පරාක්‍රම ඒකනායක ගේ "ටිකිරිලියා තරු මැද්දේ ගියා" යන නවකතා ත්‍රිත්වයයි. මෑතකම එළිදුටු පරාක්‍රම ගේ "ටිකිරිලියා තරු මැද්දේ ගියා" නවකතාව මෙහිදී කේන්ද්‍ර කරගන්නේ රූපවාහිනී මාධ්‍යයි. විශේෂයෙන් මෑතකදී රූපවාහිනී මාධ්‍ය තුල ජනප්‍රිය වූ රියැලටි වැඩසටහන්ය. අතිශය ජන ආකර්ෂණයක් දිනාගත් මෙම වැඩසටහන් ආකෘතිය තුල ග්‍රාහකයා මතුපිට දකින සුන්දරත්වය විනිවිද ගැඹුරේ ඇති අසුන්දර යථාර්ථය මතුකරන්නට "ටිකිරිලියා තරු මැද්දේ ගියා" නවකතාව තුලින් පරාක්‍රම ගන්නා උත්සාහය කාලීන වන්නේ රියැලිටි ආකෘතිය වසංගතයක් වී නූතන මාධ්‍ය කර්මාන්තයේ වඩාත්ම ලාභදායී වැඩසටහන් ආකෘතිය බවට පත්වී ඇති වකවානුවක වීම නිසාය.

පරාක්‍රම සිය නවකතාව සඳහා තෝරාගන්නා ස්ථානය වන්නේ කඩුගන්නාව නිම්නය පතුලේ පිහිටි උඩරට සාම්ප්‍රදායික පැරණි ගමකි. සාම්ප්‍රදායික ගොවි පවුලක එකම දියණිය වී හැදෙන වැඩෙන "රටේ රාළලාගේ ටිකිරිලියා මුතුමැණිකේ සෙනරත් බණ්ඩාර" වඩාත් තාර්කික බවකින් ජීවිතය කියවන, පියාගේ ගැයුම් කුසලතාව ජානමය උරුමයක් ලෙස ගත් තරුණියෙකි. පාසලේ සිංහල ගුරුවරයා නිසා යම් දේශපාලනික සවිඥානකත්වයක් සහිත ඇය එක් අතකින් තාර්කික බවද අනෙක් අතින් ගමේ යහ කාරණාද, ගැමි සංස්කෘතික උරුමය ද ලෙස ගත් තරුණියකි. පියාගේ ජාන උරුමයක් ලෙස ගත් ගායන කෞශල්‍යය මිටින් ගෙන කොළඹ නගරයට වදින්නේ රියැලිටි තරුවක් වීමේ සිහිනය සමගය. සිය සිහිනය යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා යන කොළඹ ගමන පියාද අනුමත කරන්නේ ගම තුල එයට මිලක් නොමැති බව අත්දැකීමෙන්ම දන්නා බැවිනි.

"මං උඹට ඇහෙන්න පුංචිකාලේ ඉඳන්ම කවි සිංදු කිව්ව. දන්නෙම නැතිව උඹට සිංදු කියන්න පුළුවන් වෙලා. ඉතින් ඒක උඹ ලඟ විතරක් තිබුනට පලක් නැති හින්දනේ රටටම කියන්න ඕනේ කියලා හිතුණේ. ඒකට මම බාධා කරන්නේ නෑ දුවේ."
(-181 පිටුව)

කොළඹ රූපවාහිනී නාලිකාවක රියැලිටි වැඩසටහනක දක්ෂකම් ප්‍රභාමත් කරගන්න ටිකිරිලියා වට එකතුවන පිරිමින් රැසක් වෙයි. නාලිකාවේ වැඩසටහන් අධ්‍යක්ෂවරයාගේ සිට ඔහුගේ සහචරයන් කිහිප දෙනෙක්ද ටිකිරිලියා තමන්ගේ ග්‍රහණයට ගැනීමට වේලාපත්කඩ සකසති. ඒ සියළු මර උගුල බොරුවලවල් තුලින් බේරෙන ඇය අවසාන මොහොතේ වැඩසටහන් අධ්‍යක්ෂවරයා වන "හාවා" අතින් පරිභෝජනයට ලක්වේ. එහෙත් එම ලිංගික අල්ලස ලබා ගැනීමෙන් පසු "හාවා" විසින්ම ඇයට රියැලිටි තරගයේ ජයග්‍රහණය අහිමි කරවයි. ආපසු ගමට එන ටිකිරිලියා ගමේදී ඇයට ආදරය කරන උක්කුවා සමග විවාහවේ.

පරාක්‍රමගේ "ටිකිරිලියා තරු මැද්දේ ගියා" නවකතාවේ සරල කතාන්දරය එසේ වුවද මහත් ආකර්ශණීය ගැඹුරක් ඇති ත්‍රිමාණික නවකතාවක් බවට පත්වන්නේ ඔහු විසින් උපයුක්ත ආකෘතිය හා ඒ ආකෘතිය තුල කතාව කීම සඳහා භාවිතා කරන ජනශ්‍රැතිකමය ප්‍රකාශන රීතියයි. ජනශ්‍රැතිය කොතරම් සියුම් ලෙස ප්‍රස්තූතය සමග බද්ධ කරන්නට පරාක්‍රම සමත්වේද යන්න ආරම්භයේදීම මනාව ප්‍රකාශවන තැනක් වෙන්නේ නවකතාවට නම් තැබීමයි. "ටිකිරිලියා තරු මැද්දේ ගියා" යන්නෙහි ටිකිරිලියා අපගේ ජනශ්‍රැතියේ හමුවන චරිතයක් වන අතර "තරු", සංකල්පීය වශයෙන් නූතන සමාජයට වාණිජ මාධ්‍ය විසින් බද්ධ කරන ලද්දකි. අනතුරුව ඔහු මුලුනවකතාව පුරාම ජනශ්‍රැතිය භාවිතා කරන්නේ නවකතාවේ හරයාත්මක ගුණය බැබලවීමේ තියුණු ආලෝක ධාරාවක් එල්ලකරමිනි. ටිකිරිලියා ගේ ගායන කෞෂල්‍යයේ ජානමය සම්බන්ධය සාධාරණීය කරන්නේ පියාගේ කවි ගායනය හරහාය. අනෙක් අතට ගමේදී හමුවන කබරගොයා, තලගොයා, හූනා, හාවා, ගෙම්බා, මකුළුවා ආදී සතුන් නගරයේ කතාව කීම සඳහා පරාක්‍රම සංකේතමය වශයෙන් භාවිතා කරන්නේ තියුණු උත්ප්‍රාසයක් ද ජනනය කරමිනි. නවකතාවේ සුවිශේෂ සිද්ධීන් සමග ජනකවිය හා ජනකතාව ඉතා සියුම් ලෙස මුහුකරයි. මේ සෑම අවස්ථාවකදීම නවකතාවේ රම්‍යතාව නව හැඩයකින් ප්‍රතිජනනයවීමක්ද සිදුකරයි.

"ළිඳ ලඟට තනි පංගලමේ යනවා එහෙම නෙවෙයි...(කළු කුමාර කතාව)"
(-136 පිටුව)

"කළු කුමාරයා ටිකිරිලියාගේ අතින් ඇදන් පාර පැන්නා. ඉක්මණින් පැබ් එකට රිංගුවා."
(-137 පිටුව )

පරාක්‍රමගේ අනෙක් විශේෂතාව වන්නේ ඔහු උපයෝගී කරගන්න භාෂා රටාව හා කතාකීමේ කලාවයි. සරල හා නිදහස් භාෂා රටාවක් උපයෝගිකර ගැනීම හා පැරණි කතන්දරකරුවාගේ ආර භාවිතා කිරීම නවකතාවේ අන්තර්ගතය හා මනාව බද්ධ වේ. ඔහු සිද්ධි වර්ණනයේදී සිත්තරෙකු බඳුය. සෑම අංශුමාත්‍රයක් ම දෘෂ්ටි කල්පනයකට (Visualization) ගෙන එමින් පරිපූර්ණ චිත්‍රයක් අපගේ මනස් කැන්වසය මත අඳියි.

"සීතල දිය පිරුණු ඇලේ හිනාවෙමින් රණහංස යුවලක් පීනමින් සිටියේ පොපියන තුඩඟ පුම්බමින්. ඇලට අහස කඩන් වැටිලා වළාකුළු වතුරේ ගිලි ගිලී පීනනවා..... ඇල ඉවුරේ හැදිලා තිබුණ දිය සෙවෙල ගොඩේ ලිස්ස ලිස්සා යන ගෙම්බෙක්... ඈත ගහක කුරුලු ජෝඩුවක් කෙලවරක් නැතිව ආදරේට වාද කරනවා...."
(-62 පිටුව )

මුලු කතාවම පරාක්‍රම ලියන්නේ කාලත්‍රයම භාවිතා කරමිනි. වර්තමානයේ ගමේ සිටින ටිකිරිලියා කොළඹ අතීතයට යයි. කොළඹ සිටිනා විට ඇය ගමේ ගතකල අතීතයට යයි. රියැලිටි වැඩසටහනේ ෆැන්ටසිය හරහා ඇය අනාගතයට කැඳවාගෙන යයි. මේ කාලත්‍රය ඉතා සියුම්ව සංකලනය කරන්නේ අවස්ථා සිද්ධි අපූරු ලෙස සංකලනය කිරීමෙනි. එහිදී පරාක්‍රම සිනමාකරුවෙකු බඳුය.

"ටිකිරිලියා තරු මැද්දේ ගියා" නවකතාව යථාර්ථවාදී රීතියත් විටෙක මායා යථාර්ථවාදී රීතියත් එකට භාවිතා කරන නවකතාවකි. එය සැබෑව හා ෆැන්ටසිය ප්‍රතිනිර්මාණය කිරීමට යොදාගත හැකි අපූරු සංකලනයකි. එය කතාවේ අන්තර්ගතය හා මනාව අනුබද්ධ වේ. නූතන මාධ්‍ය ලෝකය ග්‍රාහකයා ඉදිරියේ මවන්නේ අති සුන්දර ෆැන්ටසිමය ලෝකයකි. ඒ ෆැන්ටසිමය ලෝකයේ උපභෝග පරිභෝග වස්තූන් හඹායන ජනයා එයින් හෙම්බත්ව තමන්ගේ ජීවිතයේ සැබෑ යථාර්ථවාදී අරමුණු අමතක කරයි.

සියල්ල අවසානයේ ටිකිරිලියා ආපසු ගම වෙත හැරීම එක් අතකට පරාක්‍රම අතින් සිදුවූ අත් වැරදක්දැයි සිතේ. ගම යනු තව දුරටත් ජීවිතය ගෙවිය හැකි සුවපහසු ස්ථානයක්ද යන්න ගැටළුවකි. ඇතැම් තැනකදී නගරයට වඩා ගම අතිශය සාහසික ස්ථානයක් බවට පත්වී තිබේ.

පරාක්‍රම තම නවකතාවෙන් විද්‍යුත් මාධ්‍ය විසින් ගොඩනගන ෆැන්ටසිය පිටුපස ඇති වාණිජවාදී උවමනාවන් හා ඒවායේ සාහසික බව නිරාවරණය කරයි. එය මේ මොහොතේ සමාජය නොඉල්ලුවද අනාගතය ඉල්ලා සිටින කාරණයකි. දැන් ඉතිරිව ඇත්තේ පරිසමාචාරයයි. (Curtain Call) එහිදී ප්‍රේක්ෂකයින් අත්පුඩි ගසනවාද? හඬාවැලපෙනවාද? ගල්ගසනවාද? යන්න ප්‍රේක්ෂකයාටම අයිති කාරණයක් බවට පත්වේ.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Tikiri Liya Tharu Maedde Giya, Sinhala Novel, Parakrama Ekanayaka, TV Reality Shows, Sri Lankan Media
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
කපිල එම්. ගමගේගෙන් තවත් වියමන්
පොත්
ඔහු, දිගු විරාමයකින් පසුව හමුවිය යුතු කවියෙක්
පොත්
අකුරු ද හුස්ම ගන්නා බව සැබෑවකි..!
කවි
යෝධයාගේ උයනේ සිරවූ බිරිඳ
පොත්
ජනමාධ්‍යවේදීන්ට බලපාන නීති- විමසුමක්
පොත්
රේන්ද ගුදමින් පෙරී ආ ආදරණීය වික්ටෝරියා
තවත් පොත් බූන්දි
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
මී පුප් සේ රස 'හෑල්ල'
BoondiLets
ලියෝ තෝල්ස්තෝයි කියයි.
නිදහස් චින්තකයෝ යනු පූර්ව විනිශ්චයන්ගෙන් සහ ස්වකීය සම්ප්‍රදායන්ද, වරප්‍රසාදයන්ද, ඇදහිලි හා විශ්වාසයන්ද හා ගැටෙන සියල්ල අවබෝධ කරගැනීමට බියෙන් තොරව ස්වකීය මනස මෙහෙයවීමේ කැමැත්තෙන් කටයුතු කරන්නෝය.... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook