Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
නග්න කලාව හා පුරසාරම
බූන්දි, 00:01:14
ත්රස්ත මර්දනයට වහන්වී දමිළ වාර්ගික සංහාරයකට ගජ මිතුරන්ව නායකත්වය දුන් දේශපාලනික නියමුවාත්, සංග්රාමික නයුවාත් තම පොදූ සතුරා අහිමි සමාජයේ රජකම වෙනුවෙන් ප්රතිමල්ලවයන් වී පෙර මිතුරා නව සතුරා බවට හරවාගත් සංග්රාමයකට එලඔ සිටී.

දෙදෙනාම අඩු වැඩි වශයෙන් දායකව සිංහලයන්ට තම ජීවිත කාලය පුරාවට උදම් විය හැකි හා කෘතගුණ සැලකිය හැකි මහ අනර්ග ත්යාගයක් තිළිණ කර ඇති හෙයින්, මෙවර ජනාධිපතිවරණයේදී අදේශපාලනික සමස්ථ සිංහල සමාජයට ඇත්තේ හැදු පියාද?, වැදු මවද? යන්න තෝරා ගැනීමේ උභතෝකෝටිකයයි. දිගු කලක් එකට දීග කෑ අඹු සැමියන් පතිවත හා පතිනිවත ගැන කියමින් දික්කසාද වූ කල, ගත යුත්තේ මව් පාර්ශවයද, පිය පාර්ශවයද නොදත් ඔවුන්ගේ සහජාත දරුවන්ගේ ව්යාකූලත්වයට දැන් සිංහල ළදරු සමාජය අවතීර්ණ වී සිටින අතර, මෙම සිංහ මව්පියන්ට සහජාත නොවූ දෙමළ සමාජය අද අභිමුඛව සිටින්නේ තමන්ගේ භාරකාරයා ලෙස අඩු නරක තෝරාගැනීමේ ව්යාකූලත්වයටයි. අර්බුදය වන්නේ යුධ ජයග්රහණයේ කීර්තිය හා එහි මුක්තිය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ හා සරත් ෆොන්සේකා අතර ඇතිවූ අතිශය පෞද්ගලික අඹුසැමි ගැටුම, රටේ ජාතික ප්රශ්ණයක් බවට පෙරලාගෙන අරගල කිරිමට තරම් දේශපාලනිකව මන්ද මානසික ශ්රී ලාංකීය ජන සමාජය දැක්වූ උත්තේජනය හා සංවේදිභාවයයි.

ව්යාකූල සමාජයකට සහන් එලියක්ව මඟ කිවයුතු බුද්ධිමතුන් හා කලාකරුවන්ම මෙකි අර්බුදයට මඟ කියන පෙරගමන්කරුවන් වීමෙන් පෙරලා ප්රක්ෂේපණය කරන්නේ, සංවේදි යැයි කියාගන්නා මොවුන්ගේ සංෙවිදිතාවය තමන්ට ගෝචර සමාජයේ අර්බූදයන්ට හැර අන් සියල්ලකටම අදාල බවයි. බද්ධ සමාජය වෙනුවෙන් කලාකරුවාගේ වගකීම කලහකරුවාගේ භූමිකාව දක්වා තමන් විසින්ම විතැන් කරගත් මෙම කාර්තුව, කලාවේ නාමයෙන් යෙදුනු සකල කාර්ය්යන්ගෙන්ම ඔවුන් උපයාගනු ලැබු සංඛේතීය ප්රාග්ධනය කිසිදා බංකොලොත් නොවන දේශපාලනය නම් වු නව ව්යාපාරයක ආයෝජනය (අපයෝජනය) කිරීමට පෙලඔවු ඉතිහාසයේ සුවිශේෂතම කාල වකවානුව යන්නත්, එම වෙළඳාමේ අද්විතීය ප්රවර්ධකයා රංගධර මහින්ද රාජපක්ෂ නම් ඔවුන්ගේ සංවේදීය නායකයා යන්නත් අවිවාදිතය.

මෙම කලහකරුවන් තම ස්ථාවරය සම්බන්ධයෙන් මොන තරම් කෙස් පැලෙන තර්ක හා මහප්රාණ අර්ථකථන සැපයුවත් ඔවුන්ගේ පෙනී සිටීම කලාව කේන්ද්රීය වු විෂයය මූලික අරගලයක් සඳහා නොව අතිශය පුද්ගලබද්ධ අර්බුදයකින් ගොඩ ඒම සඳහා පමණක් වනවා සේම, මෙම නග්න ක්රියාවලිය ලෙංගතු නායකයාගේ දෑත් ශක්තිමත් කරන්නට යයි කියමින් ඔහුව වැලඳගෙන තමන්ගේ දෑත් ශක්තිමත් කර ගන්නට හා තම දෑත්වල ඇති කුණු හා ලේ ඉවත් කර ගැනීමට එම වැලඳගැනීම ප්රවේශයක් කර ගන්නා අවස්ථාවාදී දේශපාලඥයින්ගේ භාවිතයෙන් ද කිසිසේත්ම වෙනස් නොවේ. නමුත් අතිශය ඛේදනීය කාරණය වන්නේ මෙම අවස්ථාවාදී දේශපාලනය ගැන සවිඥානික ජන සමාජයම, තවමත් ගැලවිය නොහැකි පිළිලයක් බවට පත්වූ පක්ෂ දේශපාලනයට ඇති නැඹුරුවේ අනුහසින් මෙම එදා වේල න්යායේ සමීකරණය විසදා ගැනීමට හා එය වෙනස්කිරිමට උත්සහ දරනු වෙනුවට තම දේශපාලනීය පාක්ෂිකභාවයේ නැඹුරුව මත මෙම තර්ක හා අර්ථකථන සාධාරණීකරණය කරගෙන ආගමික ඇදහිල්ලක් මෙන් ප්රශ්ණ නොකරන විශ්වාසයකින් නිද්රාශීලීව මෙම ව්යසනයට උඩගෙඩි දීමයි. (මෙය කලාව, කලාව සදහාද? කලාව ජනතාව සදහාද? යන පැරණි ඇරිස්ටෝටලියානු විසංවාද අහෝසිවී කලාව එදා වේල සදහා යන නව පරමාදර්ශ ආදේශ වී අධිනිශ්චය වන කොදෙව්වයි)

උක්ත අර්බූදකාරි වාතාවරණය තුල කලාව නිර්දේශපාලනීකරණය කර ගැනීම සඳහා කලාකරුවන් පෙරමුණ ගැනීම වෙනුවට රාජපාක්ෂික හිතවාදී කලාකරුවන්ට එරෙහිව ෆොන්සේකා හිතවාදී කලාකරුවන් බලමුලූ ගැන්වීමේ ජනප්රිය භාවිතාව, අපේක්ෂිත ඵලය වෙනුවට එහිම ප්රතිපක්ෂය අභිමුඛ කරවීමකි. මෙය මිලිටරි නායකයෙක් රාජ්ය නායකයා වුවහොත් රට මිලිටරිකරණය විය හැකි බවත්, එහි ආදීනවත් කියමින් එය වැලැක්වීම සඳහා බුරුතු පිටින් හමුදා නිළධාරීන් රාජ්ය පරිපාලන හා දේශපාලනික විශයෙහි ලා ස්ථානගත කිරීමේම අන්ය වේශයකි. ප්රංශයේ ඩිගෝල්ට එරෙහිව සාත්රේ ගේ අරගලයෙන් ඉතිහාසය විසින් ඩිගෝල්ට ඉහළින් සාත්රේව ඔසවා තබන්නේ ඔහු ඩිගෝල්ට එරෙහිව විපක්ෂ සන්ධානගත වීම වෙනුවට ජනතාවාදී අරගලයක් වෙනුවෙන් පෙරමුණ ගැනීම තම විකල්පය ලෙස තෝරා ගැනීම හේතුවෙනි.

ඒ හෙයින් කළ යුතු වන්නේ මහින්ද රාජපක්ෂ හා සරත් ෆොන්සේකා අඹුසැමි ගැටුම ජාතික තලයේ ප්රශ්ණයක් ලෙස ඔසවා තබා එම අර්බුදය ඛෙදුම් ඉර කොට ගෙන ප්රතිපක්ෂ ගතවී එකිනෙකාට එරෙහිව අවි අමෝරා ගැනීම නොව, එක පෙළට සිට කලාවේ හා සමාජීය අර්බුදයන් වෙනුවෙන් බලපෑම් කණ්ඩායමක් මෙන් නැගී සිටීමට කලාව තුළින් උපයාගත් සංඛේතීය ප්රාග්ධනය ආයෝජනය කිරීමයි. එය එසේ වූවා නම් අක්ෂරය තහනම සම්බන්ධයෙන් අශෝක හඳගමටත්, ඔස්කාර් සම්මාන උළෙලේ ආකාස කුසුම නියෝජනය නොකිරීම සම්බන්ධයෙන් ප්රසන්න විතානගේටත් අසාධාරණයක් නොවීමට අවකාශ තිබූ අතර එම අවකාශය අහිමි වී යෑමෙන් තහවුරු කෙරෙන්නේ මෙම සංවේදීය කලාකරුවන්ගේ නග්න භාවයයි. තමනුත් සම්බන්ධ නිර්මාණයකම සහෝදර ශිල්පියෙකුට වන අසාධාරණයකදීවත් සංවේදී නොවී අධ්යාත්මිකව මියෙන මෙම කලාකරුවන්ගේ අසංවේදීභාවය ලෙස මතුවු රෝග ලක්ෂණය සදහා උත්ප්රේරක රෝග කාරකය අවස්ථාවාදි දේශපාලනය බව හදූනා ගැනිමට පශ්චාත් මරණ පරික්ෂණ අවශ්ය නොවේ.

කලාකරුවා සංවේදි විය යුතු බවට විවාදයක් නැති අතර එය අවියෝජනීයම කාරණයක් බවට පෙරලෙන්නේ කලාව මගින් කෙරෙන සමාජ ප්රක්ශේපනය යනු නිර්මාණකරුවා සමාජීය වශයෙන් අත්විඳි සියලූ ප්රතිවිරෝධතා හමුවේ ගැලවීමට දරන අවිඥනික උවමනාවේම කැඩපත් රූප වීමෙනි. ඒ හෙයින් ඔහුගේ හෝ ඇයගේ සමාජ සංවේදිභාවය අහෝසිවන නිශ්චිත මොහොතේම කලාකරුවෙකු ලෙස උපයා ගත් සිවිල් බලය උපයෝගි කරගෙන ජනමතය ගොඩනැගීමට ඇති අයිතියද අහෝසි වේ.

ඒ අර්ථයෙන් පොලිසිය, අධිකරණය, රාජ්ය පරිපාලනය නිර්දේශපාලනීකරණය කිරීම තරම්ම කලාව නිර්දේශපාලනිකරණය කිරීම ජාතික අවශ්යතාවයක් බවට පත්වී ඇති අතර, එය එසේ වන්නේ පොදු ජන මතය ගොඩනැගීමෙහිලා හා එම මතය දිශානුගත කිරීමෙහිලා කලාවට ඇති ශක්යතාවය සියල්ල අහිමි වී යමින් තිඛෙන කොදෙව්වේ තවමත් පූර්ණ වශයෙන් අහෝසි වී නොමැති තත්වයක් තුලය.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sri Lankan Artists, Sri Lankan Presidential Election 2010, Mahinda Rajapaksha, Sarath Fonseka, Indika Udugampola
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ඉන්දික උඩුගම්පොලගෙන් තවත් වියමන්
පොත්
හදවත් උගුල්ලා කුරුල්ලන් ඉගිල්ලවීම
පොත්
මහනාම හාමුදුරුවන්ට යක්ෂණි අභිමුඛවීම
පොත්
වැලන්ටයින්ට සිද්ධාර්ථ මුණගැසීම
පොත්
අවජාතක තාරුණ්‍යය බත්තලංගුණ්ඩුව ට පලා යෑම
පොත්
මධුවිතට පසු සටහන
තවත් අදහස් බූන්දි
හිත් මත බර අඩි තබමින් "සහෝදරයා" නික්ම ගිය පසු...
ආදරණීය රෝහණට හෙවත් ඉස්සර රෝහණට
නයනහාරී නිමේෂ
මල්තුහින නොවේ මේ යාපනේ - இவைகள் யாழின் பனித்துளிகள் அல்ல
ඔටුවන් එක්ක නිදිවදින "බල්ලොත් එක්ක" බෑ.....!
BoondiLets
ඇල්ෆ්‍රඩ් හිච්කොක් කියයි.
සිනමා පටයක "දිග" යනු, මිනිස් මුත්‍රාශයේ දරා සිටීමේ හැකියාව සමග සෘජු ලෙස සම්බන්ධ කොට සැලකිය යුත්තකි!
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook