Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
Cine බූන්දි
අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට
බූන්දි, 19:53:25
සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු නවකතාවක් බිහිකිරීමට දරන ප්‍රයත්නය හා සමානව පාඨකයාට ද වෙහෙසීමට සිදුවෙමින් කෘතිය අවබෝධ කරගැනීමට ගැටුමක නිරත විය යුතු නිර්මාණ බිහි වෙමින් පවතී. සමන් වික්‍රමාරච්චිගේ අසන්ධිමිත්තා ද එවැන්නකි. කේ.කේ. සමන් කුමාර, අජිත් තිලකසේන, වික්‍රමාරච්චි, වෙඩිවර්ධන, සන්නස්ගල ඇතුළු ලේඛකයෝ කිහිපදෙනෙක් මෙම ක්‍රමය නියෝජනය කරත්. පාඨකයාට මුල මැද අග සහිත කතාන්දරයක් කියා අවසානයක් යෙදීම ඔවුන්ගේ කෘතිවලින් සිදුවන්නේ නැත. ඒ වෙනුවට ඒවා පැටලිලි සහිත, විවිධ ආකෘතිගතව, කතාවින්‍යාස කිහිපයක මුසුවෙන් හා සූක්ෂ්මව බේරාගත යුතු ආකාරයෙන් රචනා වෙයි. සමන් වික්‍රමාරච්චි විවිධ පරිවර්තන ග්‍රන්ථ කියවීමෙන් බටහිර රචනා හා සිද්ධාන්ත සමඟ සමීප අධ්‍යයනයක යෙදෙන්නෙකි. ‘අප්පච්චි ඇවිත්’හි ඔහු අනුගමනය කළේ ද එවැනි සිද්ධාන්තමය කොටස් ප්‍රායෝගිකව නිර්මාණයට නැගීමකි. අසන්ධිමිත්තා නවකතාව වැදගත් වන්නේ එක් අතකින් මනෝ විශ්ලේෂණ සිද්ධාන්ත නිර්මාණවලින් බැහැරව නොතබා සාහිත්‍යයික පුහුණුවීමට ඒවා යොදාගැනීමට පසුබට නොවීම නිසාය. අනෙක් අතින් එකී සිද්ධාන්ත දන්නා විචාරකයන්ගේ විචාරාලාප මගින් පාඨකයා ද ඒ ගැන දැනුම්වත් වන නිසාය.

සාහිත්‍ය නිර්මාණයක් ඇසුරින් සිනමාපටයක් ගොඩනැංවීමේදී ලේඛකයා වචනයෙන් මවන දෙය අධ්‍යක්ෂකවරයා රූපයෙන් මවයි. එහෙත් කෘතියම සිනමාපටයකින් බලාපොරොත්තුවීම අකැපය. මෙය කළ හැකි ආකාර ද්වයකි. හුදු ග්‍රන්ථයම සිනමාපටයකට නැගීම එක් විදියකි. එයින් වෙනම කතාවක් මැවීම තවෙකකි. අසන්ධිමත්තාහි හඳගම කරන්නේ මෙයින් දෙවනු ක්‍රමයයි. කෘතියක් සිනමාපටයකට නැගීමේදී පාඨකයා චරිත ඇසුරින් මවාගන්නා ප්‍රතිරූපයට සිනමාපටයේදී හානි පැමිණීමද විය හැකිය. ප්‍රධාන නිළියගේ රංගනය කෙසේවේදැයි පළමුව කෘතිය කියැවූ පාඨකයා පෝස්ටරය දකින පමාවෙන් සිතන දෙයය. නමුත් නිල්මිණී ඊට සාධාරණ පිළිතුරක් සපයා තිබේ. අසන්ධිමිත්තා කියවීමේදී මැවෙන පාඨකයාගේ චිත්ත රූපයට ඇය ඔබී. හඳගම සංවාදයකට සහභාගී වෙමින් කියාසිටි ඕනෑම ගැටලුවකට මුහුණ දිය හැකි හයිය කාන්තාවක සේම ප්‍රිය මුහුණක්ද සහිත කාන්තාවක මෙම චරිතය වෙනුවෙන් අවැසි වූ බවයි. සුපුරුදු නිළියක වෙනුවට නව මුහුණක් හඳුන්වාදීමේ හඳගම සළකුණ මෙහිදී ද සාර්ථකව ක්‍රියාත්මක වේ.

අසන්ධිමිත්තා නවකතාවේ පාඨකයා ප්‍රබන්ධය හා යථාර්ථය යන දෙකෙහිම මැද අතරමං කර තබන්නා සේ අධ්‍යක්ෂකවරයා සිනමාපටයේ ද එය එසේ කරයි. කෘතිය අයත්වන්නේ ප්‍රබන්ධයටම නොව පාර-ප්‍රබන්ධමය ගණයට බවත් එහිදී පාඨකයාට ගෙදරවැඩ පවරන ආකාරයේ නිර්මාණයක් රචනා කරමින් අවසානයේ තමා ලියූව ලේඛකයාව බිඳලන ආකාරයෙන් රචනා කර ඇති බවත් ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර අසන්ධිමිත්තා කෘතිය සම්බන්ධයෙන් ලියූ ලිපියකින් පහදයි. මෙය සිනමාපටයට පෙර කියවිය යුතු ම ලිපියක් ලෙස හැගේ. නිර්මාණය නිකුත් කර අවසන් වූ විට එය අයිති එය රසවිඳින්නාටය. එතනින් අධ්‍යක්ෂකවරයාගේ හෝ ලේඛකයාගේ කාර්යය අවසන් වෙයි. නමුත් අසන්ධිමිත්තාහි ප්‍රේක්ෂකයාට තනිව රසවිදීමට හෝ කියන දේ එසේම භාරගන්නැයි කීමක් නොව ඔවුන්ව ද සිනමාපටයට සම්බන්ධ කරගැනීමක් සිදුවේ. ප්‍රබන්ධයක්, කලා නිර්මාණයක් යැයි දන්නා රසවිඳින්නා වුව ඒ අතරට හැරදමා අතරමං කරවයි. පාඨකයාව ද රැගෙන කථාව ගලායන මෙම ස්වභාවය ලියෝ තෝල්ස්තෝයිගේ ‘යුද පෙරමුණක තෙමසක්’ සිහිකරවයි. එහිදී ද පාඨකයාට වෙනම කතාවක් ඉදිරිපත් නොකෙරේ. ලේඛකයා පාඨකයාට අමතමින් පාඨකයාවද කැඳවාගෙන රුසියානු යුද බිමට යයි. ප්‍රධාන නිළිය ප්‍රේක්ෂකයාට ඉගිකිරීම, මිනී පෙට්ටියේ සිට විකී පියන් හැර එහි වාඩිවීම, ලේඛකයාගේ නිවසට අසන්ධිමිත්තා කියූ විකීගේ පැමිණීමේ භීතිය ආදිය අධ්‍යක්ෂකවරයා ප්‍රේක්ෂකයාව ද මේ කුමක්දැයි අතරමං කරවන දෑය. ෆෙඩ්‍රික් ෆෝසිත්ගේ කෘතීන්හි මෙන් අපරාධකරුවා ලුහුබැඳ යන පොලිසිය සහ පොලිසිය මගහරින අපරාධකරුවා විලසින් යුගල වශයෙන් කෝණ දෙකකින් සිදුවීම් ගළපන්නා මෙන් අසන්ධිමිත්තාහි ලේඛකයාගේ පාර්ශ්වයත්, අසන්ධිමිත්තාගේ පාර්ශ්වයත් යන කතා දෙක දෝලනය වේ.



‘සින්තටික් සිහින’හි හඳගම කියන ‘අප යන්නේ එකම වෘත්තයක් වටේටය, එනිසා වෘත්තයක යද්දී පසුවූ දෑ නැවත හමුවේය’ යන්න, අසන්ධිමිත්තා බලනවිට ‘අප යන්නේ වෘත්තයේ ආපස්සට’ බැව් හැගේ. කාන්තාවන් බස් රථයේදී පුරුෂයන්ගෙන් අතවරයට ලක්වන බව කියමින් පුරුෂයන්ට චෝදනා නගන බුර්ෂුවා ස්ත්‍රීවාදීන් නොව මෙහි සිටිනුයේ එය තෘප්තියක් කරගනිමින් වින්දනයක යෙදෙන කාන්තාවක් සහ පුරුෂයෙකි. විවාහ බන්ධනයකින් තොරව කුටුම්බයට පැමිණ ස්ත්‍රියකට රූකඩයක් වන පුරුෂයෙකි. ‘මම ඔයාට රූකඩයක් වෙන්නම්’ කියා අසන්ධිගේ සැමියෝ දෙදෙනා නිවසේ වළං සෝදති, ඇය ස්නානය කරද්දී පිට අතුල්ලති. විකී ඇයගෙන් මුදල් ඉල්ලයි, අනෙකා ඇයට මුදල් දෙයි. පුරුෂයාගේ ආසාව වන්නේ පෙර මෙන් දඩයක්කාරී දිවියක් නොව ගුහාව තුළ ස්ත්‍රියගේ ආස්ථානයට යාමයි. අසන්ධි මේ දෙදෙනා සම්බන්ධයෙන් සන්සන්දනාත්මකව තුලනය කර බලයි. ඇනා කැරනිනාහි ඇනා, ලෙවින් හා කැරනින්ව තුලනයකර බලන්නාක් මෙනි.

පුරුෂ ෆැන්ටසිය වන සරාගී සිහින් කාන්තා සිරුරට සාහිත්‍යයෙන්, ආගමින් සහ සංස්කෘතියෙන් අනුබල සැපයෙන නමුත් මෙහිදී එය ආපස්සට හරවා ස්ථුල තැනැත්තියක මගින් එයම සරාගී කරවයි. රාත්තල් 300ක් බර බව ඇය පුන පුනා ආඩම්බරයෙන් පවසයි. ස්ථුල කාන්තාවකවීම අරභයා ප්‍රීති වෙයි. නිළියගේ සාත්වික අභිනය සාර්ථකය.

අසන්ධිමිත්තාහි පෝස්ටරයේ විශේෂත්වය ‘ගින්නෙන් උපන් සීතල’ද සමඟ එක්ව කෙටි විමසුමකට ලක් කිරීමට විකුම් ජිතේන්ද්‍ර මෑතකදී තැත් දැරීය. මළ පුඩුව අබියස සිනාමුසු මුහුණින් කාන්තාවක සිටීමත් අවට පසුතලය අඳුරු කර ඇය වෙත ආලෝකය පතිත කරවීමත් අපට එහිදී සිහි වේ. මරණයට යන කාන්තාවක වැළපීම ප්‍රේක්ෂකයා බලපොරොත්තු වෙතත් ඇය විකීගේ මිනිය නිවසට ගෙනෙද්දී පවා හඬා නොවැළපේ. ඒ අබියස විකීගේ බිරිඳ සමඟ කෙහෙවලු පටලවා ගනී. මිනියට වඩා වැදගත් වන්නේ ස්වාමියා තමාගේය ලෙසින් ප්‍රදේශවාසීන් ඉදිරිය සැමියාගේ අයිතිවාසිකම, පතිනි ආස්ථානය තහවුරු කිරීමය. මෙම අවස්ථාව සංජීව ගුණරත්න අධ්‍යක්ෂණය කළ මළ මිනියකට රණ්ඩු කරගන්නා ‘දහස් ගණන් වැන්දඹුවෝ’ (ඒරියල් ඩෝෆ්මන්ගේ) වේදිකා නාට්‍යය, ලෝරන්ස්ගේ ‘දාස්දළ සුගන්ධය’ කෙටිකතාව හා සමපාතව විමසිය හැකිය. පුරුෂයකු නොලැබේ යැයි බියෙන් කවරකු සමඟ හෝ සබඳතාවක් ඇරඹීමට පසුබට නොවන ස්ත්‍රීන් මෙන්ම පුරුෂයන්ට පොරබදින ස්ත්‍රීන් දැකීම පවා වත්මනෙහි ආස්වාදජනක කටයුත්තක් වී තිබේ. වයස වැඩිවනවිට අනෙක් පසින් තමා පෙර බලාපොරොත්තු වූ දෑ ක්‍රමයෙන් අඩුකිරීම නොසිතා සිටීමට සිත පොළඹවා ගැනීම සම්බන්ධයෙන් ‘ආදරය හා විවාහය’ මැයෙන් එක්ස් කණ්ඩායම සම්පාදිත කෙටි පොත් පිංචහි තතු ඇතුළත්වේ. විකී සමඟ පවුල් දිවිය අරඹන අසන්ධි ගෙයි තීන්ත ගෑමට, ගෙට තවත් කොටසක් එක් කිරීමට, විවිධ තැන්වල සංචාරය කිරීමට සිහින මවන්නේ ඔවුන්ට දැන් නව විවාහපත් යුවළක මෙන් සිහින ඉටුකිරීමට බැරිබව දැන භෞතික වස්තූන් ගොඩගසාගනිමින් එවැනි පෙම්කතාවක් ඇරඹීමට ඇති ආසාව ඉටුකරගැනීමට වැන්න.

පොලිස් නිලධාරීන්ගේ සහායෙන් මළ පුඩුව වෙත නගින අසන්ධිමිත්තා කර ඔසවා බලා සිනාසෙන්නේ ප්‍රේක්ෂකයාට බව අපට වැටහෙන්නේ සිනමාපටය අවසන් වූ විටදීය. අසන්ධිමිත්තා කෘතිය කියවන තරුණියට ‘ඔය පොතෙන් හඳගම ෆිල්ම් එකක් හදනවලු නේද’යි අසන විකීගේ බස අසන ප්‍රේක්ෂකයාට සිතෙන්නේ ලේඛකයාත් අධ්‍යක්ෂකවරයාත් විකීත් එක්ව තමන් වෙනුවෙන් සිනමාපටයට අමතරව වෙනම රඟපෑමක් කර ඇති බවය. කලාවේ පෙන්වන සියල්ල ප්‍රබන්ධ ම නොවන බවය. නොඑසේනම් ප්‍රබන්ධය යනු සත්‍යම බවය.

මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Asandhimitta, Asoka Handagama, Saman Wikramarachchi, Sinhala Movie, Sri Lankan Film, Sinhala Novel, Sinhala Nawakatha, Nilmini Sigera
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ඩිල්ෂානි චතුරිකා දාබරේගෙන් තවත් වියමන්
වෙසෙස්
ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා
කවි
පෙට්ටියක් දිනා ඇත!
කතන්දර
සැප්තැම්බරයේ දවසක්
Cine
ස්ත්‍රී සිත් පෙන්වන වෛෂ්ණාවී පිළිබඳ පසු විපරමක්
වෙසෙස්
අරාබි සාහිත්‍යයේ ඛලීල් සලකුණ
තවත් Cine බූන්දි
රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"
Gifted Hands: The Ben Carson Story- මිනිස් බව නිර්මාණය කළ හැක්කේ මිනිසුන්ටම පමණි!
ලෙස්ටර්- සිනමා අඹරේ මැකී ගිය රිදී රේඛාව
"තුන්දෙනෙක්|மூவர்"- මිනිස්කම අහිමි වීම පිටුපස ඇති දේශපාලන ප්‍රශ්නය නිරාවරණය කිරීමේ අභියෝගය
ලාංකේය සිනමාව වාණිජවාදී විනෝදායන කර්මාන්තයක් වීම හා ධර්මසේන පතිරාජගේ ප්‍රේක්ෂාගාරය
BoondiLets
ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටයෙන්
"බුදු වෙන්න හිතාගෙන වුනත් සිද්ධාර්ථ කුමාරයා යසෝදරා දේවිව දාල ගිය බව මම දන්නව. ඒ අය අපි වගේ නෙමෙයි. ආත්ම ගණන් පෙරුම් පුරපු අය."
****

"දන්නවද? සිද්ධාර්ථ කුමාරයා... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook