Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
බූන්දි, 21:11:57
බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ පොදු මහජන අදහස උච්ඡාවචනය වෙමින් නිතරම සමාජ මනෝභාවය තුල ගැවසේ.

පුද්ගලීක ආරවුලකදී සිදුවන මිනීමැරුමක් මෙන් නොව ළමා අපචාර සම්බන්ධ කෲර අපරාධ හා සමාජ විරෝධී ජාවාරම් ආදියට වගකිවයුතු අපරාධ කරුවන්හට කිසිදු සමාවක්/කිසිදු බුරුලක් නොදිය යුතුයැයි දැඩි අදහසක් සමාජයේ පවතී; ඔවුන්ගෙන් මතුවට එවැනි අපරාධ වීමට තිබෙන ඉඩ මුළුමනින්ම අවුරාලීමට ඇති උවමනාව මත ඔවුන් ‘සමාජයෙන් ඉවත් කිරීම’ පිලිබඳ ආවේගය එවන් මොහොතකදී මතුවෙයි; සිදුකරන ලද සාහසික අපරාධය වෙනුවෙන් එහි වරදකරු දඬුවමට හා විඳවීමකට භාජනය වියයුතු බවට වන මහජන කෝපය අසාධාරණ ආවේගයක් නොවේ.

මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට රටේ අති බහුතරයක් පක්ෂය. පාර්ලිමේන්තුවේ බහුතරයක් පක්ෂය; භික්ෂු සංස්ථාවේ අති බහුතරයක් පක්ෂය; ජාති බේදයකින් තොරව බහුතරයක් ජනතාව මේ දඬුවම යලි ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින්නේ ඉහත කී පරිදි, නරුම අපරාධකරු සමාජයෙන් ඉවත් කිරීමට හා ඔහු කල කෲර අපරාධයට කරන පලිගැනීමක් වශයෙනි.

එහෙත්, තමන් හට කරන ලද බලවත් අපරාධයක් නිසා ඊට පලිගැනීමක් ලෙස ඊට සරිලන හා සමාන මට්ටමේ විපතක් හා වේදනාවක් අපරාධකරුට අත්කර දීමට පුද්ගලික මට්ටමින් දක්වන පළිගැනීමේ ප්‍රතික්‍රියාවත්, රජයක් විසින් එවන් අපරාධකරුවෙකුට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමත් අතර වෙනසක් ඇත. පුද්ගල අවකාශයකදී යම් දේවල් වලට ප්‍රතික්‍රියා හා ප්‍රතිචාර දක්වන අයුරින්, සමස්ත සමාජයම අභි-නියෝජනය වන රාජ්‍යය නම් යාන්ත්‍රණයට ප්‍රතිචාර දැක්විය නොහැකිය.

පොදු සමාජයට මෙය තේරුම් යන්නේ, බොහෝ මානව හිමිකම් ක්‍රියාධරයින් මේ මරණ දඬුවම ප්‍රතික්ෂේප කරන්නේ එය කෲර දඬුවමක් හෙයින් රජයට (රාජ්‍යය යන පොදු ආයතනයට) තවත් කෙනෙකුගේ (ඔහු/ඇය අපරාධකරුවකු වුවත්) ජීවිතය අවසන් කිරීමට අයිතියක් නැත යන පදනමින් යනුවෙනි. මරණ දඬුවමට පක්ෂ ඔවුන් මෙය තේරුම් ගන්නේ ‘අපරාධකරුගේ මානව හිමිකම්’ වෙනුවෙන් ඔවුන් (මානවහිමිකම් සංවිධාන) පෙනී සිටිනවා වැනි අරුතකිනි. එනයින් මරණ දඬුවමට පක්ෂ පිරිස් කල්පනා කරන්නේ මානවහිමිකම් යනු අපරාධකරුන් මරණ දඬුවමින් ගලවා ගැනීමට ගෙනෙන මෝඩ බටහිර සංකල්පයක්ය කියාය.

සම්භාව්‍ය අරුතින් ගත්කල රාජ්‍යය යන, සමස්ත ජාතියක ශිෂ්ඨත්වයේ පොදු සදාචාර පද්ධතිය, මරණ දඬුවම වැනි සාමූහික පලිගැනීමක් නීතිමය වශයෙන් ස්ථාපනය කිරීම දියුණු ලෝකයට ගැලපෙන්නේ නැත. නීතිය යනු සමාජය විනයගත කිරීමේ හා ශිෂ්ටත්වය කරා රැගෙන යාමේ මෙවලමක් මිස හුදෙක් අපරාධකරුවන් සිරගත කිරීමේ හෝ ඔවුන් සමාජයෙන් මුලිනුපුටා දැමීමේ ප්‍රතිපත්තියක් නොවේ. එවැන්නක් එසේ නොගැලපෙන්නේ හුදෙක් අපරාධකරුගේ ජීවිතයේ අයිතිය ආරක්ෂා කිරීමේ පදනමින් නොව, එවන් සාමූහික පලිගැනීමක් විශාල මානවීය පරාසයක් තුල වගකීම් දරන, මානවීය පර්යාය වඩා ඉහල තලයකට ඔසවා තැබීමේ වගකීම දරන රාජ්‍යය නම් සංස්ථාවේ සුජාත භාවයට (මරාදැමීම) නොගැලපෙන නිසාය.

රටක නීතියක් ස්ථාපිත වනවා යනු රටේ මහජනතාවගේ අනුමැතිය ඒ තුල නියෝජනය වීමකි. මේ මරණ දඬුවම ක්‍රියාත්මක වුවහොත් ඒ පිළිබඳව අනුමැතියක් නැති අප වැනි සුළුතරයක් පිරිසක්ද ඒ තුල නියෝජනය වෙයි. ඒ අනුව, ඉහතකී පරිදි ප්‍රති-පළිගැනීමකින් මරණයට ලක්වන පුද්ගලයෙකුගේ ඒ ඉරණම පිළිබඳව මාගේ නියෝජනයක් නොමැති වුවත් රටේ නීතිය තුලින් මරණ දඬුවමට ලක්වන අයෙකුගේ ඉරණම කෙරෙහි අපගේ අනුකූලතාවයක් නියෝජනය වෙයි. අප ඉන් නිදහස් වන්නේ කෙසේද? සවිඥානික සුළුතරයට පැනනගින ගැටලුව එයයි.

අපරාධ කරුවෙකුට නිවැරදි වීමට අවස්ථාවක් ඉතිරි කිරීම හෝ පශ්චාත්තාප වී නිවැරදි වන්නට අවකාශය සලසා දීම අපරාධයේ වින්දිතයින්ගේ වේදනාව නොතකා හැරීමක් නොවේ. එසේම දඬුවම මරණ දඬුවම නොවුනද බරපතල දඬුවමට හා පුනරුත්තාපනයට අපරාධකරු සෑම විටම යටත්ය. සමහරවිටකදී තම ජෛව රසායනික හෝ ජානමය හේතු මත කලහකාරී හෝ අපරාධකාරී මානසික තත්ත්වයන්ට ගොදුරුවී අපරාධකරුවන්වූ පුද්ගලයින්ද මේ අතර සිටිනවා විය හැකිය. ඔවුනට ඇත්තෙන්ම භෞතික හා මානසික ප්‍රතිකාර තුලින් පුනරුත්ථාපනයක් ලබා දීම ද අවශ්‍යවෙයි.

මිනීමැරුම් අපරාධයකට සම්බන්ධවූ පොලිස් නිලධාරියෙකු සිර දඬුවම් ලබමින් සිටියදීම බාහිර උපාධිය සම්පූර්ණ කරන ලද බැව් මීට කලකට පෙර වාර්තා වූනි. එමෙන්ම උපාධි ප්‍රදානොත්සවයේදී ඔහුට ඉතා ඉහළ ප්‍රතිචාරයක් ලැබුණු බවද එලෙසම සඳහන් වුනි. එහෙත් ඔහුට මරණ දඬුවම නිසැකවම ලබා දියයුතු බව අද කිසිවෙකු කියා නොසිටිනු ඇත.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sri Lanka, Capital punishment, Legal Penalty, Death Penalty, Death sentences
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තාරක වරාපිටියගෙන් තවත් වියමන්
අදහස්
To Sir, With Love!
වෙසෙස්
වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව
අදහස්
විද්‍යාවේ සියවසක පිම්ම!
අදහස්
සිංහලයා වඳ වෙමින් යනවද?
වෙසෙස්
ඡ්‍යෝතිෂය පදනම්වන්නේ ව්‍යාජ දෘශ්‍ය මායාවක් මතය!
තවත් අදහස් බූන්දි
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
ඒ ඇගේ අහසයි!
කාලෝ අයංතේ
[සරදගේ ලියුං හැකින්ස්]- හීන දෙවියන්වහන්සේගෙන් ලියුමක්!
BoondiLets
බර්ට්‍රන්ඩ් රසල් කියයි.
දේශප්‍රේමියෝ හැමවිටම තම මව්බිම වෙනුවෙන් "මැරෙන" බව කියති; එහෙත් ඔවුහු මව්බිම වෙනුවෙන් "මරන" බව කිසිවිටෙකත් නොකියති!
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook