Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
පොත් බූන්දි
ශක්තිකගේ කළු මකරා- විමසුමක්
බූන්දි, 22:00:12
ශක්තික සත්කුමාර සිය දෙ වන කෙටිකතා සංග්‍රහය කළු මකරා නමින් එළිදක්වා ඇත. ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ විශේෂවේදී සිංහල විෂය හදාරමින් සිටින තෙවන වසර ශිෂ්‍යයෙකි. මෙම තරුණ කලාකරුවා සිය නිර්මාණය දෙස බලන අයුරු කෘතියේ සංඥාපනයෙහි මෙසේ දක්වා තිබේ: “මේ මාගේ නිර්මාණ දිවියේ අභ්‍යාස කාලයයි. “සිව්වන පරපුර” මෙන් ම “කළු මකරා” ද ඒ අභ්‍යාසවල ප්‍රතිඵල පමණි.” සාහිත්‍යය සම්බන්ධයෙන් බරපතළ අධ්‍යයනයක අවශ්‍යතාව ගම්‍ය කෙරෙන එම ප්‍රකාශය කලාකරුවාගේ නිහතමානීත්වයට දෙස් දෙන මුත් එකී ප්‍රකාශය න්‍යායික දෝෂයකින් කැලැල් ව ඇත. සාහිත්‍යකරුවකුගේ නිර්මාණ ජීවිතය “අභ්‍යාස කාලය” සහ “පරිණත කාලය” ලෙසින්-

-ඛණ්ඩනය කළ නො හැකි ය. මන් ද ඔහුගේ සෑම නව නිර්මාණයක් ම නව්‍ය අභ්‍යාසයක් බැවිනි. ඔහු තමාට අභිමුඛ වන නව්‍ය අන්තර්ගතයන් විනිවිද දකින්නට ප්‍රයත්න දරයි; එම අත්දැකීම් කලාත්මක ව ප්‍රකාශයට පත් කරනු වස් පවතින කලාත්මක තාක්ෂණය සමතික්‍රමණය කරයි. එහෙයින් කලාකරුවකුගේ නිර්මාණ අභ්‍යාසයට නැවතුමක් නැත. එය එක ම දීර්ඝ අභ්‍යාසයකි. ඔහු තමාගේ ම පූර්ව නිර්මාණ ද තත්කාලීන ලෝක සාහිත්‍ය නිර්මාණ ද ඇසුරු කරමින් ඒවා ඉක්මවා යෑමට අඛණ්ඩ ව වෙර දරන්නෙකි. මේ කරුණ ඉස්මතු කිරීම අවශ්‍ය වනුයේ කලාකරුවකු සිය කෘතිය තම අභ්‍යාස කාලයට අයත් එකක් ලෙස සංලක්ෂණය කර ගැනීමේ බරපතළ අනතුරක් ඇති බැවිනි. ඒ අනතුර නම් සිය කෘතියේ ගුණාත්මක භාවය පිළිබඳ ව අත්‍යවශ්‍ය වූ බරසාර ආකල්පයක් නො ගෙන එය සැහැල්ලුවෙන් සැලකීමට ඉන් ඉඩ හසර පෑදීමයි. එය කලාකරුවා අගාධයකට ඇද දමයි.

මෙතතු තුළ අප ශක්තික සත්කුමාරගේ කළු මකරා දෙස බලනුයේ එය වත්මන් කෙටිකතා සාහිත්‍යය තුළ ඔහු දැනට ස්ථානගත වී ඇති ලක්ෂ්‍යය පෙන්නුම් කරන්නක් ලෙසින් විනා අන් අයුරකින් නො වේ. යම් තනි කලාකරුවකුගේ කෘතියක් ඇගයීමේ දී ඔහුගේ සමස්ත නිර්මාණ චර්යාව තුළ බහා එය ඇගයීම අවශ්‍ය ය. එහෙයින් පළමු කොට ම අපි මෙම ප්‍රශ්නය නඟමු: ශක්තික සත්කුමාර සිය “සිව්වන පරපුර” කෘතියේ සිට “කළු මකරා” කරා ඒමේ දී වර්ධනයක් අත්පත් කර ගෙන තිබේ ද? නැත හොත් සිදු වී ඇත්තේ පසුබෑමක් ද? එසේත් නැත් නම් එක තැන පල්වීමක් ද?

“සිව්වන පරපුර” වැඩවසම් පසුගාමී දෘෂ්ටියකින් හෙබි කෘතියකි. “කළු මකරා” වෙත එන විට ශක්තික මෙම දෘෂ්ටියෙන් බොහෝ සෙයින් මිදී තිබීම සතුට ගෙන දෙයි. එහෙත් යකාගල නම් කෙටිකතාව, තව මත් ඔහු තුළ ශේෂ ව ඇති එම පසුගාමී චින්තනයේ ම ඵලයක් බව කිව යුතු ය. කූඹියා සහ සමාව යන කෙටිකතා දෙක ද මේ පළමු කෘතියේ කෙටිකතාවල සීමාවෙන් ඔබ්බට ගිය බවක් නො පෙනේ. නමුත් සමස්තයක් වශයෙන් ගත් කල කෙටිකතාවන්හි දෘෂ්ටිමය පක්ෂයත් කලාත්මක භාවයත් අතින් “කළු මකරා” සාපේක්ෂ ව ඉදිරි පියවරකි.

තාත්තා- මෙම කෙටිකතාව, ගමට සහ ගමේ දේපළවලට පැරණි පරම්පරාවේ ඇති බැඳීමත් අලුත් පරම්පරාවේ වෙනස් වූ සිතුම් පැතුම් සහ නාගරික අවශ්‍යතාත් අතර ගැටුම වස්තු විෂය කර ගනී.
“අපි කොහොම හරි තාත්තාව කැමති කරගමු අපේ ගෙදර යන්න. ඊට පස්සේ හිමින් සැරේ මේ ගේයි ඉඩමයි විකුණලා දාන්න බැරියැ. මේවා තිබුණා කියලා වැඩකුත් නෑනේ. මේ සල්ලිවලින් අපට...”
“නිමන්ති, තාත්තා කැමති නෑ එහෙ යන්න,” මම ඇයට බාධා කළෙමි.

කථකයා වන නිමල් සහ ඔහුගේ බිරිඳ අතර ඇති වන මෙම දෙබස තුළ කතාවේ සාරාර්ථය ම කුළු ගැන්වී තිබේ. බිරිඳගේ ( පසු ව හෙළි වන පරිදි වාහනයක් ගැනීමේ) යෝජනාවට සැමියා බාධා කළ ද ඔහුගේ සිත යට ඇති රහස් සතුටත් එකඟතාවත් අපට පෙනෙයි. එහෙත් කතුවරයා මෙම ගැටුම ගැඹුරින් ගවේෂණය කිරීමට වෙහෙසක් නො දරයි; පියාගේ ගමට ඇති බැඳීමේ මූලයන් කවරේදැයි නො විමසයි. දරුවන්ගේ වෙනස් වූ අවශ්‍යතාවන්හී පදනම් කරා ද පිවිසෙන්නේ යම්තමිනි. අනවශ්‍ය කෙටි සිදු වීම් හා දෙබස් ඇතුළත් කිරීමෙන් කතාවේ ඒකමිතික භාවයට හානි වී තිබේ. අවසානයේ එන පියාගේ මරණයෙන් කතාවට එන ආලෝකය කුමක් ද? ගමෙන් යාමට පියා කැමති වූ මොහොත නො වේ ද තීරණාත්මක ලක්ෂ්‍යය වන්නේ?

කළු මකරා- දියණියක කෙරෙහි පියකු තුළ ඇති වන රාගික හැඟීම්වල ඝෝර ස්වභාවය කඵ මකර සංකේතයෙන් එළිමහනට ගැනීමට කතුවරයා උත්සුක වෙයි. මේ කතාව කියවීමේ දි අපට කේ.කේ. සමන්කුමාරගේ සර්පයකු හා සටන් වැද නම් කෙටිකතාව සිහියට නැගෙයි. එහෙත් මේ කතා දෙකේ වෙනසක් වෙයි. සමන්කුමාරගේ කතාවෙහි පියාත් පසු ව දියණියත් කාමරාගයට නතු වෙති. ශක්තිකගේ කතාවෙහි එන පියා කාමරාගය මැඬ ගෙන පලා යාමට සමත් වෙයි. මෙලෙස පියකු දියණියක කෙරෙහි කාමාශක්ත ව ඊට වහල් වීම හෝ එය මැඬ ගැන්ම අහඹු සිද්ධීන් නො වේ. එම චරිත හැඩ ගැසෙන සමාජ සංස්කෘතික පසුබිම විසින් නිර්ණය කෙරෙන්නකි. මෙම කතා ද්වයෙහි ම එකී සමාජ සංස්කෘතික බලපෑම ගණන් නො ගැනීම මඟින් “අදහස් අහසින් වැටෙන්නේ ය” යන විඥානවාදී ආස්ථානයේ රැඳේ. ශක්තික සත්කුමාර වර්තමාන මධ්‍යම පාංතික පවුල්වල නෝනාවරුන් ආගමික ව්‍යාපෘතීන් කරා ඇදී යාමෙන් එකී පවුල් තුළ ජනිත වන ව්‍යකූලත්වය ග්‍රහණය කිරීම ප්‍රශංසා කටයුතු ය. පියා නිල් චිත්‍රපට බැලීම ද අවසානයේ සිය දියණියන් කෙරෙහි කාමවේග ඇති කර ගැන්ම ද මෙම ව්‍යාකූලත්වයේ ම ප්‍රකාශනයන් ලෙස ගෙන ඒම සාධනීය ය. එහෙත් ප්‍රශ්නය තව මත් ශේෂ වී පවතී. ඔහු ඒ සා බලවත් කාමවේගයක් මැඬ ගැනිමට තුඬු දුන් හේතුප්‍රත්‍යයන් කවරේ ද? එවැන්නකට තුඩු දුන් පංති මූලයන් කවරේ ද?

ගම හැර (නො)යෑම- මෙය දැදුරු ඔය ජලාශය සෑදීම නිසා ගම්බිම් අහිමි වීමත් හුරුපුරුදු ජීවන රටාවෙන් මිනිස් ජීවිත උගුළුවා දැමීමත් වස්තු විෂය කර ගත් කෙටිකතාවකි. මිනිස් ජීවිත ව්‍යසනයකට ඇද දමමින් ඒ ගැන අල්පමාත්‍ර තැකීමකින් තොර ව කෙරෙන මෙබඳු ධනේශ්වර ව්‍යාපෘතීන්ගේ යථා ස්වභාවය ගවේෂණය කිරීමට යොමු වීම අගය කළ යුතු වේ. එහෙත් වන්දි ගෙන අලුත් ඉඩම් කරා ගිය අය මුහුණ දෙන දහසකුත් එකක් ප්‍රශ්නත් ඒවායින් ධනේශ්වර රාජ්‍යය කර ඇරීමත් නොවිමසීම මඟින් තේමාවේ ගැඹුරු බව අඩු වී තිබේ. යථාර්ථය විනිවිද සාරය කරා කිමිදෙමින් කතාවේ තේමාත්මක ගැඹුර අත්පත් කර ගනු වෙනුවට කතුවරයා කතාව අවසානයේ බලහත්කාරී අමුතු ආඛ්‍යාන රටාවකට එළඹෙමින් නොමඟ යයි.

ගිහි චාරිකාව- විවාහ වීමේ අනාගත අපේක්ෂා සහිත ව චීවරධාරියකු සමඟ ගෙන යන ප්‍රේම සම්බන්ධය රැවටීමකින් කෙළවර වන අයුරු මෙහි ලා චිත්‍රණය වෙයි. ශක්තිකගේ කලාත්මක ප්‍රතිභාණයට දෙස් දෙන අවස්ථාවක් මෙහි එයි. හාමුදුරුවන්ගේ වංචාකාරී බව යුවතියට වැටහෙන අවස්ථාව ඔහු නිරූපණය කර ඇති අයුරු බලන්න:
“ලොකු හාමුදුරුවන්ගේ තුන්මාසෙ දානෙ දවසට මට මේ පන්සලේ විහාරාධිපතිකමයි, පළාතේ ප්‍රධාන සංඝනායක පදවියයි ලැබෙන්න යන්නෙ ...” කහපාට තුවායකින් සැරසුණු ඔහු සිගරැට්ටුවක් දල්වා ගත්තේ ය. හිස දැවුණු ගිනිකූර ටයිල් පොළවට වැටුණි. ඒ අසල සිගරැට් ෆිල්ටරයක් ද විය. (දැවුණු ගිනිකූර ගැන කීම සෑහේ. ෆිල්ටරය ගැන කීම අතිරික්තයකි- ජ.පි.)

“එතකොට මට මොකද වෙන්නෙ.” මම ඇඳ මතින් නැඟී සිට එහි පාමුල වැටී තිබූ පෑන්ටිය ඇඳ ගතිමි.
“ඔයාට මොකක් වෙන්න ද? මම ඔයාට ගේ හදන්න උදව් කරා වගේ ඇමති තුමාට කියල ගුරු පත්විමකුත් හදල දෙන්නම්...”
එහෙන් මෙහෙන් ඇඳුම් ටික පටලවා ගත් මම ලැගුම් ගෙයින් එළියට විත් පාර දෙසට දුවන්නට වීමි.
ශක්තිකගේ බොහෝ කෙටිකතා අනවශ්‍ය සංක්ෂිප්ත භාවය නිසා දුර්වල වී ඇති බව පෙනේ. (පුවත් පත්වල සීමිත ඉඩකඩට සරිලන සේ ලිවීම නිසා?) මෙම කතාව ඊට හොඳ ම නිදසුනකි.

බාප්පා- මෙය මේ කෙටිකතා සංග්‍රහයේ එන කතා අතරින් සාපේක්ෂ ව හොඳ ම කතාවයි. ඈත ගම්වල ගඩොල් කැපීමට ගොස් සති මාස ගණන් එහි හිර වන පළමු සැමියා ඇය අත හැර වෙනත් කාන්තාවක හා ගිය පසු බිරිඳ අසරණ වෙයි. ඇය සරණ පතා තමා වැඩ කළ ගල් වලේ සුමනෙ වෙත නැඹුරු වෙයි. ඔහුට දාව දරුවකු ලැබීමට යන ඇය සිය නිවහනේ පදිංචියට එන ලෙස සුමනෙගෙන් ඉල්ලා සිටී. ඇය මේ අලුත් ලාලසාවත් ජීවිතයට ලකලෑස්ති වන අන්දම කතුවරයා ඉතා ළගන්නාසුලු අයුරින් නිරූපණය කර ඇත්තේ මෙසේයි:

“උඹලගෙ බාප්පා ආවටවත් පස්සෙ... මේකෙ පොල්අතු ටික අලුතෙන් බැඳල දාන්න ඕනෑ...” මකුළු දැල් කඩන අතර අම්මා කීවා ය. සවස අම්මා මා සමඟ විඡේතිලකලාගේ කඩයට ගොස් සිල්ලර ගත්තා ය. අල, පරිප්පු, සැමන් ආදිය ඒ අතර විය. බිම් කළුවර වැටීමටත් පෙර අම්මා කුස්සියට වැදී ලහිලහියේ ම රෑ කෑම පිළියෙල කරන්නට වූවා ය.

“පුතේ... මං ළිඳට ගිහින් ඉක්මනට එන්නම්. පුතා තව ටිකකින් ඔය කුප්පි ලාම්පු දෙක පත්තු කරන්නකෝ...”
එහෙත් මේ ආලෝකය ඇගේ ජීවිතයට නො ලැබෙයි. ඔවුන්ට එක් වන්නට බැරි මන්දැයි සිතන්නට පාඨකයා පෙළඹෙයි. ගැමි සමාජ- සංස්කෘතික තහංචිවල පීඩනය අපට දැනෙන්නට පටන් ගනී.

පිළිගැනීමේ කතාව- කුදු මහත් හැම දෙයක් ම දේශපාලනීකරණය වී ඇති සමාජයක ප්‍රතිපත්ති ගරුක පුද්ගලයකු මුහුණ දෙන මානසික ගැටුම මෙම කෙටිකතාවට වස්තු විෂය වෙයි. සමස්ත අත්දැකීමෙහි ඇති අභව්‍ය ස්වභාවය නිසා මෙම ප්‍රබල තේමාව විදාරණය කිරීමට කතුවරයා අපොහොසත් වෙයි. කතාවේ අවසානය පවා බලහත්කාරී එකක් වන්නේ එබැවිනි.

අවුරුදු- විරැකියාවෙන් පෙළෙන කථකයා, රැකියාවක් නැති කම නිසා යුද්දෙට ගිය ගාමිණී, සුදු වෑන් රථයකින් පැහැර ගෙන ගිය වෛද්‍යලිංගම්, හිඟන මිනිසා ආදීහු මේ ධනේශ්වර ක්‍රමයේ නිෂ්පාදිතයෝ වෙති. එහෙත් මේ චරිත එක මත එක කඳු ගැහීමෙන් ඒවා උද්භවයට තුඩු දුන් සමාජ තතු හෝ ඒ සාමාජික විෂය ආශ්‍රිත මනෝ භාවයන් හෝ අප තුළ ජනනය වන්නේ ද?

ශක්තික ගන්නා නිර්මාණ වෙහෙස මඳ බව අපේ වැටහීම ය. තමා ප්‍රකම්පනයට පත් වූ සාමාජික අත්දැකීමෙහි මනෝභාවික සහ ඥානමය අංශද්වය ම කෙරෙහි සාවධාන වෙමින් ඉවසිලි සහගත නිර්මාණ භාවිතාවක යෙදෙන්නේ නම් ඔහුට දීර්ඝ ගමනක් යා හැකි ය.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- "Kalu Makara" a collection of Sinhala Short Stories by Shakthika Sathkumara
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Chathuranga Jeewanthi මෙහෙම කියනවා :
That's right .niranthara abyasaya thamai nirmana karuwa parinatha karanna.athakota thamai apuurwa nirmana behiwenna.a nisa sathathaabyasaya i prathibawai kandanaya kala nohaki.

@FB


කිවුව වෙලාව- 2010-07-26 02:08:14
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ජස්ටින් පියරත්නගෙන් තවත් වියමන්
අදහස්
එරික් ඉලයප්ආරච්චිගේ විචාර භාවිතාවේ දිශානතිය සලකුණු කිරීමක්| දෙවන කොටස
අදහස්
එරික් ඉලයප්ආරච්චිගේ විචාර භාවිතාවේ දිශානතිය සලකුණු කිරීමක්| පළමු කොටස
තවත් පොත් බූන්දි
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
මී පුප් සේ රස 'හෑල්ල'
BoondiLets
පියදෝර් දොස්තෝව්ස්කි කියයි.
පව්කාරයෙකුට චෝදනා කොට පිළිකෙව් කිරීම තරම් පහසු අන් කිසිවක් නැත. එපරිදිම, පව්කාරයෙකු තේරුම් ගැනීම තරම් අපහසු අන් කිසිවක් ද නැත!
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook