Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
පොත් බූන්දි
මධුවිතට පසු සටහන
බූන්දි, 02:20:39
දිනය ජූලි පළමුවෙනිදා
ස්ථානය පැරීසිය

ඔහු මා අභියස හිදියි. මරණය රමණය තරමටම ආශ්වාදජනක වූ දේශයක අඳුරුතම කාලපරිව්ඡේදයකදී ලියු තම කවිවලට පහළින් කතෘ අඥාත බව සටහන් තැබු කතෘ දැන් මා ඉදිරියේ දෘෂ්‍යමානව සිටියි. දෙමලාගෙන් ගැලූ රතු රුහිරු අතිශයින් සාමාන්‍යකරණය වු මොහොතක, රක්ත වර්ණය රණකාමීත්වයේ සලකණක් බවට පෙරලාගෙන මලමිනී මතින් ජය පැන් පානය කල මුවහත් අසිපත් අතින් ගත් සිංහයන්ගේ කොදෙව්වේ, අනෙකාටද තම අයිතීන් වෙනුවෙන් අරගල කිරීමේ අයිතිය සැම විටම සමාන යැයි කියූ ලියූ වරදට දේශ හිතෛශීන් විසින් පිටුවහල් කරන ලද දේශද්‍රෝහියා මා දෙස බලා සිටියි.

බැංගලෝරයත්, දිල්ලියත්, කත්මණ්ඩුවත් පසුකරමින් හයමසක් පුරා පැමිණි දීර්ඝ අහිකුණ්ටික චාරිකාවට පැරීසියෙන් ලද කෙටි කාලීන ඉසිඹුවේදි දල්වා ගත් දුම් වැටියෙන් මතුවී නැගෙන දුමාරය දෙස නෙත් හෙලමින් හෙම්බත් නිහැඩියාවකට සමුදිය හැකි අසීමාන්තික කතිකාවකට ඔහු නිමිත්තක් සොයයි. එවන් කතිකාවකට නිරන්තරයෙන් උත්තේජනාත්මක ප්‍රවේශයක් වී පහසුකම් සපයන ලෙන්ගතු මිතුරාව ඔහු තම ඇඳ යටින් ගෙන සුපුරුදු සිනහවෙන් යුතුව මා අත තබයි. ජයපැන් පානයට නිමිත්තක් හදුනා ගත නොහැකිව ඔහු මා අත තැබූ මධුවිත පසෙකින් තබමි. ඔහු තම ගමන් මල්ල පතුලේ ඇති මා නොකියවූ ඔහුගේ එකම කෘතිය අනතුරුව මා අත තබයි.

කෘතිය මධු සදිනි මධුවිත. කතෘ මංජුල වෙඩිවර්ධන.

කෘතියේ පසුපිට ඇති කතුවරයාගේ ඡායාරූපයත්, මා අභියස සිටින සහෘදයාගේ දෘෂ්‍ය රූපයත් අතර මා දෙනෙත් යොමු කරමි. පලින් පල මතුවූ නර කෙස් වසා ගැනීමට මෝස්තරානුකූලව රූපාන්තරණයවූ අප ලෙංගතු සහෘදයාගේ අධ්‍යාත්මය ද කලාන්තරයක් පුරාවට මඩින ලද සංක්‍රාන්තික අත්දැකීම් විසින් අන්‍යරූප ගැන්වී ඇත්දැයි යන කුහුලින් යුතුව මම කෘතිය දිගහරිමි.

එන්න
මදමත් ඇතෙකුට
තල් කොළ කවන්නට
කෙසෙල් ඇවරියක් වුව
කම් නැත
තිබේ නම්
ඉදුණු දිවුලක්
අගණේය
තබන්න එය
හොඬය මත
සැගවී ඉන්න
පිටුපස
ඇහිඳින්න
නොබිඳුණු කටුව

ජය පැන් පානයට නිමිත්තක් මතුවෙයි. මම පසෙකින් තැබූ මධුවිත අතට ගනිමි.

මේරි නම් වූ මරියා සමග කතෝලික සභාව සුගති උද්‍යානයෙන් නෙරපූ අකීකරු පුත්‍රයාම දැන් මා ඉදිරියේ සිටියි. ප්‍රතිපක්ෂ අත්දැකිම් වලින් මඩින ලද මුත්, එම අපෝහාත්මක සංධානගතවීම තුලම පන්නරය ලැබ, කවිය මෙවලමක් කොට තම දේශපලනික ප්‍රතිවිරෝධතා ගෝචර සමාජයට මුදාහැරිමට අභ්‍යන්තරික අරගලයක යෙදෙන හුදෙකලා කැරලිකරුවාම මා හට අභිමුඛව සිටියි. ජාති, භාෂා, ආගමික සීමාවන් අතික්‍රමණයකල තම චින්තනය විශ්වීය වීමේ පාපයට, දේශසීමානැති වාර්තාකරුවන්ගේ මැදිහත් වීමෙන් දේශපාලනික රැකවරණ පතා කවියෙකුට ප්‍රංශයට පැමිනෙන්නට සිදුවීම දක්වා වූ අදේශපාලනික සිද්ධිදාමයන්ට උත්තේජනය සැපයු හේතු ඵල සම්බන්ධතාවයන්හි දේශපාලනය විග්‍රහ කර ගැනිමට මම වෙහෙසෙමි. මා පෙලන උභතෝකෝටිකයන්ට සරණ අත ඇති කෘතිය තුලම සොයමි.

බළලෙකුට
නැද්ද
නිදහස
කෑ ගසන්නට
වහළකට
ගල් ගසන්නට
හිතක්
ලැබුණේ
කෙළෙස ද?
කවියෙකුට
කවි කරන්නට
හැකිද
නිහැඬියාවක
කටහඬ
සිතන්න
බළලා
හඬන
හඬ
උගෙම ද?

ජීවිතයේ අතිශයින්ම තීරණාත්මක අවස්ථාවන් වලදී දේශපාලණ රැකවරණ පතා තම දේශයෙන් පලා යන ලොව පුරා ජනමාධ්‍යවේදීන්ට තාවකාලික ලැගුම්හලක් වන පැරීසියේ රහසිගත නිවහනක තුන්වෙනි මහලේ කෙළවරේ පිහිටි වර්ග මීටර දහයක කාමරයකින් නැගෙන උද්වේගකර දේශපාලණික කතිකාව පැරීසියට නුහුරු ඝෝෂාවක් සේ මතුව නැගෙයි. උණුසුම් වන අප සංවාදයට අතුල විතානගේත්, සුනිල් ගාමිණිත්, ප්‍රංශයෙන් දේශපාලණික රැකවරණ පතන නම නොදන්නා පකිස්තානු හා බර්මියානු ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකුත් එක්වෙයි. විටෙක ඉංග්‍රීසියෙනුත් විටෙක අංගචලනයෙනුත් ඉදිරියට ඇදෙන මෙම අපූරු සංවාදයට ආසියාවේ පොදු යථාර්ථයක් වූ විකෘති දේශපාලනය හා බැදුණු මාධ්‍ය මර්ධනය විශය වෙයි. දේශපාලන රැකවරණ පතා ප්‍රංශයට එන තවත් කවුරු හෝ ජනමාධ්‍යවේදී සගයෙකුට මෙම නිවහනේ ඉඩ ලබා දෙනු පිණිස, තම හයමසක නේවාසික කාලය අවසන්ව පසු දින නිවහනෙන් පිටවීමට කලමණා සූදානම් කරන අසර්බජානු ජනමාධ්‍යවේදියෙකුද විටෙන් විට පැමිණ මධුවිතෙන් සප්පායම්ව කතාබහ තවත් උණුසුම් කිරිමට නිමිති සපයා පිටවෙයි විටෙක දාර්ශනික තර්කයකි - විටෙක හැඟුම්බර වාදයකි -විටෙක කොන්දේසි විරහිත එකගතාවයකි.

මා කියවමින් සිටින කවිය උත්ප්‍රාසාත්මකව උක්ත අවස්ථාවට බහු අරුත් සපයයි.

යුහු යුහුව
කඩිසරව
බඳිති
වේයෝ
තුඹස
හැරයති
ජීවිතේ
එති
එති
නාගයෝ
එති
යති

තහනම් වචන, ස්වයංවාරණ නොමැති මධුවිත විසින් දොඩමලු කරන ලද අපගේ සංවාදය ක්‍රමයෙන් සීමාමායිම් අතික්‍රමණය කළ විශ්වීය කතිකාවක් බවට පත්වෙයි. මම නැගිට කවුලුවෙන් පිටත බලමි. නිවහනට මායිම්ව ඇති මළවුන් නිදන සොහොන මා ඉදිරියෙන් වෙයි. මළවුන්ගේ ලෝකයත් නොමලත් මළවුන් සේ හැසිරෙන සමජයකත් අතර අන්තරය තේරුම් ගැනීමට මම උත්සාහ කරමි. මරණය අමරණීය වන සමාජ භාවිතාවකට මේ මොහොතේ ශී්‍ර ලාංකීය කොදෙව්ව තුළ ඇති වලංගුතාවයත්, නිර්වින්දනය කරන ලද ජන කණ්ඩායමක් නිද්‍රාවෙන් මුදවාගැනීමේ අභියෝගයත් සමග ගැටගැසෙන ආන්ත්‍රාවත් අතර මම විපිළිසර වෙමි. මම අත ඇති කෘතිය පසෙක තබා දුම්වැටියක් දල්වා ගනිමි.

අවසාන
ගිනිකූරටද
ඇත්තේ
නිමේශයක
ජීවිතයක්
ඉටි පහන
දැල්වෙයි

උණුසුම් සංවදයකට උත්තේජනය සැපයූ නමුදු මධුවිත විසින්ම හෙම්බත් කරන ලද හෝරා හයක් ඉක්මවු අපගේ සංවාදයට දැන් මා සමුදිය යුතුව ඇත. සංකල්පීය අර්ථයෙනුත් භාවිතයෙනුත් මංජුල විසින් බැහැර කරන ''කුටුම්භ ජීවිතය'' තවත් උණුසුම් කතාබහකට අපට නිමිති වූවද මා දැන් මාගේ කුටුම්භය කරා යා යුතුව ඇත. ධනේෂ්වරයේ නිශ්පාදිතයක් වන දේපල සම්බන්ධය මත ගොඩනැගෙන විවාහය ගැන දේශපාලනිකව කියන එංගල්ස්වත්, මනුෂ්‍යයාගෙන් ගත් ඉලඇටයෙන් මැවූ ස්ත්‍රිය නිමිති කරගෙන ස්ත්‍රි පුර්ශ බල සම්බන්ධය දේව ධාර්මිකව විග්‍රහ කරන ආදම් ඒව පුරාවෘතය සදහන් බයිබලයේ උත්පත්ති පොතත් උපුටා දක්වමින් පාඨකයාව තම කෘතිය තුළ දිශානුගත කරන මානය සංයුක්ත රූපයක් ලෙස මතු කරමින් සාම්ප්‍රදායික විවාහය පිළිබඳ ප්‍රතිවිරෝධය සමාජයට මුදාහරින කවියා දෙස මම බලමි. මධුවිත විසින් කවියාව තම ඇද පාමුලම නිදි ගන්වා ඇත.

සඳ
පිවිසෙන
සඳ
යහනට
ඔබ නිදි
ඔබ
ඇහැරෙන
සඳ
යහනත
සඳ නිදි

පොහොසත් කවිය බහුමාණිව නිරන්තරයෙන් විශ්වීය අරුත් සපයයි. විශම භුගෝලීයභාවය හා ප්‍රතිපක්ෂ අත්දැකීම් විසින් එම කවිය කාලානුරූපීව නව අරුත් ගන්වයි. විශ්වීයව බහු අරුත් සපයන කවිය, දේශපාලනික මෙවලමක් ලෙස කිසියම් සමාජයකට කල හැකි බලපෑම එවිට අතිශයින් තීරණාත්මක වෙයි. ශි්‍ර ලාංකීය කවිය, ස්වකිය භාවිතාෙවි ප්‍රාථමිකම අවධියේ හැඩ රුව පෙන්වමින් ප්‍රශස්ති ගී, රාජ වැනුම් ආතුරව ලියවෙන ගැයෙන පසුබිමක මංජුල තම කවියෙන් කරන දේශපාලනික අරගලය සමාජ විඥානය ගොඩනගන කාරණාවේදි අතිශයින් තීන්දු සහගත වෙයි. එම අර්ථයෙන් දේශපාලනික කවියාට මළ දූපතකදි ඇති අවලංගු භාවයත්, සුලභ භාවිතය විසින් ඉල්ලා සිටින රූපයකට සංක්‍රමනය නොවන්නේනම් ඔහු තම රැකවරණ පතා අන් රටකට පලා යෑමේ තර්කයත් සමපාත වී මංජුල වෙඩිවර්ධන දේශපාලන රැකවරණ පතා ප්‍රංශයට පැමිණිමේ අදේශපාලනික සමීකරණය පුර්ණත්වයට පත්වෙයි

වර්ග මීටර දහයක පරිමාවක මංජුලගේ කාමරයෙන් පිටවී කිලෝමීටර තුනකට එපිටින් පිහිටි මාගේ නිවහන කරා මම ගමන් කරමි. අත ඇති කෘතිය කියවා අවසන් කරන මම වර්ග මීටර විස්සක පරිමාවෙන් යුතු මාගේ නිවහනේ දොරට තට්ටු කරමි.

ඔක්සිජන්
චූ කරන දරුවා
ඇස් අගින්
සිනාසෙයි
කසළ ශෝදක
මස්සා ද මා
වසුරු වලදන
නියෝන් ටෙට්‍රා
ඈ තමා ඒ
ක්ලියෝපැට්‍රා
රන් මසු
ඉදින් මින්පසු
රන්මසු
විටක් කන්නට
සිතක් වුවද
නිදන්නට යමි
බුලත් හපයෝ
ටැංකිය තුළ ඔබ
කාමරය තුළ අප
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Manjula Wediwardena, Madhusandini Madhuwitha, Indika Udugampola
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ඉන්දික උඩුගම්පොලගෙන් තවත් වියමන්
පොත්
හදවත් උගුල්ලා කුරුල්ලන් ඉගිල්ලවීම
පොත්
මහනාම හාමුදුරුවන්ට යක්ෂණි අභිමුඛවීම
පොත්
වැලන්ටයින්ට සිද්ධාර්ථ මුණගැසීම
පොත්
අවජාතක තාරුණ්‍යය බත්තලංගුණ්ඩුව ට පලා යෑම
අදහස්
නග්න කලාව හා පුරසාරම
තවත් පොත් බූන්දි
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
මී පුප් සේ රස 'හෑල්ල'
BoondiLets
කැරොලිනා මාරියා ඩි ජීසස් ලියයි.
ජනාධිපතියො, උඹ කූඩුවක ඉන්න ගිරවෙක්. ලස්සන ලස්සන කතා කියනවා. ඒත්, බඩගින්නෙ ඉන්න මිනිස්සු ව්‍යාඝ්‍රයෝ කියලා හිතා ගන්න එක හොඳයි. උන් ඉන්නෙ කෝපයෙන්. අවස්ථාව ආපු ගමන්... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook