Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
පොත් බූන්දි
ඔහු, දිගු විරාමයකින් පසුව හමුවිය යුතු කවියෙක්
බූන්දි, 22:30:16
"කවියක් ලිවීමට තැත් කිරීමම කවියක්" යන්න නිතර සිතට නැගෙන කාරණයකි. එයට හේතුව කවිකමක් තමන් තුළ ඇතියැයි සිතීමම අස්ථි පංඤරයක් තුලට මනුෂ්‍ය ආත්මයක් ඇතුළුවීමක් වන බැවිනි. ඒ නිසා කොතැන හෝ තැනෙක කුරුටු ගෑ කවියක් යනු මනුෂ්‍ය ආත්මයක භාව ප්‍රකාශනයක් වෙයි. පසුගිය වකවානුවේ කෙටි කාලයක් තුළ කවි පොත් ගණනාවක් එළි දකින ලදි. ඒ අතර පරිණත කවීන් මෙන්ම නව කවීන් රැසක් ද සිටිනු දක්නට ලැබුණි. එය කිසියම් ආකාරයෙන් කවියට නව ඇරඹුමක් වෙනු ඇතැයි නිතර සිතෙන්නේ කවියට අප තුළ ඇති ලේ සබැඳියාව නිසාමය.

මේ නව කවියන් අතර සිටි ගයාන් ඉන්දුල කොඩිතුවක්කු ගේ කාව්‍ය එකතුව "විරාමයකට පසුව හමුවෙමු." කාව්‍ය ග්‍රන්ථය කියවා නිමා කළෙමි. මුළු කවි පොත පුරාම සුහුඹුලේ වැඩෙන කවි අංකුර රැසක් දැක ගත හැකිවිය. ඇතැම් කවියක් කියවා අවසානයේ ඒ කවිය මත මොහොතක් නැවතී සිටින්න්ට හිතෙන තරමට ඒ තුළ කුමක්දෝ යමක් තිබෙන බව හැඟේ. එවැනි කවි කිහිපයක් මගේ මනසේ තැන්පත් විය.

"පිරික්සමි යළි යළිත්
නෙත් විවර කර තුයුණු ව
මා අත රැඳි කැඩපතෙහි බැඳි
මලකඩ සූර සූරා
අයාලේ ගිය වසත් ඍතුව.."


(17 පිටුව )

ගයාන් ජීවිතය පිළිබඳ ඔහුගේම කියවීමක් කවි කිරීම සඳහා භාවිතා කරන්නේ අවට පරිසරයයි. ගස්වැල්, ඉර සඳ, තාරකා, සුළඟ, දහවල, රාත්‍රිය, අඳුර වැනි දේ භාවිතා කරමින් ඔහු ජීවිතය කවියෙන් කියවීමට උත්සාහ දරයි.

"මල් පෙති මත මත් වී
නෙක බමර පොදි
මල් ගැන කියන කවි ගී
මල් හීනෙනුත් ගයනවා ඇති..."


(26 පිටුව )

ගයාන් ගේ කවි එකතුවේ ඉතාම සිත් ගන්නා කවි කිහිපයක් වෙයි. එක අතකින් ඔහු කවි බස භාවිතා කරමින් මනසේ චිත්තරූප මවන අතර විටෙක කවියේ මතුපිට අරුත විනිවිද යටිපෙළ අරුත සොයා යන්නට අපගේ අතින් ඇද බලකරයි.

"වටිනාකමින් වැඩි හාදුවක් තවරමි
මහා කළුවරක් පැවති
හාදු ඇති තරම් ගොඩ ගසා තිබූ
රිදෙන්නේ නැති
බිඳෙන්නේ නැති
මහා පර්වත කොපුලක

සිය ගණන් සමනල්ලු එන්න ඇති
තව හාදු මිටි ගණන් අරන් යන්නැති
කළුගලක් උන්ට ඇත්තටම ආදරේ යැයි
උන් හිතාගෙන ඉන්නවා ඇති

කඳු ගැන මොනවත්ම දන්නේ නැති
දළඹුවොත් ඒ ගැන හීන මවන්නැති
කාටවත් දුන්නේ නැති එකම එක හාදුවක්
ඒ කඳු මුදුනේ කොහේ හරි ඇති..
"


(30 පිටුව)

ගයාන්, මෙවැනි කවි වලින් ජීවිතය පිළිබඳ යම් දාර්ශනික කාරණා කිහිපයක් අප වෙතට විසි කර ඒවායෙ යුක්තා'නුයුක්ත භාවය විමසා බලන්න යැයි ඉල්ලා සිටී. මේද එවැනි කවියකි.

"උස් තුරෙක හිඳ ආදරේ අයදින
කළුම කළු බඹර හිතකට මිස
රතු නෙළුම් මල් ආදරේ නැත

මවු කෙරෙන් බලෙන් උදුරා
නිවන් දකිනට - බුදුන් පුදනට
සැදැහැවත් අත් වෙත
හිතේ උපදින මරණ බය හැර.."


(36 පිටුව)

ගයාන් ඉන්දුල කොඩිතුවක්කු තරුණයා භෞතික ශරීරයේ අපහසුතාවලින් පීඩා වින්ද ද ඔහුගේ හදවත් විසල් ය. එසේ නොවන්නේ නම් ඔහුට කිසිදිනක කවියෙකු විය නොහැක. රෝද පුටුවකට වී දිවි ගෙවීමට සිදුවීම නිසාම ඔහුගේ අත්දැකීම් පරාසය හැකිලී ඇති සෙයක් මේ කෘතිය පුරාම දැකිය හැකිය. මේ නිසා ඔහුගේ හැකිලී ගිය ලෝකයේ කවුලුවෙන් දකින දේ හා ඔහුගේ හදවත ඉල්ල සිටින් දේ පමණක් ඔහු කවියට නගයි. විශේෂයෙන් පරිසරය ළඟම මිතුරා සේ ඇසුරු කරන ඔහු පරිසරය පාදක කරගෙන ඒ ඔස්සේ ජීවිතය කියවයි. ආදරය, සෙනෙහස, අවධානය ඔහුගේ කවිවල හුස්ම බවට පත්වන්නේ එබැවිනි.

ගයාන්ගේ බොහෝ කවි තවමත් පවතින්නේ අංකුර ස්වරූපයේ යැයි විටෙක හැඟේ. ඇතැම් කවි ඉතා ප්‍රබල තැනකින් පටන් ගෙන ආන්තික වී යන්නේ එබැවිනි. මේ නිසා ගයාන් කවියට තවදුරටත් තම සිත තුළ වැඩෙන්නට ඉඩ දිය යුතුය. එවිට ඔහුගේ කවිය නිරෝගී ජීවිතයක් ලබන බව නිසැකය. මේ නිසා කවියට නිරෝගීව වැඩෙන්නට ගර්භාෂගතව සිටින්නට ගයාන් ඉඩදිය යුතු බව සඳහන් කරන්නේ අනාගත ජවසම්පන්න කවියෙකු දැකීමේ බලාපොරොත්තුවෙනි. අවසාන වශයෙන් අප සසල කරවන ඔහුගේ කෙටි කවියක් සමාප්ති සටහන ලෙස උපුටා දක්වමි.

"අම්මාගේ පපුව උඩ තරම් ඕන පුතෙකුට
අඬන්න පුළුවන් තැනක් නෑ මුළු ලෝකෙම
පුතු හැඬුවොත් අම්මත් හඬනා බියට
තවමත් පුතුන් හඬනව හොරැහින් රෑට "


(41 පිටුව)

ගයාන්, ඔබ දිගු විරාමයකින් පසුව අනිවාර්යෙන්ම හමුවිය යුතු කවියෙකි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Gayan Indula Kodithuwakku, Sinhala Poetry Collection, Viramayakata Pasuwa Hamuwemu
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
කපිල එම්. ගමගේගෙන් තවත් වියමන්
පොත්
අකුරු ද හුස්ම ගන්නා බව සැබෑවකි..!
පොත්
"ටිකිරිලියා තරු මැද්දේ ගියා"- පරාක්‍රම ප්‍රේක්ෂාගාරයට ගල් ගසයි..!
කවි
යෝධයාගේ උයනේ සිරවූ බිරිඳ
පොත්
ජනමාධ්‍යවේදීන්ට බලපාන නීති- විමසුමක්
පොත්
රේන්ද ගුදමින් පෙරී ආ ආදරණීය වික්ටෝරියා
තවත් පොත් බූන්දි
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
මී පුප් සේ රස 'හෑල්ල'
BoondiLets
පියදෝර් දොස්තෝව්ස්කි කියයි.
පව්කාරයෙකුට චෝදනා කොට පිළිකෙව් කිරීම තරම් පහසු අන් කිසිවක් නැත. එපරිදිම, පව්කාරයෙකු තේරුම් ගැනීම තරම් අපහසු අන් කිසිවක් ද නැත!
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook