Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතා-බස් කරන්ට්ස්
"උසාවිය තුළ දී රජයේ නිළධාරීන්ට සහ මට උස් හඬින් බැණ වැදුණා"- සන්ධ්‍යා එක්නැලිගොඩ
බූන්දි, 17:42:21
නිදහස් සමාජ දේශපාලන විචාරකයෙකු, කාටූන් ශිල්පියෙකු සහ චිත්‍ර ශිල්පියෙකු ලෙස විවිධ මාධ්‍යවලට සම්බන්ධව කටයුතු කරමින් සිටී ප්‍රගීත් එක්නැලිගොඩ, පැවති රාජපක්ෂ රජය සමයේ දී එනම් 2010 ජනවාරි 24 වැනි දින අතුරුදහන් කෙරුණි. වඩා යහපත් ලෝකයක් ප්‍රාර්ථනා කළ මේ සොඳුරු මිනිසා අද වන තෙක් නැවත පැමිණියේ නැත. ගත වූ වසර හය පුරා සිය දරු දෙනො ද සමඟ ප්‍රගීත් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සටන් කරන ඔහුගේ බිරිඳ, සන්ධ්‍යා එක්නැලිගොඩ සිය නො නවතින සටනේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රගීත් පිළිබඳ පරීක්ෂණ ආරම්භ කරවා ගැනීමට සමත් වූවාය. ප්‍රගීත් අතුරුදන් කොට මේ ජනවාරියට වසර හයක් ගතවෙද් දී පසුගිය ජනවාරි 26 වැනිදා ඔහුගේ දේශපාලනික ලිපි ඇතුළත් 'ඉබි තටුවෙන් පියාඹන්න' ග්‍රන්ථය එළිදැක්වීම , ප්‍රගීත් ගේ චිත්‍ර ප්‍රදර්ශනයක් සහ සම්මන්ත්‍රණයක් සංවිධානය කොට තිබිණි. මේ, එම වැඩසටහනින් පසු සන්ධ්‍යා එක්නැලිගොඩ ප්‍රගීත් සම්බන්ධ විමර්ශන කටයුතු පිළිබඳව බූන්දියට අදහස් දැක්වූ අයුරුයි.

ප්‍රගීත් නැතිවෙලා අවුරුදු හයක් ගෙවෙන මොහොතකයි අපි ඉන්නෙ. නඩුවෙ දැන් තත්ත්වය කොහොමද, ඒ පිළිබඳව කෙරෙන විමර්ශන සහ පරීක්ෂණ මොන තත්ත්වයෙද තියෙන්නෙ?

මේ වෙනකොට අපි දන්නවා පරීක්ෂණ කෙරීගෙනයි යන්නෙ. හෝමාගම පොලීසියෙ බී රිපෝර්ට් එකට තමයි දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒගොල්ලන් සතුව තියෙන පරීක්ෂණ වාර්තා ගොනු කරන්නෙ. ඊයෙ තමයි නඩුව අන්තිමට කතා කළේ. රක්ෂිත බන්ධනාගාරයෙ ඉන්නවා හමුදා නිළධාරීන් හය දෙනෙක්. ඒ අයව ඊයෙ උසාවියට ගෙනාවා. ඊට පස්සෙ උසාවියෙදි ඒ අය සම්බන්ධ පරීක්ෂණ වාර්තා සම්බන්ධව කරුණු ගොනු කළා, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින්. ඒකෙදි දැනට ඒගොල්ලන් හොයාගත් සහ සමහර හමුදාවෙන් ලැබුණු වාර්තා තොරතුරු ගොනු කළා. ඒකෙදි දිගටම හමුදාව ඒගොල්ලන් ඉල්ලපු වාර්තා නොදී හිටියා. ඒත් දැන් සමහර වාර්තා ඒගොල්ලන්ට (අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ට) ලබාදුන්නා කියන එක ඒ අය උසාවියට කිව්වා. ඒකෙදි රීති ප්‍රශ්නයක් මතුවුනා. "ප්‍රගීත්ගෙ බොඩි එකක් දැකපු කෙනෙක් නැතුව කොහොමද මේක අපරාධයක් වෙන්නෙ.. මේක මිනීමැරුමක් කියල කොහොමද කියන්නෙ" කියලා. එතනදි ඒ පැත්තෙ ඉන්න නීතිඥ මහත්තයෙක් කිව්වා "මේ සන්ධ්‍යා එක්නැලිගොඩ කියන විදිහට එයා හිත්නනෙ නැහැ ප්‍රගීත් ජීවතුන් අතර නැහැ කියලා , ඒ නිසා ප්‍රගීත් ජීවතුන් අතර නැහැ කියල කියන ඒක අනුමාන කරන්න බැහැ" කියලා ඒත් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මහත්මයා කරුණු ගොනු කළා ගරු අධිකරණයට. ප්‍රගීත් අතුරුදහන් වෙන්නෙ 2010. 2010 ඉඳන් 2015 වෙනකම් පොලිසිය හෝ රජයේ කිසිම ආයතනයක් කිසිම පරීක්ෂණයක් කරන්නෙ නෑ. ඒ වගේම හෝමාගම පොලීසිය පරීක්ෂණයක් කරන්නෙත් නෑ- මේ නඩුව බාර දෙනව හෝමාගම පොලිස් කොට්ඨාසයට. ඒකෙදි යම් විමර්ශන පියවරක් ගනිමින් තියෙද්දි ඒක නවත්තලා පොලිස්පතිගේ නියෝගයක් මත භාරදෙනවා කොළඹ අපරාධ කොට්ඨාසයට. එතනින් කිසිම පරීක්ෂණයක් කරල නෑ. එහෙම මොනව හරි තිබුණ නම් ඒ අයට ඒ සම්බන්ධව අධිකරණයට වාර්තා කරන්න තිබුනා. මම 2010 තමා හබයාස්කෝපස් පෙත්සමක් ගොනු කරන්නෙ. ඒ පෙත්සම වෙනුවෙන් කිසිම සාධනීයය වාර්තාවක් ඉදිරිපත් කරල නෑ අධිකරණයට. ප්‍රගීත් පැහැරගෙන ගිහිල්ලා ගිරිතලේ හමුදා කඳවුරට භාරදීලා නැවතත් මේ නිළධාරීන්ට තමා ආපහු බාරදෙන්නෙ. මේ බාරදීමෙන් පස්සෙ මේ අය සමග ප්‍රගීත් ඉන්නව අවසාන වතාවට දැක්ක පුද්ගලයින් ඉන්නවා. ඒත් මේ අය (හමුදා නිළධාරීන්) හරියට කරුණු කියන්නෙ නෑ. ඉතිං මේ අය එක්ක අවසානයේ හිටිය නං ඒ අය ඒ වාර්තා අධිකරණයට හෝ පරීක්ෂණවලට ලබා නොදෙන තත්ත්වය මත නීතිය උපකල්පනය කරනවා ප්‍රගීත් නැහැ කියන එක. ඉතිං නඩුව අවසානයෙදි මහේස්ත්‍රාත් තුමා මේ අය රක්ෂිත බන්ධනාගාර ගත කරන කාලය තව දින දහයක් දික්කරලා පෙබරවාරි නමය දිනට නඩුව කල් තිබ්බා. ඒක තමයි ගත්ත පියවර වුනේ.

ඊයේ හෝමාගම උසාවි සංකීර්ණයේදි සිද්ධියක් ඇති වුනා. ඒ ගැන පොඩ්ඩක් කියන්න පුලුවන්ද?

ඔව් හෝමාගම උසාවියෙදි - එවැනි අය මීට ඉස්සෙල්ලත් ආවා. මොකද මීට පෙර හමුදා නිළධාරීන් උසාවියට ගෙනෙන අවස්ථාවලදි 'රාවණා බලය' කියන සංවිධානය මෙහෙයවලා පිකට් කළා මේකට (නඩුවට) විරුද්ධවව. දැනට පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු- විශේෂයෙන් නාමල් රාජපක්ෂ , කෙහෙළිය රඹුක්වැල්ල වගේ මන්ත්‍රීවරු කීපදෙනක්ම මේ නඩුව යන වෙලාවල්වල ඒ අයට සහයෝගය දෙන්න උසාවියට ඇවිල්ලා හිටියා. අවසාන වශයෙන් ඊයෙ දවසෙදි ගලගොඩඅත්තේ ඥාණසාර සහ රාවණා බලයේ හාමුදුරුවරු මම හිතන්නෙ පහළොවක් විස්සක් අතර ප්‍රමාණයක් මේ නඩුව විභාග වෙන අවස්ථාවේදී අධිකරණයට ඇවිල්ලා හිටියා. ඒ අය අධිකරණයේ නඩුව විමර්ශනය වන ශාලාව ඇතුළේ හිටියා. නඩුව කල් තිබ්බට පස්සෙ අපි අධිකරණ ශාලාවෙන් එළියට ආවා. එළියට ඇවිල්ලා ඉන්න කොට - ඒ වෙන කොට අපේ නඩුව කල් තියලා ඊළඟ නඩුවත් කතා කරලා. - අපිට ශබ්දයක් ඇහුණා උස් හඬින් කවුරු හරි කතා කරනවා. එතකොට අපි නැවතත් ඇතුළට ආවා මොකක්ද කියල බලන්න. ඒ වෙනකොට ඥානසාර හාමුදුරුවෝ අධිකරණයේ කටයුතුවලට බාධා කරමින් ඉතාම අශෝභන ආකාරයෙන් රජයේ නිළධාරීන්ට බැණ වදිමින් කතා කරමින් හිටියා. ඊට පස්සෙ කතා කරමින් ඉඳලා ඔහු එතනින් එළියට එන්න ආවා. එනකොට මම හිටියෙ අධිකරණ ශාලාව ඇතුළෙ. ඉතිං මං ගාවට ඇවිල්ලා එයා කිව්වා "තෝ දැනගනින් තොගෙ මිනිහ එල් ටී ටී ඊ කාරයෙක්, තෝ ගිහිල්ල හිඟා කාපං" ඒ විදිහට ඉතා උස් හඬින් සියලු දෙනා බලා ඉන්දැද්දි මට බැණ වදිමින් යන්න ගියා. ඒ අවස්ථාවේදි ඒ එතන හිටපු අනිත් නීතිඥ මහත්වරුත් සියලුම නීතිඥ මහත්වරුත් ඒකමතිකව මහේස්ත්‍රාත් තුමාට කියා හිටියා "මෙහෙම මේ විදිහට හැසිරීම මේ අධිකරණයට විතරක් නෙවෙයි අධිකරණ පද්ධතියට ම කරපු අපහාසයක් - අධිකරණයේ කටයුතු කඩාකප්පල් කිරීමක්. ඉතිං ඒක නිසා මේකට විරුද්ධව පියවරක් ගන්න" කියලා ඒ අනුව තමයි අධිකරණ කටයුතුවලට බාධා කිරීම සහ අධිකරණයට අපහාස කිරීම යන සියල දේ සලකා බලා මහේස්ත්‍රාත් තුමා හෝමාගම පොලිස් ස්ථානාධිපතිට නියෝගයක් නිකුත් කළා මෙයාව අත් අඩංගුවට ගන්න කියලා . මම උසාවි ශාලාවෙන් පිටවෙලා ගිහිල්ලා මට බැණ වැදීම, අපහාස කිරීම සහ තර්ජනය කිරීම සම්බන්ධයෙන් පොලීසියෙ පැමිණිල්ලක් කළා.


ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව හෝමාගම පොලිසියට බාර වෙමින්

නව රජය පත්වුනාට පස්සෙ මේ කටයුකු ඉක්මන් වෙයි යම් කිසි සාධාරණයක් වෙයි කියල කවුරුත් බලාපොරොත්තු වුනා.. ?

බලාපොරොත්තු සහිතව තමයි මේ ආණ්ඩුව පත්කලේ. හැබැයි ඉතිං එක යහපතක් වුනා. මේ පරීක්ෂණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන්නා. ඒ බාර දීම නිසා තමයි මෙතෙක් ප්‍රගත්ට මොකද වුනේ කියල දන්නෙ නැතිව සිටිය සමාජයට 'ප්‍රගීත් මේ හමුදා නිළධාරීන් විසින් පැහැරගෙන ගියාය; ඒක සැලසුම් කරපු අපරාධයක්ය' කියන එක එළිවුනේ- සමාජගත වුනේ. ඒක ගැන අපි කෘතඥ වෙන්න ඕනෙ. ඒත් ඉතිං මේ වෙනකොට මහින්ද රාජපක්ෂ විසින් විවිධ පුද්ගලයින් ලවා සහ එයා ඍජුවම මැදිහත් වෙලා මේ කරන පරීක්ෂණ කඩාකප්පල් කරන්න ඉතා සූක්ෂම වැඩපිළිවෙලක් ගෙනියනවා. මොකද මහින්ද රාජපක්ෂ දන්නවා තමන් තමයි මේ දේ කළේ කියන එක. ඒ නිසා මේ නඩුවට සම්බන්ධ රජයේ නිළධාරීන් අපකීර්තියට පත්කරන්න, ඒ වගේම ඒ අයට දෝෂාරෝපණය කරන්න ඥාණසාර වගේ හාමුදුරුගොල්ලො ලවා සියලුම දෙනාට අපහාස කරවන්න, තර්ජනය කරවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලවා විවිධ ප්‍රකාශ කරවන්න- ඒ තත්වයට පත්වෙලා තියෙනවා. ඉතිං ඒකෙදි මම දන්නෙ නෑ ජනාධිපති මොනවගේ තීරණයක් ගනියිද කොයිවගේ ක්‍රියා කරයිද කියලා. ඒත් එවැනි අය ගැන මොකක්ද කරන්නේ කියන එක ගැන ප්‍රගීත්ගේ බිරිඳ විදිහට මම බලාගෙන ඉන්නවා. මේ යහපාලනය ඇතිකිරීම සඳහා කැපවෙලා වැඩ කරපු කෙනෙක් හිටියට මං බලාගෙන ඉන්නවා කවදද ප්‍රගීත් වෙනුවෙන් මට සාධාරණයක් ඉෂ්ට වෙන්නෙ කියලා.

Image Courtesy- Colombo Gazette, Mawbima
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Prageeth Eknaligoda, Sandya Eknaligoda, Mahinda Rajapakse, Galagodaatte Gnansara , CID , Ravana Balaya, Namal Rajapaksa, Keheliya Rambukwella, Maithreepala Sirisena, Sri Lanka Army
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
බූන්දි වැ.දෙ.ගෙන් තවත් වියමන්
කතා-බස්
"කිමිදෙන එක නෙමෙයි, පතුල හොයන එකයි අවුල"- විරාජ් ලියනාරච්චි
කතා-බස්
"හොඳ දේට රැල්ලක් හදන්න ඕනේ...!"- 'ගිරිකූඨ කාශ්‍යප' ගැන අඛිල සපුමල් සමග කතාබහක්
වෙසෙස්
ගංවතුරෙන් අපදාවන්ට ලක්වූවන්ට අවැසි සහය සඳහා
සිත්තර
"මම අඳින්නෙ මිනිස් හැඟීම්"- හෂිනි චන්ද්‍රසිරි
කතා-බස්
"ගොතන කතාවකට වඩා අවිශ්වසනීය වූ ඇත්ත කතාවක් තිබුණා...!"- සුරේඛා සමරසේන
තවත් කතා-බස් කරන්ට්ස්
ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන! (ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග)
ජාතික සංහිඳියාව කියන්නේ ජෝක් එකක් නොවෙයි...!- වී.අයි.එස්. ජයපාලන්
අපේ පූජක පැලැන්තිය ක‍්‍රිස්තුස් වහන්සේ අල්ලලා කුරුසියේ ඇණ ගහනවා- වික‍්‍රම ෆොන්සේකා පියනම
ඒ උතුම් බොදු බල සේනාවෝ පෑ තවත් එක් ශ්‍රී වික්‍රමයක්...!
"ජනමාධ්‍යවේදීන් සතු සුවිශේෂ කාර්යභාරය ජනතාවගේ බුද්ධිය පුළුල් කිරීම යි." -දයාසේන ගුණසිංහ
BoondiLets
ගෞතම බුද්ධ දේශනා කරයි.
කොහේ හෝ තිබී කියවූ පමණින්, මා (බුදුන්) හෝ කවුරුන් හෝ කී පමණින් කිසිවක් විශ්වාස නොකරන්න. එය ඔබේම නුවණින් සහ අවබෝධයෙන් පසක් වන්නේ නම් පමණක් විශ්වාස... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook