Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
පොත් බූන්දි
අසන්ධිමිත්තා- පශ්චාත් නූතන ගොතික් නවකතාවක්
බූන්දි, 04:22:01
සමන් වික‍්‍රමාරච්චි අලුත් නවකතාවක් ලියලා තියෙනවා 'අසන්ධිමිත්තා' කියලා. ඒක කියවලා බැලූවාම ලංකාවේ ලියවුණු අනෙක් නවකතාවලට වඩා වෙනස් කියලා පෙනෙනවා. සාම්ප‍්‍රදායික විචාරයේ දී සලකා බලන චරිත, සිද්ධි, ශෛලිය කියන ව්‍යුහයන්ට කොටු කරලා කරන කියැවීම්වලින් එහාට ගිහිින් කියවන්න පුළුවන් නවකතාවක් විදියට අසන්ධිමිත්තා හදුන්වන්න පුළුවන්.

නවකතාවේ නිර්වචනය සහ ඉතිහාසය හොයාගෙන යනවිට ඒක ඇතුළේ කියැවෙන මූලික අදහසක් තමයි ගද්‍යයෙන් ලියැවුණු දීර්ඝ ප‍්‍රබන්ධමය ආඛ්‍යානයක් කියන එක. ගද්‍යය සහ ප‍්‍රබන්ධය කියන එක යම් නිශ්චිත අදහසක් ගෙනාවත් දීර්ඝ කියන එක ටිකක් සංදිග්ධයි. කොහොම වුණත් ඒ අතරේ විවිධ ප‍්‍රවර්ගයන්ට (ෂානරවලට) වෙන් කරන්න පුළුවන් ශෛලීන්ට අනුව ලියැවුණු නවකතා අපිට දකින්න ලැබෙනවා. නවකතාව උපත ලැබූයේ බටහිර. ඒ වගේම විවිධ අත්හදා බැලීම් සිදු කළේත් බටහිර ප‍්‍රමුඛව. ඒ නිසාම බටහිර නවකතා ඉතිහාසය පුරාම විවිධ වෙනස්කම් හමුවෙනවා. එයින් එකක් තමයි ‘ගොතික්’ නවකතාව. මේ සියල්ලම කිව්වේ අසන්ධිමිත්තා නවකතාව ගැන කියන පූර්විකාවක් විධියට.

ගොතික් කියන වචනයෙන් මුලින්ම අදහස් වුණේ ජර්මානු ජන කණ්ඩායමක්. ඒ අය ‘ගොත්’ කියලා හැඳින්වුණේ. ඊට පස්සේ මේ වචනේ ක‍්‍රමානුකූලව මධ්‍යකාලීන යුරෝපයේ ගෘහ නිර්මාණ ශිල්පීය ක‍්‍රමයක් හඳුන්වන්න යොදා ගත්තා. මේ ගෘහ නිර්මාණ ශිල්ප ක‍්‍රමයට අනුකූලව නිර්මාණය කරන ලද ගොඩනැගිලිවල විශේෂ ලක්‍ෂණ තියෙනවා. ගොතික් නවකතාව ආරම්භ වුණේ 1764දී. මේ ලේඛකයන් තමන්ගේ නවකතාවලට පසුබිම් කර ගත්තේ, අහිංසක කතානායිකාවක් ග‍්‍රහණයට ගන්න වෙර දරන දරුණු කාමුක දුෂ්ඨයෙකුගේ කතාව කියන්න. ඒ වගේම මේ සිදුවීම් වුණේ පාළු, මූසල, භයානක බිමිගෙවල්, ඇරෙන වැහෙන දොරවල්වලින් පිරුණු විශාල මන්දිරයක. ඩ‍්‍රැකියුලා නවකතාව සිහියට නගා ගන්න. ඒ වගේම අවතාර, ගුප්ත අතුරුදහන් වීම්, යථාර්ථය ඉක්මවා ගිය සිදුවීම්වලින් පිරිලා තිබුණා.

ගොතික් නවකතා ශෛලිය අසන්ධිමිත්තා නවකතාවට සම්බන්ධ වෙන්නේ කොහොම ද? රූපකාර්ථයක් විධියට එහෙම නැතිනම් සාදෘශ්‍යයක් ලෙස මේ සමාජය කියවාගන්න උත්සාහ කරන කොට මේක අවබෝධ කරගන්න පුළුවන්. අපි වර්තමාන සමාජයේ ස්වභාවය දකින විදිහ, විග‍්‍රහ කර ගන්න විදිහ ඒකට බලපානවා. එයින් ප‍්‍රධාන එකක් තමයි කිසිම චරිතයකට නිශ්චිත අනන්‍යතාවක් නැති වීම. එහෙම නැතිනම් අනන්‍යතාව ව්‍යාජ වීම. තවත් විදිහකින් බහුවිධ අනන්‍යතාවක් පෙන්වීම. හැබැයි ඒවාත් ව්‍යාජයි. ඒ නිසාම සමාජයේ අසහනය සහ ව්‍යාකූල බව උතුරලා යනවා.

ගොතික් නවකතාව බිහිවන අවධියේ දී යුරෝපයේ සාමාජීය, ආර්ථික, සංස්කෘතික ක්ෂේත‍්‍රවල වර්ධනය උපරිම තලයකට එමින් තිබුණා. මිනිස් ශිෂ්ටාචාරය පරිපූර්ණත්වයට ළංවෙමින් තිබෙන බවට හැඟීමක් වර්ධනය වුණා. මේ සංතෘප්ත සමාජයට සංත‍්‍රාසය එක් කරන්න විනෝදයක් ලබාදෙන්න තමයි ගොතික් නවකතාව බිහිවුණේ.

අතිශය උත්ප‍්‍රාසජනක ආකාරයට සමන් වික‍්‍රමාරච්චි අසන්ධිමිත්තා හරහා අපේ සමාජය කියවාගන්න අපව පොළඹවනවා. ඒ තමයි විනෝදයෙන් වැහිලා තියෙන සංත‍්‍රාසය එළියට ගන්න එක. ගොතික් ශෛලිය මේ මොහොතට අදාළ වන්නේ ඒ විධියට. අසන්ධිමිත්තා නවකතාවේ චරිත වූ වික‍්‍රමසේකර අසන්ධිමිත්තා සහ සුජීව මහලියන ආදී හැමෝම අතිශය සංත‍්‍රාසජනක සමාජයක ජීවත් වෙන්නේ. මේ සංත‍්‍රාසයම විනෝදයකින් වැහිලා තියෙනවා. අපේ වත්මන් සමාජය 17-18 වන ශත වර්ෂවල තිබුණු ගොතික් ගොඩනැගිල්ලක් වගෙයි. මේක ගුප්තයි. අඳුරුයි . මූසලයි. ඒ වගේම බියකරුයි. ඊළඟ මොහොතේ තමන්ට මොකක්ද වෙන්නේ කියලා කවුරුවත් දන්නේ නැහැ. ඒ වගේම කරන්න ඕනෑ මොකක් ද කියලා දන්නේත් නැහැ. සිදුවෙන දේවල් තර්කයට හසුවෙන්නේත් නැහැ. ඉතින් මේක සංත‍්‍රාසජනක සමාජයක් නෙවෙයි ද? නවකතාව ඇතුළේ මේක අපූරුවට විග‍්‍රහ වෙනවා. මේ පොතේ කාටවත් විස්තර කරලා දෙන්න පුළුවන් කතාවක් නැහැ. ඒ වගේම කතාවක් නැත්තේත් නැහැ. කතාව කියන්නේ කවුද කියලා එක එල්ලේම කියන්නත් බැහැ. කථකයෝ ගොඩක් ඉන්නවා. ඒ නිසාම ප‍්‍රබන්ධය සහ යථාර්ථය අතර සීමා ඉර බොඳවෙලා. සිද්ධි සියල්ලම සංත‍්‍රාසජනකයි. අසන්ධිමිත්තාට වික‍්‍රමසේකර මුලින්ම හමුවුණු දවස බලමු.

"එතකොටම කවුදෝ මා ළඟින් වාඩිවුණා. මම හැරිලා බැලූවා. අපූරු මහත්තයෙක්. උසත් නැති, මිටිත් නැති, කෙට්ටුත් නැති, මහතත් නැති, ගෑනියෙක්ව බොහොම සීරුමාරුවට දැපෙනේ දා ගන්න තරම් ඇස් දෙකක් හිමි පිරිමියෙක්. අත්කොට නිල් ඉරි වැටුණු කමිසය, අළු පැහැති දිග කලිසම…. කැරලි කෙස් ටික හරියට ගානට සිටින ලෙස පීරලා… කඩවසම් පුරුෂ ශරීරයක් මගේ ළඟටම ඇවිත්." (පිටුව, 1-2)

ඒත් එදාම රාත‍්‍රියේ අසන්ධිමිත්තා දකින්නේ කොයි වගේ කෙනෙක්ද?

"ඒ වෙලාවේ මා ළඟ සිටියේ බස් රියේ මා ළඟ වාඩි වී මා සමගම ගෙදර ආ මනුස්සයා නෙවෙයි. එතන හිටියේ මුළුමනින්ම රූපාන්තරණය වූ අමුතුම සත්ත්වයෙක්….. මාත් එක්ක ආපු මනුස්සයාට තිබුණානේ කැරළිත් ඇති, කැරළිත් නැති අපූරු කොණ්ඩයක්. දැන් මෙතන මගේ ඇඳේ ගුලිි ගැහෙන මනුස්සයාගේ කෙස් තිබුණේ යන්තමින් ඔළුව වටේ විතරයි. ඒකත් වියපත් වෙමින් තිබුණු කෙස් රොදක්… නිකටේ රැුවුලේ තිබුණ කළු පැහැය බොඳවෙලා ගිහින්. මේ අද්භූත සත්ත්වයා දුබල ලෙස හිනාවෙන්න වෑයම් කරා. එතකොටයි මම දැක්කේ ඔහුගේ මුවේ ඉදිරිපස දත් දෙකක් අඩු බව. බස් එකේ ආ මනුස්සයාගේ එහෙම අඩුපාඩුවක් තිබුණේ නැහැ. ඔහු මග දිගටම සුන්දර දත් දෙපළ පෙන්වමින් හරි අපූරුවට හිනාවුණානේ. මා සමග බසයෙන් බැස ගෙදරට පැමිණි අවුරුදු හතලිහේ පිරිමියාට එක පැයෙන් පනස් පහ පැනලා." (පිටුව, 29)

මේ වගේ දේකට කවුරුහරි මුහුණ පෑම භයානක හීනයක් වාගේ දෙයක්. ඒත් කියවන කොට කෙනෙකුට හිනායන්න පුළුවන්. සැබෑ සමාජයෙත් එහෙමයි. බියෙන් තැතිගන්න ඕනෑ තැනදි මිනිස්සු හිනාවෙනවා. අපිව පාලනය කරන දේශපාලනඥයෝ, අපිට අදහස් දක්වන සමාජයේ ඉන්න උගතුන්, බුද්ධිමතුන් කියන අය දිහා බලන්න. මේ අය එක පාරට රූපාන්තරණය වෙනවා. ඒත් සමාජය සංත‍්‍රාසයට පත්වෙනවා වෙනුවට හිනාවෙනවා.

නවකතාව ඇතුළේ ගුප්ත ආතතියෙන් පිරුණු පරිසරයක් තියෙනවා. කෘතිය පුරාම කාගෙ හරි ජිවිතයකට තර්ජනයක් තිබෙන බවට හැඟීමක් තියෙනවා. ඒත් කාටද කියලා නිශ්චිතවම කියන්න බැහැ. ප‍්‍රබන්ධයේ ආකෘතිය මේකට හුඟක් උදව් වෙනවා. හැබැයි ඒක අන්තර්ගතයෙන් වෙන් කරන්න බැහැ. කවුරුහරි ඇහුවොත් අසන්ධිමිත්තා නවකතාවේ අන්තර්ගත කතාව මොකක්ද කියලා එකට උත්තර දෙන්න නම්, මුළු නවකතාවම කියවන්න වෙනවා. ඒත් එකත් සම්පූර්ණ නැහැ. කතාව පාඨකයාට අවශ්‍ය විදියට ගොඩනගා ගන්න පුළුවන්. කොහොම වුණත් අසන්ධිමිත්තා කියවීම අපූරු අත්දැකීමක්.
[මෙම ලිපිය මුල් වරට 'රාවය' පුවත්පතෙහි පළ වූවකි.]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Asandhimiththa, Saman Wickramarachchi, Sinhala Fictions, Sinhala Novels
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් පොත් බූන්දි
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
මී පුප් සේ රස 'හෑල්ල'
BoondiLets
රොබට් රග්දෙත්ස්වෙන්ස්කි ලියයි.
සාමාන්‍යයෙන් කියනවා නම් යම් විටක හෝ කවියක් නොතැනූ මිනිසෙක් මෙලොව නැති බව හොඳටම විශ්වාසය. හැම කෙනෙක්ම එක් මට්ටමකට කවි ලියති. හැම කෙනෙක්ම...! ඊට පසු සිදු... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook