Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
ආගිය අතක් නැති වූ 'මහසෝනා'
බූන්දි, 20:17:19
"මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම එනකොට මහසෝනා ගහලා." පසුගිය දිනක වලස්මුල්ල ප්‍රදේශයේ ගුප්ත විශ්වාස පිළිබඳව විමසුමකට ගිය මට එහි ගැමියෙක් කීය.

"ඔය මොන අවුරුද්දෙ වගේද?" මම ඇසුවෙමි.

"හරියටම කියන්න බැහැ. 1960 විතර." ඔහු පිළිතුරු දුන්නේය.

ඔහුගේ කතාව සේම මහසෝනා ගැසීමෙන් මිය ගිය පුද්ගලයන් පිළිබඳව කුඩා කාලයේ සිට මම ද කොතෙකුත් තොරතුරු අසා ඇත්තෙමි. අපේ ගම් පළාතේ සිටි සුළු සුළු හොරකම් වලට ප්‍රසිද්ධව සිටි බීමතට ඇබ්බැහිව සිටි අයෙකු එක්තරා උදයක වෙල් නියරක් මත මැරී වැටී සිටියේය. එහි රැස් වූ ගම්මු ඔහුගේ මරණයට හේතුව 'මහසෝනා ගැසීම' යැයි ඒකමතිකව තීරණය කළහ. ඊට හේතු වූයේ ඔහුගේ පිට ප්‍රදේශයේ මහසෝනාගේ ඇඟිලි පහරවල් ලෙස සැලකෙන නිල් පැහැති ඉරි පැහැදිළිවම දක්නට තිබීමය.

කෙසේ හෝ අද වන විට 'මහසෝනා ගැසීම' නිසා මිය ගිය එක් අයෙකු ගැනවත් අසන්නට නැත. අඩුම තරමින් අවුරුදු විසි ගණන් වල බොහෝ තරුණ තරුණියෝ මහසෝනා යනු කවරෙකු දැයි නමින්වත් නොහදුනති. මින් අපට හැගීයනුයේ මහසෝනා අනුන්ට ගැසීම කෙසේ වෙතත් පසුගිය දශක කිහිපය තුළ මහසෝනාට වෙන කවුරුන්‍ හෝ 'ගසා ඇති' බවකි!

අතීත ගැමියන් කිසියම් පුද්ගලයෙකුගේ හදිසි මරණයක් මුල්කොට ඔහුට මහසෝනා ගසා ඇති බව තීරණය කරන ලද්දේ මතු දැක්වෙන සාධක ද පදනම් කර ගනිමිනි. එනම්,

01. මියගිය තැනැත්තා රාත්‍රී කාලයක දී හුදකලාවේ ගමනක් ගිය ‍අයෙකු හෝ කිසියම් තැනක රැඳී සිටි අයෙකු වීම.

02. පසුදා උදේ ඔහුගේ මළ සිරුර ගම් වැසියන්ට හමුවන තුරු කෑ කෝ ගැසීමක් හෝ වෙනයම් සංඥාවක් අසන්නට නොලැබීම. (මීට හේතු වනුයේ පිටුපසින් පැමිණ පහරදෙන්නෙකු ලෙස මහසෝනා ප්‍රකට නිසා විය හැක.)

03. ඔහුගේ ශරීරයේ පිට ප්‍රදේශයේ නිල් පැහැති සළකුණු කිහිපයක් දක්නට තිබීම.


මෙකී තත්ත්වයන්ට පරිබාහිරව මහසෝනා ගැසීම් වශයෙන් හැඳින්වෙන සිදුවීම් වාර්තා වූයේ නම් ඒ අතිශය අල්ප ලෙසිනි. යමෙකුට දවල් කාලයේ මහසෝනා ගැසීමක් ගැන අසන්නට ලැබුණේ නැති තරම්ය. එමෙන්ම මහසෝන් ප්‍රහාරයකට ලක් වූ කාන්තාවන් පිළිබඳවද අසන්නට නොමැති තරම්ය. දැන් අපි මේ මහසෝන් ප්‍රහාරයේ විද්‍යාත්මක පක්‍ෂය වෙත නැඹුරු වෙමු.

අපගේ ජීවිත සම්බන්ධ ස්වායත්න ස්නායු පද්ධතියේ (autonomic nervous system functions) මනෝකායික ක්‍රියාවලියක් තිබේ. එය ඉතා පැහැදිළි වශයෙන් කිවහොත් තමන්ගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රකම්පනීය සංවේදීතාවයක් දැනුණු විට මොළයේ විධානයන්ගෙන් තොරව ක්‍ෂණික තීරණ ගැනීමට අපගේ ස්නායු පද්ධතිය වහා ක්‍රියාත්මක වීමය. ඒ අනුව යක්ෂ විශ්වාස පෙරදැරිව රාත්‍රියේ තනිව ගමනක් බිමනක් යන‍ හෝ කිසියම් තැනක රැඳී සිටින පුද්ගලයෙකුට ලැබෙන ක්‍ෂණික තීව්‍ර සංවේදනයක් ඔස්සේ ඔහු තුළ වූ මහසෝන් යක්ෂ විශ්වාසය එක්වරම අති ප්‍රබල ලෙස උද්දීපනය වීමට පුළුවන. ඒ සමඟම තමන්ට පිටුපසින් මහසෝනා සිටිතැයි යන අධික බිය මුසු විශ්වාසය ඔස්සේ ඔහු ගේ ස්වායත්න අනුවේගී ස්නායු පද්ධතිය ක්‍ෂණිකව ක්‍රියාත්මක වීම තුළින් මොළයේ විධානයකින් තොරව ගෙල පෙදෙස ක්‍ෂණික ගැස්සීමක් වශයෙන් වේගවත්ව ආපස්සට හැරීමට පුළුවන. එවිට එහි වේගය අනුව ශරීරය හා මොළය සම්බන්ධ වන කශේරුක ධමනිය (vertebral artery) ඇතුළු ධමනි බිඳීයාමේ යම් ඉ‍ඩකඩක් පවතී. එය මරණීය ප්‍රතිඵල උදාකරන්නකි.

එසේත් නොමැති වුව හොත් එසේ ක්‍ෂණිකව හටගන්නා ප්‍රකම්පන තත්ත්වයක් යටතේ හදිසි හෘද අකරණියක් (myocardial infarction) හෝ arrhythmia නම් තත්ත්වයක් හෝ මොළයේ නහරයක් පිපිරීයාමේ යම් හැකියාවක් තිබේ. මෙවන් තත්ත්වයක් තුළ ක්‍ෂණික මරණයකට ලක්වන ඒ තැනැත්තා ගේ මළ සිරුර පසුදා පරීක්ෂා කරන්නවුන්ට එහි turano, cleido, mastoid යන අස්ථි වලට සම්බන්ධ පිට ප්‍රදේශයේ පේශීන්ගේ නිල්පැහැති බවක් දක්නට පුළුවන. එය යමෙකුගේ මරණයෙන් පැය කිහිපයක් ගිය පසු සිරුරේ පහළ ප්‍රදේශවලට රුධිරය එක්වීමේ සාමාන්‍ය සම්භාවිතාව හෙවත් උපභවනය (hypostasis) නිසාය. ඒ එම පුද්ගලයා වැටී සිටි ස්ථානයයේ රළු බව හෝ ඇද සිටි ඇඳුමේ රළු බව අනුව එසේ පිට ප්‍රදේශයට ලේ එක්වීමේ යම් රටාත්මක බවක් පෙන්නුම් කෙරේ. බොහෝ දෙනෙකු මහසෝනාගේ ඇඟිලි පාරවල් වශයෙන් හඳුනාගන්නේ මෙම සළකුණුය.

"මිනිහා මැරිලා තියෙන්නේ නාහෙන් කටින් ලේ දාගෙන!" මෙවන් මරණයට පත්වන්නවුන් සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් එසේ කියති. කිසියම් පුද්ගලයෙකුගේ මරණයේ දී විවිධ හේතුන් මුල්කොට නාසයෙන් සහ මුවින් රුධිරය ස්වල්පයක් වහනය වී තිබීම බොහෝ විට දැකිය හැකි වන අතර හෘදය වස්තුවේ සිට මොළයට ලේ වැඩි ප්‍රමාණයක් එක්වර නිකුත් වීමේ දී නාසයේ ඇති nasal mucosa නම් පටකය පුපුරා යාමට පුළුවන. එවිට ඉන් රුධිරය ස්වල්පයක් පිටවීම ඉතා ස්වභාවිකය.

ඒ කෙසේ වර්තමාන සමාජයෙන් මෙම මහසෝන් විශ්වාසය බිඳ වැටීමත් සමඟ අද වන විට මහසෝනාට 'ආගිය අතක් නැති වීම' නිසා ඔහුගෙන් සිදුවූ එවන් විපත් ද අසන්නට නොලැබීම පුදුමයට කරුනක් නොවේ.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Maha Sona, The Greatest Demon, Folklore, Myths, Superstition
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තිලක් සේනාසිංහ ගෙන් තවත් වියමන්
වෙසෙස්
මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය
වෙසෙස්
ආරියසේන යූ ගමගේ- සොඳුරු මතක ඉතිරි කොට නික්ම ගිය වෛද්‍යවරයා
වෙසෙස්
තොවිල් වලදී යකුන් පලා යන විට ගස් අතු කඩා වැටෙන හැටි!
වෙසෙස්
භූතයෙක්, යකැදුරෙක් සහ සත්‍ය කතාවක්
අදහස්
ඉස්ලාම් හොල්මන් අවතාර ගැන කවදාවත් අසා තිබෙනවාද?
තවත් වෙසෙස් බූන්දි
වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම
මානව සමාජයේ මීළඟ විප්ලවය 'දත්තවාදය'ද?
BoondiLets
ලෙනින් ලියයි.
පීඩිත ජනයාට ඉවත් වීමේ අයිතිය දෙන ලෙස කරන ඉල්ලීම අත් හැර දමා ජාතීන්ගේ අයිතිවාසිකම් එක සමාන විය යුතු බවත් පිළිගැනීම පුහු වදන් දෙඩීමක් හා හුදු... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook