Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
පොත් බූන්දි
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
බූන්දි, 19:55:33
පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි" කියන පුද්ගල නාමය එසේ පහසුවෙන් ස්ථානගත කළ නොහැක. ඒවා ට අප කියන්නේ "අපබ්‍රංස" කියාය. ඔහුගේ තෙවැනි කාව්‍ය සංග්‍රහය "කාලය ම සිතුවිල්ලක් වූ මිනිත්තුව" වේ. කෘතියේ නමත් කතෘගේ නම මෙන්ම අපබ්‍රංසයකි. සිතියම් ගත කිරීම අපහසුය. කවි ටිකත් ඒ වගේය.

කවියක් නිශ්චිත අරුතක් තුළ ගාල් කල යුතුයැයි නියමයක් නැත. එහෙත් පෘතග්ජනයෙකු වශයෙන් කෘතියක් කියවා අවසන් වූ පසු එය නිශ්චිත එල්ලයක රඳවා විඳගැනීමට නොහැකි වීම අපහසුවක් ජනිත කරයි. හරියට ශරීරයේ ඉණට වඩා විශාල ඉණක් සහිත කලිසමක් ඇඳගත්තා බඳුය. එය ඉණේ නොරඳයි. බිමට ද නොවැටෙයි.

මේ උත්සාහය ඩොමාගේ කවිය ඉණේ රඳවා ගැනීමටය. සමහර විට මගේ ඉණේ ගානට හිර කර ගැනීමක් විය හැකිය.

මේ කවි බහුතරයක ඇත්තේ නාගරික අත්දැකීම් ය. කවියා බලැති රිමෝට්ටුවක් අතින්ගත් ඉන්ද්‍රජාලිකයෙකු පරිද්දෙන්, දෛනිකව වේගයෙන් ගලා යන නගරය තුල සිටම, තමා කැමති මොහොතවල් නිශ්වල (still) කරයි. දැන් ඒ මොහොත කවි කරයි.

ගැටළුව පැන නගින්නේ එතනින් ය. ඒ රූප රාමුව කවිකර ගැනීමය. පාරිභෝජනවාදය තුල කරවටක් ගිලී කාල රේඛාව දිගේ වෙගයෙන් දුවන ගැහැනු, පිරිමි මොහොතකට නිශ්චල කල විට ඔවුනට වෙනත් අරුත් නැත. (වෙගවත් දිවීම ම අර්ථය වෙයි.) දැන් කවියාට සිද්ධවෙනවා මේ සීමාසහිත වටපිටාවෙ ඉඳන් කවියකට යන්න. මං කියන්නෙ ඩොමාගෙ බහුතරයක් කවි ඒ අරගලයේ ප්‍රතිඵලයක්.

මේ පැතැලි ගැහැනු, පිරිමි, මානව සබඳතා... ත්‍රිමාණ කරල ගන්න ඔවුන්ගෙ පුංචි ජීවිත විශාල කරල දක්වන්න වෙනවා.

සාරි බෝඩර් රැළි දිගේ
ඈ කැමතිම නිල් කමිසයේ සාක්කුවට
චූටි රේඛා මල් හැලුනු හැටි
ඈට දැන් අමතක ඇති

(පි-31)

එයා කැමතිම දේ
දවස තිස්සෙම කරන කොට
හවසට දැනෙනවා
ජීවිතේ කොයිතරම් නම්
සමබර කර ගන්න පුළුවන් ද මිනිහෙකුට

(පි-19)

මේ මොහොත ඇත්තය
අද හෙට වන විට පරණය
හැමදාම හෙට අලුත්ය
දැල් වූ තාරකා සදාකාලිකව නොනිමුණත්
අන්ධකාරයේ දොරකඩ
සියලු තාරකාවල අලෝකය නැවුම්ය

(පි-50)

නිල්වලා ටිෂු කොළ පටල ඉරුණත්
බෝඩරේ පිරී තිබුණේ ආදරෙන්
රාමුවට නිරතුරුව පණ දුන්නු
ජීවිතය එල්ලගෙන හිටියේ එකම නූලෙන්

(පි-54)

(මේ උපුටා ගැනීම් සියල්ල සම්පූර්ණ කවි නොව කාව්‍ය කොටස්ය.)

මේ කවි වියමනේදි ඩොමා, සම්මත කාව්‍ය අලංකාර ද, රිද්මයන් ද අමතක කර දමයි. කවියක් වෙනුවෙන් භාෂාව සමග මෙතරම් ඔට්ටු වන්නට ඩොමාට සිදුවන්නේ ඇයි?

ධනවාදය විසින් සියලු ඝනීභූත අර්ථයන් දියකර දමනවායැයි කීවාට මේ තරම් දිය කර හරීවියැයි අපි සිහිනකින් වත් නොසිතූවෙමු. අවසානයේ එය වම ද දියකර ඇත. ඩොමාලා දකින්නේ එවන් පරමාදර්ශ දියවූ මොහොතකි. ඔවුන්ට තව දුරටත් කිසිවක් විශ්වාස නැත. සේකරගේ, රත්න ශ්‍රී ගේ කාව්‍යමය සෞන්දර්යවත්, අමරසේකරගේ කාව්‍යමය භාෂාවවත්, චන්ද්‍රකුමාරගේ කවියේ ජනතාවාදිත්වයත්, ආරියවංශගේ කවියේ විශ්වීය මානවයා පිළිබඳවවත් විශ්වාසයක් නැත. එබැවින්ම ඔවුන් විසින් නිර්මිතව ප්‍රවාහයක් සේ ගලන භාෂාව පිළිබදවවත් විශ්වාසයක් නැත. එ් අර්ථයෙන් ඩොමාගේ මේ පොර බැදුම අව්‍යාජය. එමෙන්ම දේශපාලනික ය. ⁣විශේෂයෙන්ම ඩොමිනික්ගේ නාගරික රාමුගත කිරීම් තුල නාට්ටාමිලා මුඩුක්කු ජීවන විලාසයන්, වීදි ගණිකාවන්, වීදි සටන්, පාතාල වික්‍රමයන් ආදි නාගරික ජීවිතයේ බිම් ගත කලාපයන් නොමැතිවීම අහම්බයක් දැයි අපි නැවත නැවත සිතා බැලිය යුතු වෙමු. (එරික් ඉලයප්ආරච්චි ද නාගරික අත් දැකීම් තම කවියට උපයෝගී කොට ගනියි. නමුත් එරික් භාෂාව කෙරෙහි දැඩි විශ්වාසයක් තබයි. නූතනත්වය දූෂණය වීම පිළිබද ශෝකී මැසිවිල්ලක් ද, දේශපාලනික කියවීමක් ද වඩා නූතන මනුෂ්‍යයකු පිළිබද බලාපොරොත්තුවක් ද ඔහුගේ කවිය තුල වෙයි. ඩොමාලගේ හා එරික්ලාගේ යුගය වෙනස් වන්නේ එතැනිනි.)

වේගයෙන් අව්‍යාජ බවට හා සුරතල් බවට ඇදී යන සිංහල කවිය තුලට ඩොමාගේ මේ අව්‍යාජ පැමිණීමට සුභ පතමි.

ඉංග්‍රීසියෙන් අන්ඩ දැමු
සිංහල ගීත කඳු සැණකෙළිය
ඩිජිටල් පුවරු ඉරා එලියට පනින
සුවිශාල ගැහැණු රූපවලට අයිති
අලංකාර පියයුරෝ කට්ටල
පිරි මදියි දෙනෝදාහක් ඇස්
පිවිසුමෙන් පිළිගන්න අතරම...

(පි-38)
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Kalayama Sithuwillak Wu Miniththuwa (2018), Dominik Chandrasali, Sinhala Poems, Sinhala Kavi, Sri Lankan Poetry
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
රෝහණ පොතුලියැද්දගෙන් තවත් වියමන්
කවි
ආනන්ද
කවි
මා බිරිඳ උවැසියක වී
කවි
ගලගෙදර
කවි
අපිට කොහෙ හරි වැරදුනා බං
කවි
පරාරෝපණ
තවත් පොත් බූන්දි
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
මී පුප් සේ රස 'හෑල්ල'
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්
BoondiLets
කැරොලිනා මාරියා ඩි ජීසස් ලියයි.
ජනාධිපතියො, උඹ කූඩුවක ඉන්න ගිරවෙක්. ලස්සන ලස්සන කතා කියනවා. ඒත්, බඩගින්නෙ ඉන්න මිනිස්සු ව්‍යාඝ්‍රයෝ කියලා හිතා ගන්න එක හොඳයි. උන් ඉන්නෙ කෝපයෙන්. අවස්ථාව ආපු ගමන්... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook