Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
පොත් බූන්දි
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්
බූන්දි, 20:44:48
ෆේස්බුක්. අද කාලයේ වඩාත්ම ආකර්ශණීය සංජානන මාධ්‍යය විය යුතු ය. බොහෝ දෙනා බොහෝ දෑ ලියන. කවි කෙටිකතා විචාර ඈ විවිධ ප්‍රවර්ගයන් ද ඇතුලත් ව. එහි පිටු පෙරළීමක් නැත්තේ ය. ඇත්තේ උඩ පහළ යෑම් පමණකි. අළුතෙන් එක්වන සෑම සඳහනක් පාසාම පහළට තල්ලුවී යන පෙර සටහන් සහිත.

එහි ලියැවෙන කවි අප ඇස ගැටෙන්නේ එසේ උඩ පහළ යෑම් අතර ය. නිදහසේ නැවතී කියැවීමට ඇති අල්ප ඉඩකින් යුතු ව. ඒ අල්ප ඉඩ නිසාම බොහෝ දෑ මඟහැරී යා හැක්කේ ය. විශේෂ අවධාරණයක් හෝ බොහෝ දෙනෙකු විසින් මැදිහත් ව ඇත්තා වූ යමක් හැරුණු විට.

අපට තුෂාරිකා මඟ හැරෙන්නේ එම සන්දර්භයේදී ය.

ඇගේ කෙටි ප්‍රේමණීය කවි පමණක් ඉස්මතුව අනෙක්වා යට යෑම එහි අනිවාර්යයක් වන්නේ ය.

ඇගේ කවි පොතක් ලෙස එකතුවීම කවි ලියන්නියක ලෙස අප විසින් ඇය හඳුනාගත් සීමාව අතික්‍රමණය කර වෙනස් තුෂාරිකා කෙනෙකු හඳුන්වා දීමෙහි ලා වැදගත් වන්නේ එහෙයිනි.

දැන් ඇගේ කවි පොත මා ළඟ ඇත්තේ ය.

මුද්‍රණයට සූදානම් කෙරුණු පීඩීඑෆ් ගොනුවක් ලෙස විවෘත ව. මේ අකුරු කෙරෙන පරිගණකයේම වෙනත් කවුළුවක විවෘත ව. ඉතාමත් වැරදියට කෙරුණු කවි පෙළගැස්වීමකින් යුතු ව.

මේ ලියන්නේ ඒ කවි ද ඒ කවි හරහා දැනෙණ තුෂාරිකා ද ගැන මට දැනුණු හැටි ය.

ඒ පොතෙහි කවි පෙලගැස්වීම වැරදි යැයි හැඟෙන්නේ කාව්‍යකරණයේ අත්හදාබැලිම් ද නොමේරූ කවි ලක්ෂණ ප්‍රකට කරන්නා වූ ද මුල් කවි කිහිපය ඉවසිල්ලක් නොමැති කියවන්නකු අධෛර්යයට පත්කළ හැකි හෙයිනි.

එසේය. ගූග්ල් සෙවුම් ප්‍රතිපලයක මුල් පිටුවෙන් එහාට යෑමට තරම් ඉවසීමක් නැති මේ යුගයේ යමෙක් පොතකට ඇද බැඳ තබාගැනීම පරෙස්සමින් කළයුතු වෙහෙසකරවූත් උපායමාර්ගික වූත් කටයුත්තක්ම වන්නේ ය. ඒ කවි පොතක් වන විට තත්වය තවත් බැරෑරුම් වන්නේ ය.

එහෙයින් මම ඇගේ කවි පොත මේ කවියෙන් ඇරඹුණා නම් කැමැත්තෙමි. පොතෙහි හත්වෙනියට ඇති.

පුපුරපු ගල් බෝරයට
ජීවිතය නොදී
පර්වතය සිටියි
තව දිනයක්

කෙදිනක
එකිනෙකා සමුගනීදැයි
නිතර ගැහෙමින්
සුළැඟිල්ලක එල්ලෙයි
කුඩා ගල් පතුරක්


මට සිතෙන්නේ මේ කවිය කවිපොතෙහි ඇති මුළු කවි තිස් හත ගැනත් ඒ කවි ලියූ තුෂාරිකාගේ එළැඹුම ගැනත් ඉඟි කරන්නට යොදාගත හැකි හොඳම උදාහරණයක් ලෙස ය. ඒවා නිහඬ ය. හිතුවක්කාරී ය. ඇමිණෙන සුළු ය. රිද්මයක් නැත්තේ ය. ඒ නැතිකම තුළම රිද්මයන් තනන්නේ ය.

වත්මන් කවි අතර මහා සටහන් තබා නිහඬව බලා සිටින අතලොස්සක් කවියන් අතරින් එකකු වන රෝහණ පොතුලියැද්ද ඉතා නිවැරදිව මේ මොහොතේ සිංහල කවිය "වේගයෙන් ව්‍යාජ බවට හා සුරතල් බවට" ඇදී යන ප්‍රවාහයක් ලෙසින් කියවන්නේ ය.

ඒ කෙරෙහි හේතුවන බොහෝ පුද්ගල හා සමාජයීය හේතූන් අතර ඉදිරියෙන්ම ඇත්තේ කවීන් අත ඇති අල්ප අනුභූතීන් හා නොඉවසිල්ල බව නොරහසකි.

එතැනදී තුෂාරිකා මෙතෙක් කලක් නිහඬව සිට ප්‍රගුණ කළ ඉවසීමත් ස්ටැනිස්ලාවුස්කිමය තල කිහිපයක් ඔස්සේ තමා හා අනන්‍ය කරගන්නා වූ අත්දැකීම් පරාසයත් මතින් සිය කවි ලකුණ දල්වාලන්නී ය. කීර කොටු තුල සුරංගනා කතා ලිවීමේ සිට පේලි දෙකකින් මහ මුහුදත් මුහුදුබඩ දුම්රිය පීළි ත් අතර හැඟුම් වියා දැක්වීම දක්වා.

පොතෙහි නම "උතුරා යන්න ගඟ මම කැමති පොකුණට" ය. ගඟක් සැදී පැහැදී සිටින්නේ ම සයුරක් කරා ඇදී යෑමට ය. එවන් ගඟක් තමන් කැමති පොකුණක් කරා හැරවීම පහසු නොවන්නේ ය. ඒ සඳහා ගඟ ඉවුරු බිඳගෙන අප පතනා පොකුණ කරා ආ යුතු ය. තමා හුරුව ඇති ගමනට අභියෝග කරමින්.

ඒ සඳහා ගඟ උතුරා යා යුතු ය. ගංගාවල් හුදු ප්‍රාර්ථනා පිහිටෙන් පමණක් උතුරා යන්නේ නැත. ඒ වෙනුවෙන් ගඟට දිය සැපයිය යුතු ය. උතුරා යන තුරු ම. ඒ මුල්ම අදියරය ය. නමුත් ඒ ගඟ මා කැමති පොකුණට ගෙනයෑම උදෙසා තව බොහෝ දෑ කළ යුතු ය.

පොතෙහි නම යෙදීමේ දී මෙන්ම ඇතුළත බොහෝ කවි තුළදී ද තුෂාරිකාමේ ආකාරයෙන් ම අප අවට ඇති බොහෝ දෑ ගෙන මහා කතාන්දර කියන්නී ය.

මේ එවන් උපුටන කිහිපයකි.

"කවදාවත් දුම්රියක් නොඑන
කුට්ටිවලට වෙන් වූ රේල්පාරෙ බවනෙ ඉඳ
දුම්රියක් එන සිහින දකිනු හැක"

"මුහුද, රැලි ටික
යළි ඇදන් යයි
පතුලෙ ගුලි වී සුසුම් වැදි වැදි
අවර්ණව හිටියත් සැපක්..."

"හව්හරණ නැති මේ මහා කඳු උඩ
හිතුමනාපෙට වැවුණ දලූවල
ළපටි සිතුවිලි අන්දා
ගින්න එනු ඇති පණිවුඩය
නොඇසෙන්න
කන් වසාගන්නැයි කිව්වා"


තුෂාරිකා සිය කවි ආකෘතිය ද තමාට ඇවැසි පරිදි එහෙට මෙහෙට කරකව යි. ඔහේ ගලාගෙන යන කවි මැදට පැන ඒවා ට බාධා කරයි. රිද්මය කඩා දමයි. යළි ගොඩ නැඟීමට ඉඩ හරියි. ඒ මතින් පාඨකයාට පඨිතය කෙරෙහි අනුරාගිකව බැඳීමට ඇති ඉඩ අවම කරයි.

"දවසම එකතැනය අප නමුදු ආගන්තුකය
දවසටම දෙපාරට වඩා හිනා දීම පාපීය
බස් එකේ යනා‘තර අති‘නත වදිනු හැකිය
අත හනික අහකට ගැනුම උගත් හැදුණුකමය
තිරය මත නෙත දිය කෙරුම අනවැසිය
කෙටි පණිවිඩ දහයකටම එක පිළිතුර ඇති ය

එවිට,
මටසිලිටි සුසුමක වෙළී
සුව මතක මදනලක ඇලී
මවයි සිහිනයන්
ළඟ නොමැති නිමේෂයකදී
හරිම අලූත් විදිහට
පුදුම නැවුම් ආරට
කිසිදා යළි නොබිඳෙන්න
අපට අප හමු විය හැකි නොවෙද
වසර ගණනකට පසු වුවද"
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Uthura Yanna Ganga Mama Kemathi Pokunata, Sinhala Poetry, Thusharika Anthony
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
අනිල් හේරත්ගෙන් තවත් වියමන්
කරන්ට්ස්
උඹේ මළගමට කියන්නට බැරි වූ කවිය
කවි
හිස්
කවි
කොයියෝගේ වෙරෝනිකාට,
තවත් පොත් බූන්දි
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
මී පුප් සේ රස 'හෑල්ල'
BoondiLets
පාවුලෝ කොයියෝ ලියයි.
ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් උතුරා යෑමක්. ඔවුනට පැය ගණක්, සමහරවිට... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook